Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner ශ්‍රී ලංකා මොටෝක්‍රොස් පිල මැලේසියාවට

ශ්‍රී ලංකා මොටෝක්‍රොස් පිල මැලේසියාවට

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු මොටෝක්‍රොස් යතුරුපැදි ශූරතාවලියට සහභාගි වන ක්‍රීඩකයන් 5 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (22 වැනිදා) රාත්‍රීයේදී මැලේසියාව බලා පිටත්ව ගියේය.

අන්තර් ජාතික යතුරුපැදි සම්මේලන සංවිධානය කරන මෙම තරගාවලියේ පළමු සහ දෙවැනි අදියර මේ මස 27 සහ 28 යන දිනවල මැලේසියාවේ කුවාලා ටෙරෙන්ගනු නගරයේදී පැවැත්වේ.

ගයාන් සඳරුවන්, ඉවෝන් බී. ගුරුසිංහ, බුද්දික කසුන් සිල්වා, ඩී.එම්.ඩී. කල්හාර, තාරුක රුමීෂ සිල්වා සහ ස්ටීවන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයෝ මෙම තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළත්ව සිටියහ.

කෙසේ වුවත් එම ක්‍රීඩකයන් අතර සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන ගයාන් සඳරුවන්, නොවැලැක්විය හැකි හේතුවෙන් නිසා අවසන් මොහොතේ තරගාවලියට සහභාගි වීමෙන් වැලකී සිටීමට තීරණය කර තිබේ.

ඉවෝන් බී. ගුරුසිංහ සහ බුද්දික කසුන් සිල්වා විවෘත කාණ්ඩය යටතේද, ඩී.එම්.ඩී. කල්හාර, තාරුක රුමීෂ සිල්වා සහ ස්ටීවන් ප්‍රනාන්දු කනිෂ්ඨ (වයස 12 සිට 14 දක්වා) කාණ්ඩය යටතේද තරගාවලියට සහභාගි වෙති.

උක්ත කණ්ඩායමෙන් කොටසක් සිය කාර්මික ශිල්පීන් සහ සහායක කණ්ඩායම් සමග ඊයේ රාත්‍රීයේදී දිවයිනෙන් පිටත්ව ගිය අතර සෙසු ක්‍රීඩකයන් හෙට (24 වැනිදා) පෙරවරුවේදී දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

මේ මස 26 වැනිදා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් තරගාවලිය ආරම්භ වන  අතර ඒ සඳහා ආසියානු රටවල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් විශාල පිරිසක් සහභාග වීමට නියමිතය. ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනයේ නියෝජිතයන් දෙදෙනෙක්ද නිලධාරීන් ලෙස මෙම තරගාවලියට සහභාගි වෙති.


ඡායාරූප - ශානුක අරවින්ද
 

 


අදහස් (0)

ශ්‍රී ලංකා මොටෝක්‍රොස් පිල මැලේසියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.