Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී අනිද්දා (30 වැනිදා) පැවැත්වෙන ‘ගජබා සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරා ගැනීම සඳහා මේ වන විට කී‍්‍රඩකයන් තිදෙනකු අතර තුන්කොන් සටනක් නිර්මාණය වී තිබේ.
ඉකුත් වසරේ පැවැති ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේදී දක්ෂතම යතුරුපැදිකරුවාට හිමි කිරුළ තමන් සතුකර ගැනීමට ෂෙහාන් සී. අධිකාරි සමත් වූ අතර මේ වසරේදී එම කිරුළ ඔහුගෙන් ඩැහැගැනීම සඳහා ඉෂාන් දසනායක සහ ඉන්දීය ජාතික කේ. පී. අරවින්ද් මාන බලමින් සිටිති.
මේ වසරේ පැවැති නරියා කන්ද සුපර් ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස කේ. පී. අරවින්ද් සම්මාන දිනාගත් අතර ගනර් සුපර් ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ඉෂාන් දසනායකත්, සීගිරිය රැළි ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ෂෙහාන් සී. අධිකාරිත් සම්මාන දිනාගත්හ.
ඉකුත් වසරේ පැවැති ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේදී ඉෂාන් දසනායකට දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමට තිබූ අවස්ථාව මඟහැරී ගියේ දෙවැනි තරගය අතර තුර ඔහුගේ යතුරුපැදිය කාර්මික දෝශයකට ලක්වීම නිසාය. ඒ වන විට ඔහු පළමු තරගයේ ජයග‍්‍රාහකයා බවට පත්ව සිටියේය.
ඒ අනුව මෙවර තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත් වීම සඳහා මෙම කී‍්‍රඩකයන් තිදෙනා අතර ඉතා තියුණු සටනක් පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.
යොවුන් කී‍්‍රඩකයන් වන ජැක් ගුණවර්ධන සහ ඉවෝන් බී. ගුරුසිංහ මෙන්ම නැගී එන කී‍්‍රඩකයකු වන බුද්ධික සිල්වාද තමන්ට ලැබෙන සුළු අවස්ථාවන්ගෙන් පවා ප‍්‍රයෝජන ගැනීමට සූදානමිව සිටින බැවින් ෂෙහාන්ට සිය ශූරතාව ඔවුන්ගෙන්ද ප‍්‍රවේශම් කරගැනීමට සිදුවනු ඇත.
හිටපු ජාතික මොටෝ ක්‍රොස් ශූර ගයාන් සඳරුවන් සහ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන ප‍්‍රබල කී‍්‍රඩකයකු වන සමීර ප්‍රෙමරත්නද මුහුණ දී සිටි ආබාධ තත්ත්වයන්ගෙන් සුවය ලබා මෙවර තරගාවලියට සහභාගී වීමට සූදානමින් සිටීම, ෂෙහාන්ගේ මානසික පීඩනය තවත් වැඩි කිරීමට හේතු වනු ඇත.
ඉකත් වසරේ පැවැති ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස ශූරතා දිනා සිටින ජනක ඩයස්ට මෙවර තරගාවලියේදී සිය ශූරතාව රැකගැනීම සඳහා අශාන් සිල්වාගෙන් දැඩි අභියෝගයක් එල්ල වී තිබේ.
ඉකුත් වසරේ පැවැති ගජබා සුපර් ක්‍රොස් තරගාවලියෙන් පසුව සියැට් - ස්ලාඩා ශූරතාවලියේ මේ දක්වා පැවැති කිසිදු තරගාවලියක දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීමට ජනක ඩයස් සමත් නොවීමත්, මේ වසරේ පැවැති නරියා කන්ද සුපර් ක්‍රොස් සහ සීගිරිය රැලික්‍රොස් තරගාවලි දෙකේම දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට අශාන් සිල්වා සමත් වීමත් ඊට ප‍්‍රධානතම හේතුව ලෙස දැක්විය හැකිය.
අශාන්ට අමතරව මේ වසරේ පැවැති ගනර් සුපර් ක්‍රොස් තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනා සිටින අරවින්ද පේ‍්‍රමදාසගෙන් ජනක ඩයස්ට එල්ල වන අභියෝගයද සුළුපටු එකක් ලෙස සැළකිය නොහැක.
කෙසේ වුවත් තමා නියෝජනය කරන සියැට් කණ්ඩායමේ තවත් සාමාජිකයන් දෙදෙනකු වන පසිඳු පීරිස් සහ උෂාන් පෙරේරාද දක්ෂතම මෝටර් රථ රියැදුරා තෝරාගැනීම සඳහා පැවැත්වෙන තරග දෙකට සහභාගි වීම ජනකට යම් තරමක අස්වැසිල්ලක් වනු ඇත.
ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය විසින් මේ වසරේදී පවත්වනු ලැබූ තරගාවලි තුන (නරියා කන්ද සුපර් ක්‍රොස්, ගනර් සුපර් ක්‍රොස් සහ සීගිරිය රැලි ක්‍රොස්) අවසානයේ ෂෙහාන් සී. අධිකාරි යතුරුපැදි අංශයෙන්ද, අශාන් සිල්වා මෝටර් රථ අංශයෙන්ද පෙරමුණේ පසුවෙති.
සියැට් - ස්ලාඩා ශූරතාව සඳහා වන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ තරග 2 සහ එම්. එක්ස්. කාණ්ඩයේ යතුරුපැදි තරග 2 ද ඇතුළත්ව ඉසව් 23 කින් මෙවර තරගාවලිය සමන්විත වන අතර ඊට මෝටර් රථ තරග 11 ක් සහ යතුරුපැදි තරග 12 ක් ඇතුළත් වේ.
ඉන්දීය යතුරුපැදිකරුවන් දෙදෙනකුද සමගින් මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිත තරගකරුවන් සංඛ්‍යාව 150 ක් පමණ වේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 14 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කටයුතු කරන තරගාවලියේ සම අනුග‍්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කරයි. තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය විජය පුවත්පත් ආයතනයෙනි.
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.