Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ වසරේ අප්‍රේල් මස 21 සහ 22 යන දින වලදී පැවැත්වීමට නියමිත 25 වැනි නරියාකන්ද සුපර් ක්‍රොස් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය සංවිධානය කිරීමේ අයිතිය ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයට පැවරීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා පියවර ගෙන තිබේ.
මේ වන විට මෝටර් රථ ක්‍රීඩා මවු සංගමයක් හෝ ඒ සඳහා නම් කරන ලද පාලනාධිකාරියක් බල පැවැත්වෙන්නේ නැති බැවින් මෝටර් රථ ක්‍රීඩාවට අදාල සියලුම තීන්දු තීරණ ගැනීමේ අයිතිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සතුව පවතී.
ඒ අනුව උක්ත තරගාවලියේ සම සංවිධායකත්වය මෙන්ම නරියාකන්ද ධාවන පථයේ හිමිකාරීත්වයද උසුලන යුද හමුදා විද්‍යාපීඨය සමග එක්ව මෙවර තරගාවලිය සංවිධානය කිරීම සඳහා ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයට අවස්ථාව හිමි වී තිබේ.
නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලියේ ආරම්භ සංවිධායකයන් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය 1993 සිට 2012 දක්වා වසර 20 ක් යුද හමුදා විද්‍යාපීඨය සමග එක්ව එම තරගාවලියේ සංවිධානය කළේය. අනතුරුව එම ක්‍රීඩා සංගමයෙන් ඉවත්ව ගිය පිරිසක් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය ලෙස නව ක්‍රීඩා සමාජයක් පිහිටුවා ගනිමින් නරියාකන්ද තරගාවලියේ සංවිධාන අයිතිය තම ක්‍රීඩා සංගමය වෙත පවරා ගැනීමත් සමග තත්ත්වය වෙනස් විය.
ඒ අනුව 2013 සිට 2016 දක්වා වසර 4 ක් තරගාවලියේ සංවිධාන අයිතිය ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය සතුව පැවැතිණ.
තම ක්‍රීඩා සමාජයට අහිමි වූ නරියාකන්ද තරගාවලියේ සංවිධාන අයිතිය නැවතත් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය නොයෙක් අයුරින් උත්සාහ ගත්තේය. එම උත්සාහයන්හි ප්‍රතිඵලයක් උක්ත ක්‍රීඩා සමාජ දෙකටම සාධාරණයක් වන පරිදි, ක්‍රීඩා සමාජ දෙක අතර වසරින් වසර සංවිධාන අයිතිය හුවමාරු කරගනිමින් තරගාවලිය පැවැත්වීම සඳහා අවසරය ලබා දීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
2015 වසරේ ඔක්තෝබර් මස 9 වැනිදා ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා මවු සංගමයට අනුබද්ධ සියලුම ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩා සංගම් සමග පැවැති රැස්වීමකදී එවකට ක්‍රීඩා අමාත්‍යංශයේ සිටි බලධාරීන් ඉහත තීරණයට එළඹ තිබේ. යුද හමුදාව සමග එක්ව සංවිධානය කරනු ලබන තරගාවලින්හි සංවිධාන අයිතිය වෙනුවෙන් ක්‍රීඩා සමාජ අතර ඇතිව තිබූ ගැටලුකාරී තත්ත්වයන් මැඩ පැවැත්වීමේ අරමුණින් එම රැස්වීම පැවැත්විණ.
එම තීරණයට අනුව අවසන් වරට (2016 වසරේදී) තරගාවලිය සංවිධානය කර ඇත්තේ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය වන බැවින් මේ වසරේදී එය සංවිධානය කිරීමේ අයිතිය ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයට හිමිව තිබේ.
තරගාවලියේ සංවිධාන අයිතිය ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයට පවරන බවට සහතික කරමින් යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කිරීමටද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබේ. තරගාවලිය පැවැත්වීම සඳහා එම සංගයමට නරියාකන්ද ධාවන පථය ලබාදෙන ලෙසත්, එහි සංවිධාන කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය දෙන ලෙසත් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
දැනගන්නට ඇති පරිදි එම ලිපියට යුද හමුදාවෙන්ද යහපත් ප්‍රතිචාර ලැබී ඇති අතර ක්‍රීඩා අමාත්‍යංශය බලය පවරන ඕනෑම ක්‍රීඩා සංගමයකට තරගාවලිය පැවැත්වීම සඳහා නරියා කන්ද ධාවන පථය ලබාදී, ඔවුන් සමග එක්ව තරගාවලිය සංවිධානය කිරීම සඳහා යුද හමුදාව සූදානමින් සිටින බවද යුද හමුදාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.
![]() |
![]() |
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.