Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ස්ලාඩාර් - ඒ. එම්. ආර්. සී.’ ශූරතාව වෙනුවෙන් තාර ඇතිරූ ධාවන පථයක පැවැත්වෙන වාර්ෂික මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී ද්විත්ව ශූරතා දිනාගැනීමට ඊසි රේසිං කණ්ඩායම නියෝජනය කළ සජාඞ් සුහේර් සමත් විය.
එහිදී හොණ්ඩා ඊ. ආර්. IV 1600 රථයක් පදවමින් එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ ශූරතාව දිනාගත් සජාඞ් සුහේර්, හොණ්ඩා ඊ. ආර්. II 1500 රථයක් පදවමින් එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ ශූරතාවද දිනාගත්තේය.
මෙම ශූරතාවලියේ ප‍්‍රධානතම මෝටර් රථ කාණ්ඩය වන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ශූරතාව දිනාගැනීමට අශාන් සිල්වා සමත්වූයේ මිට්සුබිශී ලාන්සර් එවොලූෂන් 2000 වර්ගයේ මෝටර් රථයක් පදවමිනි.
ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ (ඉන්දන විද්‍යුත් විසරණ) ශූරතාව චන්දිම ගුණරත්න සතු වූ අතර ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ (කාබියුරේටර්) ශූරතාව ලක්ෂික වීරසිංහ සතුවිය.
ෆෝඞ් ලේසර් 1300 වර්ගයේ මෝටර් රථයක් පැදවූ රොමේෂ් ගුණවර්ධන විසින් එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ ශූරතාව දිනාගන්නා ලදී.
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 1000 දක්වා වැඩි) යතුරුපැදි ශුරතාව දිනාගැනීමට බී. එම්. ඩබ්ලිව්. 1000 වර්ගයේ අධි බලැති යතුරුපැදියක් භාවිතා කළ යොවුන් කී‍්‍රඩක ප‍්‍රමුඛ සේසත් සමත් විය.
ප‍්‍රවීණ කී‍්‍රඩක සුරාජ් පෙරේරා, යමහා වයි. ඉසෙඞ්. 450 වර්ගයේ යතුරුපැදියක් භාවිතා කරමින් එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 450 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි ශූරතාව තමන් සතු කරගත්තේය.
ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය (ස්ලාඩාර්) සහ ආසියානු මෝටර් රථ කී‍්‍රඩා සමාජය (ඒ. එම්. ආර්. සී.) එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ පළමු සහ දෙවැනි අදියර කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැති අතර තෙවැනි අදියර පන්නල ධාවන පථයේදී පැවැත්විණ.
මෝටර් රථ ශූරතා
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ශූරතාව
අශාන් සිල්වා
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ ශූරතාව
සජාඞ් සුහේර්
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ ශූරතාව
සජාඞ් සුහේර්
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ ශූරතාව
රොමේෂ් ගුණවර්ධන
ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ (ඉන්දන විද්‍යුත් විසරණ) ශූරතාව
චන්දිම ගුණරත්න
ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි. ධා. 1300 දක්වා* මෝටර් රථ (කාබියුරේටර්* ශූරතාව
ලක්ෂික වීරසිංහ
යතුරුපැදි ශූරතා
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 1000 දක්වා වැඩි) යතුරුපැදි ශුරතාව
ප‍්‍රමුඛ සේසත්
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 450 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි ශූරතාව
සුරාජ් පෙරේරා
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.