Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner සෙබස්තියන් ලොබ් තුන්වැනි අදියරත් ජයගනී

සෙබස්තියන් ලොබ් තුන්වැනි අදියරත් ජයගනී

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


තිස් අට වැනි ඩකාර් රැළියේ තෙවැනි අදියර ජය ගනිමින් දෙවැනි වරටත් ජයග‍්‍රහකයන්ගේ පුවරුවේ ඉහළටම නැගීමට 9 වරක් ලෝක රැළි ශූරතාව දිනා සිටින සෙබස්තියන් ලොබ් ඊයේ සමත් විය.

පර්ජෝ වර්ගයේ රථයක් පදවාගෙන යන 41 හැවිරිදි සෙබස්තියන්ට ආජන්ටිනාවේ ටෙර්මාස් දි රියෝ හොන්ඩෝ සහ සැන් සැල්වදෝර් ද ජුජුයි යන නගර දෙක අතර පැවැති කිලෝ මීටර් 190 ක දුරකින් සමන්විත වූ තෙවැනි අදියර අවසන් කිරීම සඳහා පැය 2 යි විනාඩි 9 යි තත්ත්පර 39 ක කාලයක් ගතවිය.

ඉකුත් වසරේ පැවැති ඩකාර් රැුළියේ ශූරතාව දිනාගත් කටාර් ජාතික නසර් අල් අතියා, මිනි මෝටර් රථයක් පදවමින් පස්වැනියා ලෙස තෙවැනි අදියර අවසන් කළ අතර ඒ සඳහා සෙබස්තියන් ලොබ්ට ගතවූ කාලයට වඩා විනාඩි 6 යි තත්ත්පර 50 ක් අල් නසාර්ට වැය විය.

කෙසේ වුවත් නසර් අල් අතියා, එම අදියර අවසන් කළේ ලෝක රැළි ශූරතාවලියේදී සෙබස්තියන් ලොබ්ගේ ප‍්‍රබලම ප‍්‍රතිවාදියා වන ෆින්ලන්තයේ මිකෝ හිරෝනන්ට පසුපසිනි.  මෙය මිකෝ හිරෝනන්ගේද පළමු ඩකාර් රැළිය වන අතර ඔහුද මිනි මෝටර් රථක් භාවිතා කරමින් ඊට එක්ව සිටියේය.

”මගේ මෝටර් රථය හුගක් හොඳින් ගමන් කළා. මට ඒ ගැන හුගක් සතුටුයි. එය ඒ මොහොතේ හොඳට කි‍්‍රයා කිරීමට නිසා මා මහත් විනෝදයක් ලැබුවා” යැයි තෙවැනි අදියර ජයගැනීමෙන් අනතුරුව සෙබස්තියන් ලොබ් කියා සිටියේය.

හොණ්ඩා වර්ගයේ යතුරුපැදියක් භාවිතා කළ ආජන්ටිනාවේ කෙවින් බෙනවිඞ්ස් යතුරුපැදි අංශයේ තෙවැනි අදියර ජයගත් අතර තෙවැනි අදියර පළමු වැනියා ලෙස අවසන් කළත් විනාඩියක දඩුවම් කාලයක් හිමිවීම නිසා ස්පාඤ්ඤ ජාතික ජෝන් බැරඩා බෝර්ට්ගෙන් එම ජයග‍්‍රහණය ගිලිහී ගියේය.

හොණ්ඩා වර්ගයේ යතුරුපැදියක් භාවිතා කරන ජෝන් බැරඩා බෝර්ට්ට එම දඩුවම් කාලය නිසා තෙවැනි අදියරේ පස්වැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදුවූ අතර පෘතුගාලයේ පෝලෝ ගොන්සාල්වේස් (හොණ්ඩා) සහ ප‍්‍රංශයේ ඇන්ටෝනියෝ මේ ඕ (කේ. ටී. එම්.) පිළිවෙළින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පත්වූහ.


- 036

 


අදහස් (0)

සෙබස්තියන් ලොබ් තුන්වැනි අදියරත් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.