Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එදා මෙදා තුර ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළම ත්‍යාග මල්ල පිරිනැමෙන ‘2018 හච් ශ්‍රී ලංකා සුපර් සීරීස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි මාලාව කොළඹ මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ ප්‍රදර්ශනාගාර ශ්‍රවනාගාරයේදී ප්‍රකාශයට පත්කෙරිණ.
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය, ආසියානු මෝටර් රථ ක්‍රීඩා සමාජය සමග එක්ව සංවිධානය කරන මෙම තරගාවලි මාලාවේ දක්ෂතම මෝටර් රථ රියැදුරාට සහ දක්ෂතම යතුරුපැදිකරුවාට නවීන මෝටර් රථ දෙකක් පිරිනැමීමට නියමිතය.
එහිදී එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ ඉසව්වෙන් දක්ෂතම මෝටර් රථ රියැදුරා තෝරා ගැනෙන අතර එම්.එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 250 දක්වා) යතුරුපැදි ඉසව්වෙන් දක්ෂතම යතුරුපැදිකරුවා තෝරා ගැනේ.
එම මෝටර් රථ දෙකට අමතරව තරගාමාලාවේ සහාය මෝටර් රථ සහ යතුරුපැදි ඉසවු දෙකක ශූරයන් සඳහා නවීන යතුරුපැදි දෙකක් පිරිනැමිමටද සංවිධායකයෝ සූදානමින් සිටිති. එස්.එල්.එන්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ ඉසව්වේ ශූරයා බවට පත්වන ක්‍රීඩකයාට සහ එස්.එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 450 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි ඉසව්වේ ශූරයා බවට පත්වන ක්‍රීඩකයාට එම යතුරුපැදි දෙක පිරිනැමේ.
මෙවර සුපර් සීරීස් තරගාවලි මාලාවට බොරළු සහිත ධාවන පථයකදී පැවැත්වෙන තරගාවලි 5 ක් සහ තාර ඇතිරූ ධාවන පථයකදී පැවැත්වෙන තරගාවලි 5 ක් ඇතුළත් වේ.
නරියාකන්ද සුපර් ක්‍රොස්, කොළඹ සුපර් ක්‍රොස්, කැවල්රි සුපර් ක්‍රොස්, කමාන්ඩෝ සුපර් ක්‍රොස් සහ වලව සුපර් ක්‍රොස් තරගාවලි ඊට ඇතුළත් බොරළු සහිත ධාවන පථවලදී පැවැත්වෙන අතර කැන්වේ ඔටෝ ඩ්‍රෝම් තරගාවලියේ පළමු අදියර, ලයන්ස් ටොප් ස්පීඞ් තරගාවලිය, පන්නල රාත්‍රී මෝටර් රථ තරගාවලිය, කැන්වේ ඔටෝ ඩ්‍රෝම් තරගාවලියේ දෙවැනි අදියර සහ කටුකුරුන්ද මෝටර් රථ තරගාවලි තාර ඇතිරූ ධාවන පථවලදී පැවැත්වේ.
මෙම තරගාවලි අතරින් නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය සියලුම මෝටර් රථ ක්‍රීඩා සමාජ සහ සංගම් එක්ව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ සංවිධානය කෙරේ. අදියර දෙකකින් සමන්විත කැන්වේ ඔටෝ ඩ්‍රෝම් තරගාවලිය පැවැත්වෙන්නේ යතුරුපැදිකරුවන් සඳහා පමණි.
මෙතෙක් කලක් ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලැබූ වලව සුපර් ක්‍රොස් තරගාවලිය සහ කටුකුරුන්ද මෝටර් රථ තරගාවලියද, මේ වසරේ සිට ‘හච් ශ්‍රී ලංකා සුපර් සීරීස්’ තරගාවලි මාලාවට ඇතුළත් වීම එහි තරගකාරීත්වය තවත් වැඩි කිරීමට හේතුවනු ඇතැයි සංවිධායකයෝ කියති.
මෙවර ශ්‍රී ලංකා සුපර් සීරීස් තරගාවලි මාලාවේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස හච් ටෙලිකොමිනිකේෂන් ලංකා පුද්ගලික සමාගම කටයුතු කරයි. සම අනුග්‍රාහකයන් ලෙස මැක්සීස් ආයතනය සහ ස්ටැෆර්ඞ් මෝටර්ස් පුද්ගලික සමාගමත්, තෙවැනි සම අනුග්‍රාහකයන් ලෙස මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරය සහ ප්‍රමෝවොච් වෙළෙඳ ප්‍රචාරක ආයතනයත් කටයුතු කරයි.
මෙම තරගාවලි මාලාවේ ශූරතා දිනාගන්නා රියදුරන් සහ යතුරුපැදිකරුවන් සඳහා ත්‍යාග සහ සම්මාන පිරිනැමෙන සම්මාන රාත්‍රිය නොවැම්බර් මස 30 වැනිදා පැවැත්වීමට නියමිතය.
තරගාවලි කාලසටහන
![]() |
හච් ටෙලිකොමිනිකේෂන් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති කාමිල් හුසේන් මහතාට සහ ආසියානු මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සභාපති දිනේෂ් ජයවර්ධන මහතාට අනුග්‍රාහක චෙක්පත ප්‍රධානය කළ අයුරු... ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද ඡායාරූපයේ සිටියි. |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.