Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ෆොක්ස් හිල් හෙවත් නරියාකන්ද ‘සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය සංවිධානය කිරීම සඳහා ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයට පවරාදී තිබූ අයිතිය අවලංගු කරමින් ඒ වෙනුවෙන් 10 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා පියවර ගෙන තිබේ. නරියාකන්ද තරගාවලියේ සංවිධාන අයිතිය පිළිබඳ නවතම තත්ත්වය පිළිබඳව යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව දැනුම්දී තිබේ.
එම ලිපියට අනුව අලුතින් පත්කිරීමට නියමිත සංවිධාන කමිටුවේ ප්‍රධානියා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරන අතර ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේලනයට (ඔටෝ මොබයිල්) අනුබද්ධ ක්‍රීඩා සමාජ සහ සංගම් 9 ම එක් සාමාජිකයකු බැගින් එම කමිටුවට ඉදිරිපත් කළ යුතුය. තරගාවලිය පැවැත්වීම සඳහා අලුතින් පත්කිරීමට නියමිත සංවිධාන කමිටුවට නරියාකන්ද ධාවන පථය ලබාදෙන ලෙසත්, එහි සංවිධාන කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින බව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියේ සඳහන් වේ.
මින් පෙර උක්ත තරගාවලිය සංවිධානය කිරීමේ තනි අයිතිය ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයට පවරා දීමට තමා පියවර ගත්තද, ඉන් පසුව අනුබද්ධ ක්‍රීඩා සමාජ සහ සංගම්වල ඉල්ලීම සහ එකඟතාවය මත මෙම තීරණය ගත් බව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියේ අන්තර්ගත වේ.
ඒ අනුව ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයට මෙම තරගාවලිය සංවිධානය කිරීමේ අවස්ථාව අහිමිවන අතර එම සංගමය නියෝජනය කිරීම සඳහා සංවිධාන කමිටුවට එක් සාමාජිකයෙක් නම් කිරීමට පමණක් ඔවුන්ට අවස්ථාව හිමිව තිබේ.
සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සමාජය, මෝටර් රේසිං ක්‍රීඩා සංගමය, සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය, මීගමුව මෝටර් රථ ක්‍රීඩා සමාජය, ආසියානු මෝටර් රථ ක්‍රීඩා සංගමය සහ කොළඹ මෝටර් රථ ක්‍රීඩා සමාජය යන ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේලනයට අනුබද්ධ සෙසු ක්‍රීඩා සමාජ සහ සංගම්ද එක් සාමාජිකයකු බැගින් සංවිධාන කමිටුවට ඉදිරිපත් කළ යුතුය.
මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ සියලුම ක්‍රීඩා සමාජ සහ සංගම්වල එකඟතාව මත මෙම තීරණය ගත් බවත්, තමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව මගින් තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවීමට ගත් තීරණය ඉදිරියටත් බලපැවැත්වෙන බවත්ය.
තත්ත්වය එසේ වුවත් ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සහ ආසියානු මෝටර් රථ ක්‍රීඩා සංගමය එක්ව සංවිධානය කරන ‘ශ්‍රී ලංකා සුපර් සීරීස් 2017’ මෝටර් රථ සහ යතුරුපැදි ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරගාවලි මාලාවේ දෙවැනි තරගාවලිය ලෙස නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය නම් කර තිබීම පිළිබඳව බොහෝ දෙනා තුළ සැකයක් ඇතිවී තිබිණ.
ඒ පිළිබඳව කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති නිෂාන් වාසලතන්ත්‍රි මහතාගෙන් කළ විමසීමකදී වාසළතන්ත්‍රි මහතා මෙසේ පැවසීය.
“ෆොක්ස් හිල් තරගාවලියේ සංවිධාන කමිටුවට සුපර් සීරිස් ශූරතාවලිය සංවිධානය කරන ක්‍රීඩා සමාජ දෙකෙන්ම නියෝජිතයන් දෙදෙනකුම සහභාගි වන නිසා ෆොක්ස් හිල් තරගාවලියත් සුපර් සීරිස් ශූරතාවලියට ඇතුළත් කරගැනීම ප්‍රශ්නයක් නෙමෙයි...අනෙක ඒකට අපට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේත් අනුමැතිය ලැබිලා තියෙනවා”
“අපට විතරක් නෙමේ සියැට් ස්ලාඩාර් ශුරතාවලියටත් ඒකේ ප්‍රසාද ලකුණු එකතු කරගන්න පුළුවන්. එහෙම නොවුණොත් ඒක තරගකරුවන්ට කරන අසාධාරණයක්” යයිද වාසළතන්ත්‍රි මහතා වැඩිදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.