Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner 2019 දී හැමිල්ටන්ට අසීරු අභියෝගයක්

2019 දී හැමිල්ටන්ට අසීරු අභියෝගයක්

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ සති අන්තයේදී පැවැත්වෙන මෙල්බර්න් ගෝන් ප්‍රී තරගය වෙනුවෙන් පැවැති කාලය මැනීමේදී ෆෝමියුලා I කාණ්ඩයේ වත්මන් ලෝක ශූරයා වන බ්‍රිතාන්‍යයේ ලුවිස් හැමිල්ටන් පෙරමුණ ගත්තේය. මර්සිඩීස් කණ්ඩායම නියෝජනය කරමින් තරග වදින හැමිල්ටන් ඉතා පහසුවෙන්ම ෆෙරාරි කණ්ඩායමේ ක්‍රීඩකයන් අභිබවා ගියේය.

2019 ෆෝමියුලා කාණ්ඩයේ ගෝන් ප්‍රී මෝටර් තරගාවලිය ආරම්භ කරමින් මෙල්බර්න් ගෝන් ප්‍රී තරගාවලිය අනිද්දා (17 වැනිදා) පැවැත්වෙයි.

මෙල්බර්න්හි ඇල්බට් උද්‍යානයේ පැවැත්වෙන මෙම තරගයේ පුහුණුවීම් වලදී විනාඩි 1යි, තත්ත්පර 23.599 කින් වටය නිමා කළ හැමිල්ටන්, ඔහුගේ ප්‍රතිවාදියා වන සෙබස්තියන් වෙට්ල්ට වඩා තත්ත්පර 0.038 කින් ඉක්මන් වූයේය. වෙට්ල්ගේ ෆෙරාරි සගයා වන කෝඩුකාර චාල්ස් ලෙස්ලර්ක් පුහුණුවේදී තුන්වැනි වේගවත්ම රියදුරා වූයේ හැමිල්ටන්ට වඩා තත්ත්පර 0.074 ක් පසුපසට වැටෙමිනි. රෙඞ් බුල් කණ්ඩායම නියෝජනය කරන මැක්ස් වර්ස්ටැපන් සිව්වැනි වේගවත්ම රියදුරා වූ නමුත් ඔහු සහ ලුවිස් හැමිල්ටන් අතර විශාල පරතරයක් නොතිබිණ.  

කාලය මැනීමේදී ලද මෙම ප්‍රතිඵල වලින් ගම්‍ය වන්නේ මෙවරත් ෆෝමියුලා ෂ කාණ්ඩයේ තරගාවලිය ප්‍රධාන කණ්ඩායම් අතර බෙහෙවින් තරගකාරී එකක් විය හැකි බවයි. එය වඩාත් තහවුරු වන්නේ හැමිල්ටන්ගේ මර්සිඩීස් කණ්ඩායමේ සගයා වන වැල්ටෙරි බෝතාස් පස්වැනි වේගවත්ම රියදුරා වීමෙනි. ඇල්ෆා රෝමියෝ කණ්ඩායමේ කිමී රයිකෝනන් හයවැන්නා වූයේය.

ඕස්ට්‍රේලියානුවා වන ඩැනියෙල් රිකාඩියෝ කාලය මැනීමේදී තරග කරුවන් අතර 17 වැනියා වූයේය. ඩැනියෙල්ගේ රෙනෝල්ට් කණ්ඩායමේ සගයා වන නිකෝ හල්කන්බර්ග්ට පැයකට වැඩි කාලයක් පැත්තකට වී සිටීමට සිදුවූයේ ඔහුගේ රථයේ කාර්මික දෝෂයක් තිබූ බැවිනි. එහෙත් එය සකස් කරගැනීමෙන් පසුව ධාවන පථයට පිවිසි හල්කන්බර්ග් රියදුරන් අතර 10 වැනි වේගවත්ම කාලය වාර්තා කළේය.

වේගවත්ම රියදුරා වූ ලුවිස් හැමිල්ටන් සහ සෙබස්තියන් වෙට්ල් අතර පරතරය තත්ත්පරයෙන් 300 න් 1 කි. පුහුණු වීමේදී සටහන් කළ වේගය අනුව, 6 වැනි ස්ථානයේ සිට 15 වැනි ස්ථානය දක්වා මෝටර් රථ 10 ක කාල පරතරය ඇදහිය නොහැකි තරම් කුඩාය.

 


අදහස් (0)

2019 දී හැමිල්ටන්ට අසීරු අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.