Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner අශාන් - ජැක් සාලියපුරදී ශූරතා දිනති

අශාන් - ජැක් සාලියපුරදී ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2015 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවති 14 වැනි ‘ගජබා සුපර් ක්‍රොස්’තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස අශාන් සිල්වාත්, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ජැක් ගුණවර්ධනත් සම්මාන දිනාගත්හ.

යතුරුපැදි අංශයේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට ඉෂාන් දසනායක සහ ඉවෝන් බී. ගුරුසිංහ නියෝජනය කළ ‘ටී. වි. එස්.’ කණ්ඩායම සමත් වූ අතර ජනක ඩයස් සහ උපුල්වන් සේරසිංහ නියෝජනය කළ ‘සියැට්’ කණ්ඩායම මෝටර් රථ අංශයේ කණ්ඩායම් ශූරතාවට හිමිකම් කීවේය.

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ අදියර දෙකම ඉතා විශිෂ්ට ලෙසින් ජයගත් අශාන් සිල්වා දෙවැනි වරටත් ගජබා සුපර් ක්‍රොස් තරගාවලියක දක්ෂතම රියදුරාට හිමි සම්මානය තමන් සතු කරගත්තේය.

මින් පෙර ඔහු 2013 වසරේ පැවැති ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේද දක්ෂතම රියදුරා බවට පත් වී ඇත.

එම තරග දෙකේ දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා සියැට් කණ්ඩායම නියෝජනය කරන උෂාන් පෙරේරා, ජනක ඩයස්, පසිඳු පීරිස් සහ එක්සයිඞ් කණ්ඩායම නියෝජනය කරන අරවින්ද පේ‍්‍රමදාස අතර ඉතා තියුණු තරගයක් පැවැත්විණ. එහිදී තරග දෙකේම දෙවැනි ස්ථාන දිනාගැනීමට උෂාන් පෙරේරා සමත් වූ අතර තෙවැනි ස්ථාන දිනාගැනීමට ජනක ඩයස් සමත් විය.

පළමු තරගයේදී අනත-ුරකට ලක්වීම නිසා සිය මෝටර් රථය උඩු යටිකුරු වන ලෙස පෙරලූණිද, එය නැවතත් රෝද හතර මත පිහිටුවාගත් අරවින්ද පේ‍්‍රමදාස එහි 5 වැනි ස්ථානයට පත්විය.  

ගයාන් සඳරුවන්, ෂෙහාන් සී. අධිකාරි, ඉෂාන් දසනායක සහ ඉන්දීය ජාතික කේ. පී. අරවින්ද් වැනි ප‍්‍රබල තරගකරුවන් පසු පසට ඇද දමමින් එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු තරගය ජයගත් ජැක් ගුණවර්ධන, දෙවැනි තරගයේදී ෂෙහාන් සී. අධිකාරිට පමණක් දෙවැනි වෙමින් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්විය.

තවමත් 18 වැනි වියේ පසුවන යොවුන් කී‍්‍රඩක ජැක් ගුණවර්ධන, සියැට්-ස්ලාඩා ශූරතා තරගාවලියක දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූ පළමු අවස්ථාව මෙයයි.  

පළමු තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා ෂෙහාන් සී. අධිකාරි සහ ඉෂාන් දසනායක අතර ඉතා තියුණු තරගයක් පැවැතිණ. ඉන් ජයගත් ඉෂාන් දසනායක දෙවැනියා ලෙස තරගය නිමා කළේ ෂෙහාන් සී. අධිකාරි තෙවැනි ස්ථානයට පත්කරමිනි.

ඉන්දීය ජාතික කේ. පී. අරවින්ද්ට මෙම තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට නොහැකි වූ අතර ඔහුට දෙවැනි තරගයේ තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

අනතුරකට ලක්වීමෙන් පසුව සුවය ලබා, වසරකට පමණ පසු, නැවතත් තරග බිමට අවතීර්ණ වූ හිටපු ජාතික මොටෝක්‍රොස් ශූර ගයාන් සඳරුවන්ට ඔහු සහභාගී තරග දෙකේදීම සුපුරුදු දස්කම් දැක්වීමට නොහැකි විය. පළමු තරගය 5 වැනියා ලෙස අවසන් කළ ගයාන් දෙවැනි තරගයේදී ධාවන පථය මත ඇද වැටීම නිසා තරගයෙන් ඉවත්වීමට සිදුවිය.

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ තරග දෙකම ජය ගැනීමට  සජාඞ් සුහේර් සමත් වෙද්දී එම තරග දෙකේම දෙවැනි ස්ථාන දමිත් වීරසිංහ විසින්ද, තෙවැනි ස්ථාන සකීර් වහබ් විසින්ද දිනාගනු ලැබූහ.  

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරග දෙකෙන්ම ජය ලැබීමට ඉවෝන් බී. ගුරුසිංහ සමත්වූයේ එම තරග දෙකේදීම ශානුක සඳරුවන් දෙවැනි ස්ථානයට පත් කරමිනි.  

එම්. එක්ස්. කාණ්ඩයේ සන්නද්ධ සේවා (සි. ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි තරගය ජයගත් සමීර පේ‍්‍රමරත්න එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි තරගයේද දෙවැනි ස්ථානයට පත්වෙමින් දක්ෂතම සන්නද්ධ සේවා යතුරුපැදි ධාවකයා බවට පත්විය.

එස්. එල්. එන්. ෆෝඞ් ලේසර්/මැස්ඩා කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා තරගය සහ සි. ධා. 1500 දක්වා තරගය) තරග දෙකම ජයගැනීමට කුෂාන් පීරිස් සමත් වූ අතර ඔහුගේ ප‍්‍රබලම ප‍්‍රතිවාදියා වන ප‍්‍රවීණ මෝටර් රථ ධාවක උපුල්වන් සේරසිංහ පළමු තරගය සිව්වැනියා ලෙසත්, දෙවැනි තරගය දෙවැනියා ලෙසත් නිමා කළේය.

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 750 දක්වා) සුපිරි යතුරු පැදි තරග දෙකම ජය ගැනීමට සචිර රාජකරුණා සමත් වූයේ උදික ශ්‍රීමාල් මලවිගේ, ඉමාල් මංචනායක, ආනන්ද සම්පත් සහ ආනන්ද වෙඩිසිංහ වැනි එම ඉසව්වේ ප‍්‍රබල කී‍්‍රඩකයන් පරාජය කරමිනි.

ශ‍්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කටයුතු කළේය.

තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.

යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ඩයස් සහ ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දවුලගල යන මහත්වරු තරගාවලියේ ප‍්‍රධාන ආරාධිතයෝ ලෙස සහභාගි වූහ.

 


තරග ප‍්‍රතිඵල


එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං මොටෝක්‍රොස් යතුරුපැදි (සන්නද්ධ සේවා)

1 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
2 බුද්ධික සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
3 ඉන්දික බස්නායක (යමහා වයි. ඉසෙඞ්. 125)


එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීකරණය කරන ලද මෝටර් රථ

1 ඩබ්ලිව්. ඒ. ජී. රංගන (ෆෝඞ් ලේසර් 1050)
2 අජිත් කීර්ති (ඔස්ටින් මිනි 1050)
3 ඉර්ෂාඞ් ෆාහම් (නිසාන් මාර්ච් 1000)


එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 750 දක්වා) සුපිරි යතුරුපැදි පළමු තරගය

1 සචිර රාජකරුණා (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
2 ආනන්ද සම්පත් (හොණ්ඩා සි. ආර්. එෆ්. 450)
3 ආනන්ද වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)


එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ පළමු තරගය

1 සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. ජී. IV 1600)
2 දමිත් වීරසිංහ (හොණ්ඩා ඊ. ජී. IV 1600)
3 සකීර් වහබ් (හොණ්ඩා සිවික් 1600)


‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද
යතුරුපැදි පළමු තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)

1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. එක්ස්. 250)
3 ආර්. එම්. සෆ්රාස් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)


එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං මොටෝක්‍රොස් යතුරුපැදි

1 ඉෂාන් දසනායක (යමහා වයි. ඉසෙඞ්. 125)
2 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
3 මිතුන් ජයසංක සිගේරා (යමහා වයි. ඉසෙඞ්. 125)


එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
 
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1300)
2 ලලින් කිරින්දේ (ෆෝඞ් ලේසර් 1300)
3 රොමේෂ් ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1300)


එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ
 
1 ටිරෝන් හෙන්ඳාවිතාරණ (සුබාරු ලෙගාසි 2200)
2 මංගල පුෂ්පකුමාර (සුබාරු ලෙගාසි 2200)
3 ශිරෝන් ඩූල් (සුබාරු ලෙගාසි 2200)


ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) යතුරුපැදි (වයස අවුරුදු 10 න් පහළ)

1 නිම්න අභිෂේක් (යමහා පී. ඩබ්ලිව්. 50)
2 දේමිත ජයවර්ධන (යමහා පී. ඩබ්ලිව්. 50)
3 ගඟන ප‍්‍රනාන්දු (යමහා පී. ඩබ්ලිව්. 50)


එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස්
යතුරුපැදි පළමු තරගය

1 ජැක් ගුණවර්ධන (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
2 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)    
3 ෂෙහාන් සී. අධිකාරි (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)


එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ පළමු තරගය

1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 ජනක ඩයස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)


එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ

1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1500)
2 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)
3 තරිඳු ධර්මරත්න (මැස්ඩා ෆැමිලියා 1500)


එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) සන්නද්ධ සේවා යතුරුපැදි (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)

1 මධුර පීරිස් (කවසාකි කේ. ඞී. එකස්. 125)
2 නිහල් විජේරත්න (කවසාකි කේ. ඞී. එකස්. 125)
3 නදීර එදිරිසිංහ (කවසාකි කේ. ඞී. එකස්. 125)


එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 16 න් පහළ)

1 රුග්විද් බාබුජී (හොණ්ඩා සී. ආර්. එෆ්. 85)
2 බිනුල කිතලගම (හොණ්ඩා සී. ආර්. එෆ්. 85)
3 භානුක රත්නායක (කවසාකි කේ. එක්ස්. 85)


එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 750 දක්වා) සුපිරි යතුරුපැදි දෙවැනි තරගය

1 සචිර රාජකරුණා (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 උදික ශී‍්‍රමාල් මලවිගේ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 ආනන්ද සම්පත් (හොණ්ඩා සී. ආර්. එෆ්. 450)


එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ

1 සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. ආර්. II 1500)
2 කුෂාන් පීරිස් (හොණ්ඩා සිවික් 1500)
3 සකීර් වහබ් (හොණ්ඩා සිවික් 1500)


‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)

1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. එක්ස්. 250)
3 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)


ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත (ඞීසල්) මෝටර් රථ

1 රවී මායාදුන්නේ (ලෑන්ඞ් කෘසර් 300)
2 ඉන්දු සමරකෝන් (මිට්සුබිෂී පෙජරෝ 2800)


ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත (පෙට්‍්‍රල්) මෝටර් රථ

1 ඉෂ්රාක් වහබ් (මිට්සුබිෂී එවොලූෂන් 300)
2 සංජය සේදර සෙනරත් (මිට්සුබිෂී එවොලූෂන් 2800)


එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය

1 සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. ජී. IV 1600)
2 දමිත් වීරසිංහ (හොණ්ඩා ඊ. ජී. IV 1600)
3 සකීර් වහබ් (හොණ්ඩා සිවික් IV 1600)


එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය

1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 ජනක ඩයස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)


එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය

1 ෂෙහාන් සී. අධිකාරි (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 ජැක් ගුණවර්ධන (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 කේ. පී. අරවින්ද් (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)


ඡායාරූප - ළහිරු හර්ෂණ 


අදහස් (0)

අශාන් - ජැක් සාලියපුරදී ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.