Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවති 12 වැනි ‘ගජබා සුපර් ක්‍රොස්’තරගාවලියේ දක්ෂතම රියදුරා සම්මානය දිනාගැනීමට අශාන් සිල්වා සමත්විය. ඉන්දීය කී‍්‍රඩක සී. එස්. සන්තෝෂ් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන ලැබීය.
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ තරග දෙකේදීම ජය ලැබූ අශාන් සිල්වා, ඉන් නොනැවතී එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරග දෙකද විශිෂ්ට ලෙස ජය ගනිමින් තමන් සහභාගීවූ තරග ඉසව් 4 ම ජයග්‍රහණ 4 කින් නිමා කිරීමට සමත්විය. අවසන් වරට අශාන් මෙවන් දස්කමක් දක්වා තිබුණේ කුරුණෑගල, පාන්ගොල්ල ධාවන පථයේදී පැවති කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලියේදීය.
අශාන්ට යම් තරමක හෝ තරගයක් දීමට සමත්වූයේ ප්‍රවීන මෝටර් රථ රියදුරන් දෙදෙනකු වන මිස්සක නවීන් සහ අරවින්ද පේ‍්‍රමදාස පමණි. මිස්සක නවීන් එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) තරග දෙකේදී පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගත් අතර අරවින්ද පේ‍්‍රමදාස එහි දෙවැනි තරගයේ දෙවැනි ස්ථානයට පත්විය.
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරග දෙකම ජයගත් ඉන්දීය කී‍්‍රඩක සී. එස්. සන්තෝෂ් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්විය. සන්තෝෂ් නියෝජයනය කළ ටී. වී. එස්. කණ්ඩායමේ තවත් සාමාජිකයකු වන ඉශාන් දසනායක කළකට පසු තම සුපුරුදු දස්කම් අතරට පැමිණෙමින් එම තරග දෙකේම දෙවැනි ස්ථාන දිනාගැනීමට සමත්විය.
තරග දෙකේ මුල් වට කිහිපය නිම වනතුරුම සන්තෝෂ්ට වඩා ඉදිරියෙන් ගමන් කළ ඉශාන්ට, ඔහුගේ යතුරුපැදියේ හටගෙන තිබූ යාන්ති‍්‍රක දෝෂයක් නොවන්නට තරග දෙකම ජයගැනීමට පවා අවස්ථාව තිබිණ.
පුහුණුවීම් අතරතුර සිදුවී තිබූ ආබාධ තත්වයන් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමන් සිටි මොටෝක්‍රොස් තරග ඉසව්වේ ප්‍රබලම තරගකරුවා වන ගයාන් සඳරුවන්, අවසන් මෙහොතේ ගිලන්රථයකින් ධාවන පථයට පැමිණ තරගයට සහභාගීවූයේ පැමිණසිටි නරඹන්නන්ගේ දැඩි උද්යෝගමත් කිරීම් සහ පී‍්‍රතිඝෝෂා මැදිනි.
පළමු තරගය 7 වැනියා ලෙස අවසන් කළද ගයාන්ට දෙවැනි තරගයේදී ඉදිරියට යා හැකිවූයේ වට දෙකක් පමණී.
ප්‍රධාන පෙලේ මොටෝක්‍රොස් යරුපැදිකරුවකු වන ශෙහාන් සී. අධිකාරි පළමු තරගයේදී අනතුරකට ලක්වීම හේතුවෙන් දෙවැනි තරගයට සහභාගී නොවීය. ශෙහාන්ට අමතරව ළහිරු ජීවන්ත, රුමීෂ බුල්ජන්ස්, දේශාන් සෝලංකි, සමීර පේ‍්‍රමරත්න, මිතුන් ජයසංක සිගේරා, ශමික රොශාන් සහ වින්ස්ටන් ඩයස් වැනි ප්‍රබල තරගකරුවන්ද ඔවුන් සහභාගීවූ තරග වලදී විවිධ අනතුරු වලට ලක්වීම හේතුවෙන් එම තරග වලින් ඉවත්වීමට සිදුවිය.
12 වැනි ‘ගජබා සුපර් ක්‍රොස්’තරගාවලිය විජය පුවත්පත් ආයතනයේ මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්විණ. ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියේ සම අනුග්රහකයන් ලෙස සම්පත් බැංකුව සහ සියැට් ආයතනය කටයුතු කළහ.
තරග ප්‍රතිඵල
සන්නද්ධ සේවා (සිලින්ඩර් ධාරිතාව 125 දක්වා) යතුරුපැදි
1 නිහල් විජේරත්න (කවසාකි කේ. ඞී. එක්ස් . 125)
2 මධුර පීරිස් (කේ. ටී. එම්. 125)
3 ශී‍්‍ර ගිහාන් (කවසාකි කේ. ඞී. එක්ස් . 125)
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) කුඩා 7 මෝටර් රථ
1 ලක්මාල් විජේරත්න (ඔස්ටින් මිනි 1000)
2 චතුර විජේරත්න (ඔස්ටින් මිනි 1000)
3 විකී වික්‍රමසිංහ (ඔස්ටින් මිනි 1000)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය (වයස අවුරුදු 16 න් පහළ)
1 ජේක්ස් ගුණවර්ධන (කේ. ටී. එම්. 85)
2 කසුන් තාරක (කවසාකි කේ. එක්ස් . 85)
3 ඉවෝන් බී. ගුණසිංහ (හොණ්ඩා සී. ආර්. 85)
එම්. එක්ස්. කාණ්ඩයේ සන්නද්ධ සේවා (සි. ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි
1 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
2 දේෂාන් සෝලංකි (යමහා වයි. ඉසෙඞ්. 125)
3 නිහල් විජේරත්න (හොණ්ඩා සී. ආර්. 125)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු මෝටර් රථ
1 ශාන්ත සුරවීර (සුබාරු ලෙගාසි 2200)
2 චවින්ද ධර්මවර්ධන (සුබාරු ලෙගාසි 2200)
3 යොහාන් විජේසිරිවර්ධන (සුබාරු ලෙගාසි 2200)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපිරි යතුරුපැදි
1 උදික ශී‍්‍රමාල් මලවිගේ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
2 ඉරන්ත තාරුක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 උදේශ් වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා (හොණ්ඩා සිවික් 1600)
2 දමිත් වීරසිංහ (හොණ්ඩා ඊ. ජී. VI 1600)
3 ඉශ්රාක් වහබ් (හොණ්ඩා සිවික් එස්. අයි. ආර්. 1600)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි තරගය (ස්ටී්රට් ට්‍රයල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
2 ආර්. එම්. සෆ්රාස් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)
3 ලහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) සමාන්‍ය මෝටර් රථ
1 දමිත් වීරසිංහ (ඩයිහට්සු චැරේඞ් 1000)
2 උශාන් ද සිල්වා (නිසාන් මාර්ච් 1000)
3 ගයාන් රණතුංග (නිසාන් මාර්ච් 1000)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය
1 ශෙහාන් සී. අධිකාරි (යමහා වයි. ඉසෙඞ්. 125)
2 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
3 මිතුන් ජයසංක සිගේරා (හොණ්ඩා සී. ආර්. 125)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ
1 දමිත් වීරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
2 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමීලියර් 1300)
3 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිශී එවොලූෂන් 2000)
2 මිස්සක නවීන් (මිට්සුබිශී එවොලූෂන් 2000)
3 රියාස් ෆාරුක් (මිට්සුබිශී එවොලූෂන් 2000)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය (වයස අවුරුදු 16 න් පහළ)
1 ජේක්ස් ගුණවර්ධන (කේ. ටී. එම්. 85)
2 ඉවෝන් බී. ගුණසිංහ (හොණ්ඩා සී. ආර්. 85)
3 කසුන් තාරක (කවසාකි කේ. එක්ස්. 85)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් පළමු යතුරුපැදි තරගය
1 සී. එස්. සන්තෝෂ් (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
2 ඉශාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
3 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ මෝටර් රථ තරගය
1 දුමින්ද ජයසිංහ (ටොයොටා ලෑන්ඞ් ක්රයිසර් 3000)
2 රවී මායාදුන්න (ටොයොටා ලෑන්ඞ් ක්රයිසර් 3000)
3 ඉන්දු සමරකෝන් (මිට්සුබිශී පෙජරෝ 3000)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) නවීකරණය නොකරන ලද මෝටර් රථ
1 දමිත් වීරසිංහ (ඩයිහට්සු චැරේඞ් 1000)
2 ඉන්දු සමරකෝන් (සුසුකි කලට්ස් 1300)
3 උශාන් ද සිල්වා (නිසාන් මාර්ච් 1000)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපිරි යතුරුපැදි
1 ආනන්ද වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
2 උදේශ් වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
3 තුසිත ගුණසේකර (හොණ්ඩා සී. ආර්. එෆ්. 450)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය
1 අශාන් සිල්වා (හොණ්ඩා සිවික් 1600)
2 ඉශ්රාක් වහබ් (හොණ්ඩා සිවික් එස්. අයි. ආර්. 1600)
3 ලක්මාල් විජේරත්න (හොණ්ඩා ඊ. ජී. IV 1600)
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය
1 කෞෂාල් සමරසිංහ (හොණ්ඩා ඊ. ජී. III 1500)
2 මනිල් අබේරත්න (හොණ්ඩා සිවික් 1500)
3 මිස්සක නවීන් (හොණ්ඩා සිවික් 1500)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද දෙවැනි යතුරුපැදි තරගය (ස්ටී්රට් ට්‍රයල්)
1 සම්පත් කුමාර (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
3 ශමික රොෂාන් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගය
1 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)
2 ලලින් කිරින්ද (ෆෝඞ් ලේසර් 1500)
3 ඉර්ෆාන් ෆෝඞ් (ෆෝඞ් ලේසර් 1500)
ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගය
1 ඉශ්රාක් වහබ් (මිට්සුබිශී පෙජරෝ 3000)
2 දුමින්ද ජයසිංහ (ටොයොටා ලෑන්ඞ් ක්රයිසර් 3000)
3 රවී මායාදුන්න (ටොයොටා ලෑන්ඞ් ක්රයිසර් 3000)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිශී එවොලූෂන් 2000)
2 අරවින්ද පේ‍්‍රමදාස (මිට්සුබිශී එවොලූෂන් 2000)
3 මිස්සක නවීන් (මිට්සුබිශී එවොලූෂන් 2000)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් දෙවැනි යතුරුපැදි තරගය
1 සී. එස්. සන්තෝෂ් (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
2 ඉශාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
3 රුමීෂ බුල්ට්ජන්ස් (යමහා වයි. ඉසෙඞ්. 125)
(ඡයාරූප: ශාන්ත රත්නායක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.