Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලියේ (2018) දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වෙමින් ඉකුත් වසරේදී (2017) දිනාගත් ශූරතාව මෙවරත් තමන් සතුකර ගැනීමට අශාන් සිල සමත් විය. මෙම තරගාවලිය ඊයේ (21) දියතලාව, නරියාකන්ද ධාවන පථයේදී පැවැත්විණ.
තරගාවලියේ ප්‍රධානතම මෝටර් රථ ඉසව්ව වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ අදියර දෙකම ජයගනිමින් අශාන් මෙවර තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්විය. අශාන් නරියාකන්ද තරගාවලියක දක්ෂතම මෝටාර් රථ රියැදුරා බවට පත්වූ සිව්වැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 2013, 2015 සහ 2017 යන වසර වලදීද ඔහු එම සම්මානයට හිමිකම් කියා තිබිණ.
අදියර දෙකේදීම ආරම්භයේ සිට අවසානය දක්වාම කිසිදු කීඩකයකුට තමා පසුකර යෑමට ඉඩක් නොදීමට අශාන් වගබලා ගත්තේය. අදියර දෙක පුරා අශාන් පසුපස අසාර්ථක හඹායෑමක නිරත වූ කුෂාන් පීරිස් සහ උෂාන් පෙරේරා දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත්වෙමින් එම අදියර දෙක නිමා කළහ.
කෙසේ වුවත් දෙවැනි අදියරේදී කුෂාන් නීති විරෝධී ආරම්භයක් ලබාගෙන තිබීම හේතුවෙන් ඊට දඬුවමක් ලෙස 5 වැනි ස්ථානය දක්වා ඔහු පහළට ඇද දැමීමට තරග තීරකවරයා පියවර ගත්තේය. ඒ අනුව තෙවැනියා ලෙස දෙවැනි අදියර නිමා කළ උෂාන්ට එහි දෙවැනි ස්ථානය ප්‍රධානය කළේය. සිවුවැනියා බවට පත්වූ අරවින්ද ප්‍රේමදාසට එහි තෙවැනි ස්ථානය හිමිවිය.
එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා තරගය සහ එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා තරගය ජයගනිමින් මෝටර් රථ අංශයේ ද්විත්ව ජයග්‍රහණයකට හිමිකම් කීමට උපුල්වන් සේරසිංහ සමත් විය. එහෙත් එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 1618 දක්වා) මෝටර් රථ තරගයේදී උපුල්වන් පසුපසට ඇද දැමූ කුෂාන් පීරීස් එහි ජයග්‍රහණය තමන් සතුකර ගත්තේය.
ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ ඩීසල් මෝටර් රථ තරගයේ ජය ඩබ්ලිව්. ප්‍රියන්තට හිමිවූ අතර එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගයේ ජය හිමිවූයේ බුද්දික රුක්ලන්තටය. එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය ලක්මාල් විජේරත්න විසින්ද, එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ තරගය නීල් වීරසිංහ විසින්ද ජයග්‍රහණය කරනු ලැබූහ.
විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න සහ යුද හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බි්‍රගේඩියර් ප්‍රියන්ත සේනාරත්න යන මහතවරු සහභාගී වූහ.
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරායගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ප්‍රීමා සමාගම කටයුතු කළේය.
මෝටර් රථ තරග ප්‍රතිඵල
එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 ලක්මාල් විජේරත්න (ඔස්ටින් මිනි 1000)
2 කේ. පරමේෂ්වරන් (ඔස්ටින් මිනි 1000)
3 ඩබ්ලිව්.එන්.එස්. තිසේරා (ඔස්ටින් මිනි 1000)
එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය
1 දේවින් සේරසිංහ (නිසාන් මාර්ච් 1000)
2 ස්වප්න වීරසේකර (නිසාන් මාර්ච් 1000)
3 දිලූප පල්ලියගුරු (නිසාන් මාර්ච් 1000)
එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි. ධා. 1275 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 නීල් වීරසිංහ (ඔටෝබැක්ස් 1275)
2 සමන් හේමන්ත කුමාර (මොරිස් මිනි 1275)
3 චානක රත්නායක (ඔස්ටින් මිනි 1000)
එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීකරණය කරන ලද මෝටර් රථ තරගය
1 මයිකල් විජේසූරිය (ටොයොටා විටිස් 1045)
2 සිතාර පීරිස් (වොක්ස්වැගන් පොලෝ 1043)
3 දුමින්ද අමරසිරි (නිසාන් මාර්ච් 1000)
එස්.එල්.එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය (ආධුනික)
1 දේවින් සේරසිංහ (මැස්ඩා ෆැමිලියා 1300)
2 මනුල වන්නිආරච්චි (ෆොඞ් ලේසර් 1300)
3 ඉඳුවර සේනාධීර (මැස්ඩා ෆැමිලියා 1300)
එස්.එල්.එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
2 තාරුක රත්නායක (ෆෝඞ් ලේසර් 1300)
3 ඉමාෂ ද සිල්වා (ෆෝඞ් ලේසර් 1300)
එස්.එල්.එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් (හොණ්ඩා සිවික් 1600)
2 සකීර් වහබ් (හොණ්ඩා සිවික් 1600)
3 රන්දික නිරෝෂන් (හොණ්ඩා සිවික් 1600)
එස්.එල්.එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය
1 බුද්ධික රුක්ලන්ත (සුබාරු ලෙගාසි 2200)
2 ආර්. මලින්ද (සුබාරු ලෙගාසි 2200)
3 ශිරන් ඩූල් (සුබාරු ලෙගාසි 2200)
එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 කුෂාන් පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
ටී. සහ ජේ. කාණ්ඩයේ (සි. ධා. 5500 දක්වා) ඩීසල් ට්‍රක් සහ ජීප් රථ තරගය
1 ඩබ්ලිව්. ප්‍රියන්ත (මිට්සුබිෂී පෙජරෝ 3200)
2 මංජුල විජේසිංහ (මිට්සුබිෂී පෙජරෝ 2800)
3 බුද්ධික රුක්ලන්ත (මිට්සුබිෂී පෙජරෝ 2800)
එස්.එල්.එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඩ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)
2 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1300)
3 අනුරාධ අමරසිංහ (ෆෝඞ් ලේසර් 1500)
එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය
1 අෂාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 අරවින්ද ප්‍රේමදාස (මිට්සුබිෂී එවොලූෂන් 2000)
අශාන් සිල්වා |
උෂාන් පෙරේරා |
කුෂාන් පීරිස් |
බුද්ධික රුක්ලන්ත |
නීල් වීරසිංහ |
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.