Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘නුවරඑළිය අභියෝගය’ සිව් සක (4X4) මෝටර් රථ තරගාවලියේ අත්‍යන්ත (එක්ස්ටී‍්‍රම්) තරගයේ ශූරතාව දිනාගැනීමට ඉන්දික සංජය සහ ඔහුගේ සහයක රියැදුරු ඉසුරු සුරංග සමත් වූහ. අදියර දෙකකින් සමන්විත වූ අත්‍යන්ත තරගය, විනාඩි 22 යි තත්ත්පර 30 කින් නිමා කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ. මෙම තරගාවලිය පසුගිය සති අන්තයේ නුවරඑළියේදී පැවැත්විණ.
අත්‍යන්ත තරගයේ දෙවැනි ස්ථානය විනාඩි 29 යි තත්ත්පර 21 කින් නිමා තරගය නිමා කළ රංග අහංගමට හිමිවූ අතර සජිත් ජීවන්ත ඔහුගේ සහයක රියැදුරු ලෙස තරගයට එක්ව සිටියේය.
එහි තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට වජිර කුමාර සහ ඔහුගේ සහයක රියැදුරු සම්පත් රණසිංහ සමත් වූ අතර ඔවුන්ට තරගය නිමා කිරීම සඳහා විනාඩි 49 යි තත්ත්පර 48 ක් ගතවිය.
තරගාවලියේ නවීකරණය නොකළ (ස්ටෑන්ඩඞ්) අංශයේ ශූරතාව දිනාගැනීමට බුද්ධි ගුුණසේකර සහ ඔහුගේ සහයක රියැදුරු කුමුදිකා ගුණසේකර සමත් වූ අතර විනාඩි 5 යි තත්ත්පර 58 කින් තරගය නිමා කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.
එහි දෙවැනි ස්ථානය විනාඩි 6 යි තත්ත්පරයකින් තරගය නිමා කළ රන්දිම ආටිගල (රියැදුරු) සහ අකිල සිල්වා (සහයක රියැදුරු) විසින්ද, තෙවැනි ස්ථානය විනාඩි 6 යි තත්ත්පර 22 කින් තරගය නිමා කළ දිනේෂ් මධුසංක අප්පුහාමි (රියැදුරු) සහ දීපිකා අප්පුහාමි (සහයක රියදුරු) විසින්ද හිමිකර ගන්නා ලදී.
නවීකරණය නොකළ (ස්ටෑන්ඩඞ්) අංශයේ කාන්තා ශූරතාව දිනාගැනීමට ඉෂාරා අනුරංගි සමත් වූ අතර ඇයගේ සහයක රියැදුරු ලෙස ඉන්දික සංජය කටයුතු කළේය.
නුවරඑළිය 4X4 කී‍්‍රඩා සමාජය, නුවරඑළිය නගර සභාව සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කර තිබූ අතර කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 50 ක් පමණ ඊට සහභාගී වූහ.
අත්‍යන්ත (එක්ස්ටී‍්‍රම්) අංශයේ තරග ප‍්‍රතිඵල
1 ඉන්දික සංජය (රියැදුරු) සහ ඉසුරු සුරංග (සහයක රියැදුරු)
2 රංග අහංගම (රියැදුරු) සහ සජිත් ජීවන්ත (සහයක රියැදුරු)
3 වජිර කුමාර (රියැදුරු) සහ සම්පත් රණසිංහ (සහයක රියැදුරු)
නවීකරණය නොකළ (ස්ටෑන්ඩඞ්) අංශයේ තරග ප‍්‍රතිඵල
පිරිමි
1 බුද්ධි ගුුණසේකර (රියැදුරු) සහ කුමුදිකා ගුණසේකර (සහයක රියැදුරු)
2 රන්දිම ආටිගල (රියැදුරු) සහ අකිල සිල්වා (සහයක රියැදුරු)
3 දිනේෂ් අප්පුහාමි (රියැදුරු) සහ දීපිකා අප්පුහාමි (සහයක රියැදුරු)
කාන්තා
1 ඉෂාරා අනුරංගි (රියැදුරු) සහ ඉන්දික සංජය (සහයක රියැදුරු)
2 මාලි චම්පිකා (රියැදුරු) සහ දීපිකා අප්පුහාමි (සහයක රියැදුරු)
3 දිනේෂා අප්පුහාමි (රියැදුරු) සහ දිනේෂ් අප්පුහාමි (සහයක රියැදුරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.