Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඌව පළාතට අයත් කුඩාඔය, යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් භූමියේදී පැවති ‘කමාන්ඩෝ 4X4 අභියෝගය’ සිවු සක මෝටර් රථ තරගාවලියේ ‘අත්‍යන්ත’ (එක්ස්ටී‍්‍රම්) අංශයේ ශූරතාව දිනාගැනීමට ප‍්‍රසාද ලකුණු 480 ක් ලබාගත් ඉන්දික සංජය සහ ඔහුගේ සහයක රියැදුරු නවීන් මාරපන සමත්වූහ.
ඉන්දික සංජයට සහ නවීන් මාරපනට ඉතා හොඳ තරගයක් ලබාදුන් ශිහාර තිළිණ සහ ඔහුගේ සහයක රියදුරු තුසිත ශී‍්‍ර කුමාර, ‘අත්‍යන්ත’ අංශයේ සමස්ත අනුශූරතාව හිමිකරගත්තේ ප‍්‍රසාද ලකුණු 420 ක් ලබාගනිමිනි.
තරගාවලියේ නවීකරණය නොකළ (ස්ටෑන්ඩඞ්) මෝටර් රථ අංශයේ ශූරතාව දිනාගැනීමට ඉන්දික අබේරත්න (රියැදුරු) සහ අසංක තෙන්නකෝන් (සහයක රියැදුරු) සමත් වූ අතර ඔවුන්ට තරගය නිමා කිරීම සඳහා ගතවූ කාලය විනාඩි 2:26.37 කි.
රන්දිම ආටිගල (රියැදුරු) සහ චරිත් ලියනගේ (සහයක රියැදුරු) නවීකරණය කළ මෝටර් රථ අංශයේ ශූරතාව දිනාගත්තේ විනාඩි 3:04.58 කින් තරගය නිමා කරමිනි.
මෙහිදී සෆාරි මෝටර් රථ හිමියන් සඳහාද තරගයක් පැවැති අතර එම තරගය ජය ගැනීමට චමින්ද වීරසූරිය (රියැදුරු) සහ සජිත් සඳරුවන් (සහයක රියැදුරු) සමත් වූහ. ඔවුන්ට තරගය නිමා කිරීම සඳහා විනාඩි 2:43.77 ක් ගතවිය.
තරගාවලියට සහභාගි වූ තරගකරුවන් අතරින් ලාබාලතම රියැදුරා ලෙස ප‍්‍රනීත් මනම්පේ්රිද, ලාබාලතම සහයක රියැදුරා ලෙස අකිල සිල්වා ද සම්මාන දිනාගත්හ.
මෙහි ‘අත්‍යන්ත’ (එක්ස්ටී‍්‍රම්) අංශයේ තරග සඳහා කණ්ඩායම් 8 ක් සහභාගී වූ අතර නවීකරණය නොකළ (ස්ටෑන්ඩඞ්) අංශයේ තරග සඳහා කණ්ඩායම් 12 ක්ද, නවීකරණය කළ අංශයේ තරග සඳහා කණ්ඩායම් 9 ක්ද සහභාගී වූහ.
යුද හමුදාවේ කමාන්ඩෝ බලකාය සහ නිසාන් පෙට්රල් 4X4 සංගමය එක්ව දෙවැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස මේජර් ජෙනරාල් ප‍්‍රසන්න සිල්වා මහතා සහභාගී විය.
සිපෙට්කෝ සමාගම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කළ අතර සියැට් සමාගම තරගාවලියේ සම අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කළේය.
තරග ප‍්‍රතිඵල
‘අත්‍යන්ත’ (එක්ස්ටී‍්‍රම්) අංශය
1 ඉන්දික සංජය (රියැදුරු) සහ නවීන් මාරපන (සහයක රියැදුරු) - ප‍්‍රසාද ලකුණු 480
2 ශිහාර තිළිණ (රියැදුරු) සහ තුසිත ශී‍්‍ර කුමාර (සහයක රියැදුරු) - ප‍්‍රසාද ලකුණු 420
3 ඒ. බී. ඞී. නිශ්ෂංක (රියැදුරු) සහ ඒ. බී. සී. මධුෂංක (සහයක රියැදුරු) - ප‍්‍රසාද ලකුණු 411
නවීකරණය නොකළ (ස්ටෑන්ඩඞ්)
1 ඉන්දික අබේරත්න (රියැදුරු) සහ අසංක තෙන්නකෝන් (සහයක රියැදුරු) - විනාඩි 2:26.37
2 එම්. ඒ. සී. ආර්. ප‍්‍රනාන්දු (රියැදුරු) සහ එම්. ඒ. සී. ශමිල ප‍්‍රනාන්දු (සහයක රියැදුරු) - විනාඩි 2:28.19
3 එම්. ඒ. සී. එස්. ප‍්‍රනාන්දු (රියැදුරු) සහ පී. එච්. ඞී. එස්. බණ්ඩාර (සහයක රියැදුරු) - විනාඩි 2:43.74
නවීකරණය කළ (මොඩිෆයිඞ්)
1 රන්දිම ආටිගල (රියැදුරු) සහ චරිත් ලියනගේ (සහයක රියැදුරු) - විනාඩි 3:04.58
2 අසංක ජයතිලක (රියැදුරු) සහ නිශාන්ත රත්නායක (සහයක රියැදුරු) - විනාඩි 3:07.47
3 සමන් අප්පුහාමි (රියැදුරු) සහ දිනේෂ් අප්පුහාමි (සහයක රියැදුරු) - විනාඩි 3:24.48
‘කමාන්ඩෝ 4X4 අභියෝගය’ විශේෂ අවස්ථා ...
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.