Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
උඩවලව, සෙවනගල යුද හමුදා ධාවන පථයේදී පැවැති පස්වැනි ‘වලව සුපර් ක්‍රොස්’ තරගාවලියේදී යතුරුපැදි අංශයෙන් ඉෂාන් දසනායකත්, මෝටර් රථ අංශයෙන් අශාන් සිල්වාත් කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත් වූහ.
වට 8 කින් සමන්විත වූ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් පළමු යතුරුපැදි තරගයේ මුල් වට 5 නිමාවන තෙක්ම පෙරමුණේ ගමන් කළ ඉෂාන් දසනායකට සිව්වැනි වටය අතරතුර ආබාධයකට ලක්වීම නිසා තෙවැනියා ලෙස එම තරගය නිමා කිරීමට සිදුවිය.
ඉෂාන්ගේ පසුබෑමත් සමග ඔහුගේ පසුපස හඹා ගිය යොවුන් කී‍්‍රඩක ජැක් ගුණවර්ධන එම තරගය ජයගැනීමට සමත් වූ අතර ඉවෝන් බී. ගුරුසිංහ එම තරගයේ දෙවැනි ස්ථානයට පත්විය.
කෙසේ වුවත් පළමු තරගයේදී ඇතිවූ පාදයේ අබාධ තත්ත්වය සමග එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් විවෘත යතුරුපැදි තරගයට සහභාගී වූ ඉෂාන් ඉතා පහසුවෙන්ම එම තරගය ජයගත්තේ නරඹන්නන්ගේ පී‍්‍රති ඝෝෂා මැදය. එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය ජයද ඉෂාන් සතුවිය.
කෙසේ වුවත් හිටපු ජාතික ශූරයකු වන ගයාන් සඳරුවන් සහ ඉකුත් වසරේ පැවැති වලව සුපර් ක්‍රොස් තරගාවලියේදී වැඩි දස්කම් දැක්වූ ෂෙහාන් සී. අධිකාරි විවිධ හේතූන් මත මෙවර තරගාවලියට සහභාගී නොවීම නිසා එහි තරගකාරීත්වයේ යම් අඩුවක් දක්නට ලැබිණ.
තරගාවලියේ ප‍්‍රධානතම මෝටර් රථ තරගය වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරගය පහසුවෙන්ම ජය ගැනීමට අශාන් සිල්වා සමත් විය. එම තරගය ජයගැනීමෙන් අනතුරුව ඔහු සිය මෝටර් රථය දූවිලි වාළාවන් නඟමින් ධාවන පථය මැද කිහිප වරක්ම එකතැන කැරකවීම, පේ‍්‍රක්ෂකයන්ගේ සිත්ගත් දසුනක් විය.
තරගකරුවන් සිව්දෙනෙක් පමණක් සහභාගී වූ එම තරගයේ මුල් වට 2 නිමාවන තෙක්ම අවසන් ස්ථානයේ ගමන් කළ ඉෂ්රාක් වහබ් දෙවැනියා ලෙස තරගය අවසන් කළ අතර මුල් වට කිහිපයේදී අශාන්ට යම් තරමක හෝ තරගයක් ලබාදීමට සමත් වූ මිස්සක නවීන් එහි තෙවැනි ස්ථානයට පත්විය.
අරවින්ද පේ‍්‍රමදාස, උෂාන් පෙරේරා, පසිඳු පීරිස් සහ ජනක ඩයස් වැනි මෙම ඉසව්වේද ප‍්‍රබල කී‍්‍රඩකයන් මෙවර තරගාවලියට සහභාගී නොවීම නිසා තරගය පුරා යම් අල්මැරුණු ස්භාවයක් දිස්විය.
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපර් මොටාඞ් යතුරුපැදි තරගයේදී ඉමාල් මංචනායකට පමණක් දෙවැනි වෙමින්, එම කාණ්ඩයේම විවෘත සුපිරි යතුරුපැදි තරගය ජයගත් යොවුන් කී‍්‍රඩක දේෂාන් සොලංකි මෙවර තරගාවලියේ පෙරළිකාර කී‍්‍රඩකයා ලෙස හැදින්විය හැකිය.
දේෂාන් ප‍්‍රධාන පෙලේ තරගාවලියක සුපර් මෝටාඞ් තරගයක් ජයගත් පළමු අවස්ථාව මෙය වන අතර එහිදී ඔහු හමුවේ උදික ශී‍්‍රමාල් මලවිගේ, ආනන්ද වෙඩිසිංහ, අනන්ද සම්පත් සහ සචිර රාජකරුණා වැනි එම ඉසව්වේ ප‍්‍රබල තරගකරුවෝ පරාජයට පත් වූහ.
මොටෝක්‍රොස් තරගකරුවකු ලෙස කී‍්‍රඩාවට අවතීර්ණ වූ දේෂාන් ඉකුත් වසරේ පැවැති තරගාවලියක් අතරතුර අනතුරකට ලක්වීමෙන් ඇතිවූ ආබාධ තත්ත්වයක් නිසා තාවකාලිකව මොටෝක්‍රොස් තරග වලින් ඉවත් වී සුපර් මොටාඞ් තරග වලට පමණක් සහභාගි වේ.
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය ජයගැනීමට උපුල්වන් සේරසිංහ සමත් වූ අතර එම කාණ්ඩයේම (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය ජයගැනීමට කුෂාන් පීරිස් සමත්විය. මෙම තරග දෙක පුරාම නරඹන්නන්ට ඔවුන් දෙදෙනා අතර ඉතා තියුණු තරගයක් දැකගත හැකි විය.
එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි තරගය මෙන්ම එම කාණ්ඩයේ විවෘත තරගයද ජයගැනීමට ඉවෝන් බී. ගුරුසිංහ සමත්වූයේ එම තරග දෙකේදීම ශානුක සඳරුවන් දෙවැනි ස්ථානයට පත් කරමිනි.
ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී වැඩිම ජයග‍්‍රහණ සංඛ්‍යාවක් අත්කරගත් රවී මායාදුන්නේ මෙවර තරගාවලියේ ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ ඞීසල් මෝටර් රථ තරගය ජයගැනීීමට සමත් වුවත්, එම කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගයේදී ඔහුට හිමි වූයේ තෙවැනි ස්ථානයයි. විවෘත තරගය ජයගැනීමට ඉෂ්රාක් වහබ්
සමත් වූ අතර එහි දෙවැනි ස්ථානය සංජය සේදර සෙනරත්ට හිමිවිය.
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ තරගය ජයගත් සජාඞ් සුහේර්ට, එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගයේ්දී සිය මෝටර් රථය ධාවන පථයෙන් ඉවතට විසිවීම නිසා එහි ජයග‍්‍රහණය අහිමිව ගියේය.
ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 13 න් පහළ) තරගය ජයගත් ලාබාල කී‍්‍රඩක ඞී. එම්. ඞී. කල්හාර, එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) මොටෝ්ක්‍රොස් යතුරුපැදි (අවුරුදු 16 න් පහළ) තරගයේද තෙවැනි ස්ථානයට පත්වෙමින් දස්කම් දැක්වීය.
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) සාමන්‍ය මෝටර් රථ තරගයට සහභාගි වූ මෑතකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම වෙනුවෙන් එක්දින වරම් දිනාගත් තුන් ඉරියව් කී‍්‍රඩක සචිත් පතිරණ එහි දෙවැනි ස්ථානයට පත්විය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි සහ යාන්ති‍්‍රක ඉංජිනේරු රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ් ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ලෙස කොස්වේ පේන්ට්ස් ආයතනය කටයුතු කළේය.
තරග ප‍්‍රතිඵල
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
2 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමීලියර් 1300)
3 තාරුක රත්නායක (මැස්ඩා ෆැමීලියර් 1300)
එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) සන්නද්ධ සේවා යතුරුපැදි තරගය
1 බුද්ධික ද සිල්වා (කවසාකි කේ. ඞී. එකස්. 125)
2 නිහාල් විජේරත්න (කවසාකි කේ. ඞී. එකස්. 125)
3 ප‍්‍රදීප් කරුණාරත්න (කවසාකි කේ. ඞී. එකස්. 125)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) සාමන්‍ය මෝටර් රථ තරගය
1 ඉර්ෂාඞ් ෆාහම් (නිසාන් මාර්ච් 1000)
2 සචිත් පතිරණ (නිසාන් මාර්ච් 1000)
3 ඩබ්ලිව්. ඒ. නාරද (නිසාන් මාර්ච් 1000)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ තරගය
1 සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. ජී. VI 1600)
2 සකීර් වහබ් (හොණ්ඩා සිවික් 1600)
3 පූර්ණ පෙරේරා (හොණ්ඩා වී. ටෙක් 1600)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 250 දක්වා) සුපිරි යතුරුපැදි තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 දේෂාන් සොලංකි (සුසුකි ආර්. එම්. ඉසෙඞ් 250)
3 උදික ශී‍්‍රමාල් මලවිගේ (යමහා වයි. ඉසෙඞ් 250)
ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 13 න් පහළ) තරගය
1 ඞී. එම්. ඞී. කල්හාර (කේ. ටී. එම්. 85)
2 බුද්ධික ශී‍්‍ර සඳකැළුම් (කවසාකි කේ. එකස්. 85)
3 නවික් බණ්ඩාර (යමහා වයි. ඉසෙඞ්. 85)
ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 10 න් පහළ) තරගය
1 ගඟන ප‍්‍රනාන්දු (යමහා පී. ඩබ්ලිව්. 50)
2 දේමිත ජයවර්ධන (යමහා පී. ඩබ්ලිව්. 50)
3 තරුෂ අංජන (යමහා පී. ඩබ්ලිව්. 50)
ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ ඞීසල් මෝටර් රථ තරගය
1 රවී මායාදුන්නේ (ටොයොටා එල්. සී. 3000)
2 මංජුල විජේසිංහ (මිට්සුබිෂී 2500)
3 දුමින්ද ජයසිංහ (මිට්සුබිෂී පෙජරෝ 2400)
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීකරණය කරන ලද මෝටර් රථ
1 ඩබ්ලිව්. ඒ. ජී. රංගන (ෆෝඞ් ලේසර් 1050)
2 අජිත් කීර්ති (ඔටෝ බේස් මිනි 1050)
3 මයිකල් විජේසූරිය (ටොයොටා විටිස් 1000)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය
1 ඉෂාන් දසනායක (යමහා වයි. ඉසෙඞ්. 125)
2 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
3 බුද්ධික ද සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියර් 1500)
2 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
3 දුමින්ද ජයසිංහ (මැස්ඩා 223 - 1500)
එම්. එක්ස්. කාණ්ඩයේ සන්නද්ධ සේවා (සි. ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි තරගය
1 බුද්ධික ද සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
2 නිහල් විජේරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
3 උහාන් රජිත් සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
එම් කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
3 ප‍්‍රදීප් කරුණාරත්න (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් (හොන්ඩා සිවික් 1500)
2 සකීර් වහබ් (හොන්ඩා සිවික් 1500)
3 ග්ලේන් ජයසේකර (හොණ්ඩා සී. ආර්. එක්ස්. 1500)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) මොටෝ්ක්‍රොස් යතුරුපැදි (අවුරුදු 16 න් පහළ) තරගය
1 රුග්විද් බාබුජී (හොණ්ඩා සී. ආර්. එෆ්. 150)
2 භානුක රත්නායක (කවසාකි කේ. එක්ස්. 85)
3 ඞී. එම්. ඞී. කල්හාර (කේ. ටී. එම්. 85)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝ්ක්‍රොස් පළමු යතුරුපැදි තරගය
1 ජේක්ස් ගුණවර්ධන (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
2 ඉවෝන් බී. ගුරුසිංහ (ටී. වී. එස්. ආර්. ටී ආර්. 250)
3 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී ආර්. 250)
ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගය
1 ඉෂ්රාක් වහබ් (මිට්සුබිෂී පෙජරෝ 3500)
2 සංජය සේදර සෙනරත් (මිට්සුබිෂී පෙජරෝ 3000)
3 රවී මායාදුන්නේ (ටොයොටා එල්. සී. 3000)
එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 250 දක්වා) විවෘත යතුරුපැදි තරගය
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
3 ප‍්‍රදීප් කරුණාරත්න (කවසාකි කේ. ඞී. එක්ස්. 250)
එස්. එම්. කාණ්ඩයේ සුපර් මෝටාඞ් විවෘත යතුරුපැදි තරගය
1 දේෂාන් සොලංකි (ආකාෂ් සී. ආර්. එෆ්. 450)
2 ඉමාල් මංචනායක (හොණ්්ඩා සී. ආර්. එෆ්. 250)
3 සචිර රාජකරුණා (කවසාකි කේ. එක්ස්. එෆ්. 250)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් විවෘත යතුරුපැදි තරගය
1 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
2 ජින් ලියනගේ (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 බුද්ධික ද සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මොටර් රථ තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 3500)
2 ඉෂ්රාක් වහබ් (සුබාරු ඩබ්ලිව්. ආර්. එෆ්. 3500)
3 මිස්සක නවීන් (මිට්සුබිෂී එවොලූෂන් 3500)
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.