Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථය පුරා අණසක පතුරවාලමින් 17 වැනි ‘ගජබා සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස අභිෂේක ලැබීමට ඉෂාන් දසනායක සමත් විය. ඉමාල් මංචනායක සහ ශානුක සඳරුවන් නියෝජනය කළ ‘හොණ්ඩා’ කණ්ඩායම යතුරුපැදි අංශයේ කණ්ඩායම් ශූරතාවට හිමිකම් කීවේය.
තරගාවලියේ ප්‍රධානතම යතුරුපැදි ඉසව්ව වූ එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වද අදියර දෙකකින් සමන්විත වූ අතර සෙසු තරගකරුවන්ට වඩා මීටර් 100 ක් පමණ ඉදිරියෙන් සිටිමින් එම අදියර දෙකම ජයගත් ඉෂාන් දසනායක, තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්විය. ඉෂාන් ගජබා සුපර්ක්‍රොස් තරගාවලියක දක්ෂතම රියදුරා බවට පත් වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 2016 වසරේදීද ඔහු එම සම්මානයට හිමිකම් කිවේය.
එම අදියර දෙකේදීම ඉෂාන්ට අභියෝගයක් වීමට කිසිදු ක්‍රීඩකයෙක් සමත් නොවූ අතර තරගාවලියට ආරම්භ වීමට පෙර සියැට්-ස්ලාඩා ශූරතාවලියේ (2018) වසරේ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගැනෙන ප්‍රසාද ලකුණු සටහනේ ඉෂාන් සමග සම ලකුණු ලබා සිටි ඉවෝන් බී. ගුරුසිංහටද මෙවර තරගාවලියේදී සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි විය. පළමු අදියරේ දෙවැනියා ලෙස ඉෂාන් පසුපස හඹායමින් සිටියදී ධාවන පථය මත ඇද වැටීමකට ලක්වීම නිසා එම අදියර අවසන් නොකළ ඉවෝන්, දෙවැනි අදියර නිමා කළේ පස්වැනියා ලෙසිනි. ඒ හේතුවෙන් ඉවොන්ට සියැට්-ස්ලාඩා ශූරතාවලියේ වසරේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමට තිබූ අවස්ථාවද මඟහැරී ගියේය.
ඉෂාන් හැරුණු කොට සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ප්‍රබල අභියෝගයක් වෙමින් පළමු අදියරේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ජපන් ජාතික කෙන්ජි ඔසාවා සමත් විය. හිටපු ජාතික යතුරුපැදි ශූර ගයන් සඳරුවන් සහ මෑත කාලයේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ බුද්ධික කසුන් සිල්වා අතර මෙම අදියර දෙක පුරා කරට කර තරගයක් දැකගත හැකි විය. තියුණු තරගයකින් අනතුරුව බුද්ධික පළමු අදියරේ තෙවැනි ස්ථානය සහ දෙවැනි අදියරේ දෙවැනි ස්ථානය හිමිකරග ගනිද්දී, සිය අවසන් සුපර් ක්‍රොස් තරගාවලියට සහභාගි වූ ගයාන් සඳරුවන්ට පළමු අදියරේ සිවුවැනි ස්ථානයෙන් සහ දෙවැනි අදියරේ තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
එම අදියර දෙකට පෙර තරගාවලියේ පළමු ඉසව්ව ලෙස පැවැති එම්.එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගයෙන්ද ඉතා දක්ෂ ලෙස ජය ලැබූ ඉෂාන්, මෙවර තරගාවලියේදී ත්‍රිත්ව ජයග්‍රහණයක් ලැබූ එකම යතුරුපැදිකරුවා බවටද පත්වීමේ භග්‍යයද උදාකර ගත්තේය.
එස්.එම්. කාණ්ඩයේ (සි. ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි ඉසව්වේ අදියර දෙකම ජයගනිමින් ‘ආනන්ද වෙඩිසිංහ අනුස්මරණ කුසලාන’ හිමිකර ගැනීමට ඉමාල් මංචනායක සමත් විය. ඉකුත් වසරේ (2017) අප්‍රේල් මස නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලිය අතරතුරදී අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ආනන්ද වෙඩිසිංහ මහතා සිහිපත් කිරීම පිණිස එම සම්මානය ප්‍රධානය කෙරිණ. එම ඉසව්වේ පළමු අදියරේ දෙවැනියා බවට පත් වූ සචිර රාජකරුණා, දෙවැනි අදියරේ තෙවැනි ස්ථානයට පත් වූයේ දේෂාන් සොලංකි සමග කළ කරට කර තරගයකින් අනතුරුවය.
කළකට පසු ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද ස්ට්‍රීට් ට්‍රේල් යතුරුපැදි ඉසව්වේ අදියර දෙකම ජයගනිමින් යතුරුපැදි අංශයේ ද්විත්ව ජයග්‍රහණයකට හිමිකම් කීමට ශානුක සඳරුවන් සමත් විය. එම අදියර දෙක පුරා ශානුක පසුපස හඹාගිය ළහිරු ජීවන්ත, අදියර දෙකේම දෙවැනි ස්ථාන හිමිකරගත් අතර පළමු අදිරේ තෙවැනි ස්ථානය ඉවෝන් බී. ගුරුසිංහටත්, දෙවැනි අදියරේ තෙවැනි ස්ථානය මධුර පීරිස්ටත් හිමිවූහ.
එම්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද ස්ට්‍රීට් ට්‍රේල් යතුරුපැදි තරගය ජයගැනීමට යොවුන් ක්‍රීඩක අශාන් ඉෂාර සමත් වූයේ එම ඉසව්වේ ප්‍රවීනතම ක්‍රීඩකයා වන නිහල් විජේරත්න දෙවැනි ස්ථානයට තල්ලු කරමිනි. ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) වයස අවුරුදු 12 න් පහළ මොටෝක්‍රොස් යතුරුපැදි තරගය ජයගැනීමට ඉරෝෂ් සුමනසේකර සමත් වූ අතර එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 16 න් පහළ) තරගය ජයගැනීමට ඩී.එම්.ඩී. කල්හාර සමත් විය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සොෆ්ලොජික් සමාගම කටයුතු කළ අතර තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.
යතුරුපැදි තරග ප්‍රතිඵල
ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) යතුරුපැදි (වයස අවුරුදු 10 න් පහළ)
1 එන්.කේ. ඉමාෂ (යමහා පී.ඩබ්ලිව්. 50)
2 හිමාෂ පාදුක්ක (යමහා පී.ඩබ්ලිව්. 50)
3 දිනෙත් මිහිරංග (යමහා පී.ඩබ්ලිව්. 50)
ජේ. කාණ්ඩයේ (සි. ධා. 65 දක්වා) යතුරුපැදි (වයස අවුරුදු 10 න් පහළ)
1 සමාධ ඉඳුවර (කේ.ටී.එම්. 65)
2 දිනෙත් මිහිරංග (කවසාකි 65)
3 රසිඳු මෙත්මාල් (කවසාකි 65)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 12 න් පහළ)
1 ඉරෝෂ් සුමනසේකර (කේ.ටී.එම්. 85)
2 රෂ්මි කරුණාරත්න (කේ.ටී.එම්. 85)
3 හිරුෂ පාදුක්ක (හොණ්ඩා සී.ආර්. 85)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 15 න් පහළ)
1 ඩී.එම්.ඩී. කල්හාර (කේ.ටී.එම්.එන්. 85)
2 කේසර ගොඩගේ (කේ.ටී.එම්. 85)
3 ස්ටීවන් ප්‍රනාන්දු (කේ.ටී.එම්. 85)
එම්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ට්‍රීට් ට්‍රේල්)
1 අශාන් ඉෂාර (කේ.ටී.එම්. 125)
2 නිහල් විජේරත්න (කේ. ටී. එම්. 125)
එම්.එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං මොටෝක්‍රොස් යතුරුපැදි
1 ඉෂාන් දසනායක (යමහා වයි.ඉසෙඞ්. 125)
2 සමීර ප්‍රේමරත්න (යමහා වයි.ඉසෙඞ්. 125)
3 ළහිරු ජීවන්ත (යමහා වයි.ඉසෙඞ්. 125)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ට්‍රීට් ට්‍රේල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා සී.ආර්.එෆ්.එක්ස්. 250)
2 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)
3 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (ස්ට්‍රීට් ට්‍රේල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා සී.ආර්.එෆ්.එක්ස්. 250)
2 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)
3 මධුර පීරිස් (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි පළමු තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සි.ආර්.එෆ්. 250)
2 සචිර රාජකරුණා (යමහා වයි.ඉසෙඞ්.එක්ස්. 250)
3 බුද්දික දිනේෂ් (යමහා වයි.ඉසෙඞ්.එක්ස්. 250)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි දෙවැනි තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සි.ආර්.එෆ්. 250)
2 දේෂාන් සොලංකි (ටී.වී.එස්. ආර්.ටී.ආර්. 250)
3 සචිර රාජකරුණා (යමහා වයි.ඉසෙඞ්.එක්ස්. 250)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය
1 ඉෂාන් දසනායක (ටී.වී.එස්. ආර්.ටී.ආර්. 250)
2 කෙන්ජි ඔසාවා - ජපානය (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
3 බුද්ධික කසුන් සිල්වා (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය
1 ඉෂාන් දසනායක (ටී.වී.එස්. ආර්.ටී.ආර්. 250)
2 බුද්ධික කසුන් සිල්වා (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
3 ගයාන් සඳරුවන් (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.