Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner එෂාන්ට තවත් ෆෝමියුලා ජයක්

එෂාන්ට තවත් ෆෝමියුලා ජයක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේ සෙපෑන්ග් ධාවන පථයේදී පැවැති ආසියානු ෆෝමියුලා රෙනෝල්ට් 2.0 ශූරතා තරගාවලියේදී තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන ශූර එෂාන් පීරිස් සමත් විය. යුරෝ ඒෂියා මෝටර් ස්පෝර්ට්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඔහු එම තරගයට සහභාගි විය.

තරගය වට දෙකකින් සමන්විත වූ අතර පළමු වටයේදී සිව්වැනි ස්ථානයට පත් එෂාන් පීරිස් දෙවැනි වටයේදී තුන්වැනි ස්ථානය අත්කරගත්තේය. සම්පූර්ණ තරගය සඳහා ප්‍රසාද ලකුණු සකස් ගණනය කිරීමේදී එෂාන් තුන්වැන්නා වී සිටියේය.

තරග ආරම්භය සඳහා රථ පෙළගැස්වීම අනුව හත්වැනි ස්ථානයේ සිට තරගය ආරම්භ කළ එෂාන්, ඉතා උද්වේගකර ආරම්භයක් ලබා ගනිමින්  ස්ථාන තුනක් ඉදිරියට ඒමට සමත් විය. ඇන්ටලින් ගොන්සාලෙස් සමග තියුණු තරගයක නිරත වීමෙන් අනතුරුව තත්තපර 0.3 ක පරතරයක් තබා ගනිමින් සිවුවැනියා ලෙස එෂාන් පළමු තරගය නිමා කළේය.

ඒෂාන්ගේ කණ්ඩායමේ ඩැනියල් මිරැන්ඩාට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට නොහැකි වූ අතර ඔහු එක් තත්ත්පරයකින් එෂාන් පීරිස්ට දෙවැනි වෙමින් පස්වැනියා ලෙස පළමු තරගය නිමා කළේය.

දෙවෙනි තරගයේ රථ පෙළගැස්වීම අනුව මිරැන්ඩා සහ එෂාන් හයවැනි සහ හත්වැනි ස්ථානවලින් තරගය ආරම්භ කළ අතර එහි පළමු වටයේදී නව ටයර සමග ධාවනය කළ එෂාන්ට වඩා ඉදිරියෙන් සිටිමින් සිවුවැනි ස්ථානයේ පසුවීමට මිරැන්ඩාට හැකියාව ලැබුණි. කෙසේ වෙතත් අවසාන වටයේදී තුන් වැන්නා ලෙස තරගය නිම කිරීමට එෂාන්ට හැකියාව ලැබුණේ මිරැන්ඩා සිවුවැනි ස්ථානයට පත් කරමිනි.

 

 

- 036

 


අදහස් (0)

එෂාන්ට තවත් ෆෝමියුලා ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.