Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 22 වැනි වරටත් සංවිධානය කරන ‘එළියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය පෙබරවාරි මස 17 වැනිදා පෙරවරු 8.00 සිට මාතර බ්‍රවුන්ස් කන්ද කේණ්ද්‍ර කොටගෙන පැවැත්වේ. මෙම තරගාවලිය ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේලනය විසින් ජාතික ශූරතාවලිය සඳහා නම් කරන ලද තරගාවලියක්ද වේ.
මීටර් 800 ක දිගකින් යුත් තාර ඇතිරූ මාර්ගයක පැවැත්වෙන මෙම තරගාවලිය මෝටර් රථ ඉසව් 14 කින් සහ යතුරුපැදි ඉසව් 8 කින් සමන්විත වේ. මේ වන විට මෝටර් රථ රියැදුරෝ සහ යතුරුපැදිකරුවෝ 150 ක් පමණ එම ඉසව් සඳහා ලියාපදිංචි වී සිටිති.
සෑම ඉසව්වකම පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා කුසලාන සහ සහතික පත් පිරිනැමෙන අතර එහිදි අඩුම වේලාවකින් තරගය නිමා කරන මෝටර් රථ ක්‍රීඩකයා තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙසත්, අඩුම වේලාවකින් තරගය නිමා කරන යතුරුපැදි ක්‍රීඩකයා තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙසත් සම්මාන ලැබීමට නියමිතය.
ඉකුත් වසරේදී (2018) පැවැති එළියකන්ද තරණයේදී නව වාර්තාවක්ද පිහිටුවමින් දක්ෂතම රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට ‘එස්.එල්.එෆ්.’ කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1665 දක්වා) නවීකරණය කළ ෆෝර්මියුලා මැක්ලරන්ස් මෝටර් රථ තරගයට සහභාගි වූ ඩිලාන් සෙනෙවිරත්න සමත් විය. එහිදී ඔහුට තරග වටයක් නිමා කිරීම සඳහා වැය වූ කාලය තත්පර 32.422 කි.
එම වසරේදී අඩුම කාලයකින් (තත්. 35.076 කින්) තරග වටයක් නිමා කළ යතුරුපැදිකරුවා ලෙස සම්මාන හිමිකරගනු ලැබුවේ දුෂාන් මුදලිගේ විසිනි. ඔහු එම සම්මානයට හිමිකම් කීවේ ‘එස්.එම්.’ කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 250 දක්වා) සුපර් මෝටාඞ් විවෘත යතුරුපැදි තරගය ජය ගනිමිනි.
මේ වන විට තරගාවලිය සඳහා අයැදුම්පත් කැඳවා ඇති අතර අංක ‘55, කුමාරතුංග මාවත, මාතර’ හෝ ‘මාබල් ඩෙකර්, 175, නාවල පාර, නුගේගොඩ’ යන ලිපිනයට අයැදුම්පත් යොමු කිරීමෙන් මෙන්ම http://smsc.lk/downloads.html යන විද්‍යුත් තැපෑල ඔස්සේ ලියාපදිංචි වීමෙන්ද තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව උදාකරගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.