Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය, ආසියානු මෝටර් රථ කී‍්‍රඩා සංගමය සමග එක්ව සංවිධානය කරන මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි ශූරතාවලියේ පළමු අදියර හෙට (31 වැනිදා) පෙරවරු 9.00 සිට කළුතර, කටුකුරුන්ද කෘතී‍්‍රම ධාවන පථයේදී පැවැත්වේ.
මෙම තරගාවලිය ඉසව් 25 කින් සමන්විත වන අතර ඊට මොටර් රථ තරග 15 ක් සහ යතුරුපැදි තරග 10 ක් ඇතුළත්වේ. දිවයිනේ ප‍්‍රධාන පෙළේ මෝටර් රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් 100 කට අධික සංඛ්‍යාවක් තරගාවලියට සහභාගී වීමට නියමිතය.
මෙහි මෝටර් රථ අංශයේ ප‍්‍රධානතම ඉසව් දෙක වන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරගය සහ එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ තරගය සඳහා තරගකරුවන් 20 කට අධික පිරිසක් ලියාපදිංචි වී තිබීම තරගාවලියේ තරගකාරීත්වය තවත් වැඩි කරනු ඇති බව සංවිධායෝ පවසති.
සියැට් සමාගම මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.