Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මොටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව තෙවැනි වරට සංවිධානය කරන ‘කමාන්ඩෝ අභියෝගය’ සුපර් ක්‍රොස් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ලබන ඉරිදා (5 වැනිදා) පෙරවරු 9.00 සිට ඌව, කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්වේ.
දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගන්නා ඉසව් 4 ද සමග මෝටර් රථ ඉසව් 12 කින් සහ යතුරුපැදි තරග 10 කින් මෙවර ‘කොමාන්ඩෝ අභියෝගය’ තරගාවලිය සමන්විත වේ. ඒ සඳහා දිවයිනේ ප්‍රධාන පෙළේ මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් ඇතුළු තරගකරුවන් 150 ක් පමණ සහභාගි වීමට නියමිතය.
කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ ඉදිකර තිබෙන මෝටර් රථ ධාවන පථය කිලෝමීටර් 1.9 ක දුරකින් සමන්විත වන අතර යතුරුපැදි ධාවන පථය කිලෝමීටර් 1.6 ක දුරකින් සමන්විත වේ. ඉතුක් වසරේ පැවැති ‘කොමාන්ඩෝ අභියෝගය’ සුපර් ක්‍රොස් තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස කුෂාන් පීරිස්ද, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ඉෂාන් දසනායකද සම්මාන දිනාගත්හ.
ශ්‍රී ලංකා මොටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය, හච් සමාගමේ අනුග්‍රහයෙන් සංවිධානය කරන ‘ශ්‍රී ලංකා සුපර් සීරීස්’ තරග මාලාවේ පස්වැනි අදියර ලෙස මෙම තරගාවලිය පැවැත්වේ. නරියාකන්ද සුපර් ක්‍රොස්, කොළඹ සුපර් ක්‍රොස් සහ කැවල්රි සුපර් ක්‍රොස් සහ මීරිගම රෝඞ් රේස් පළමු අදියර යන තරගාවලි 4 මින් පෙර එම තරග මාලාවේ යටතේ පැවැති තරගාවලි වේ.
මෙතෙක් පැවැති තරගාවලිවලදී අශාන් සිල්වා ලකුණු 60 ක් ලබා මෝටර් රථ අංශයෙන්ද, බුද්ධික කසුන් සිල්වා ලකුණු 51 ක් ලබා යතුරුපැදි අංශයෙන්ද ඉදිරියෙන් සිටිති. උෂාන් පෙරේරා (ලකුණු 43) සහ කුෂාන් පීරිස් (ලකුණු 34) පිළිවෙළින් මෝටර් රථ අංශයේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටින අතර සමීර ප්‍රේමරත්න (ලකුණු 35) සහ ගයාන් සඳරුවන් (ලකුණු 32) පිළිවෙළින් යතුරුපැදි අංශයේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටිති.
තරග මාලාව අවසානයේදී වැඩිම ලකුණු ලබාගනිමින් දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වන ක්‍රීඩකයන් දෙදෙනාට නවීන මෝටර් රථ දෙකක් පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති. යතුරුපැදිකරුවන්ට ලකුණු රැස්කිරීම සඳහා පැවැත්වෙන අවසන් සුපර් ක්‍රොස් තරගාවලිය ‘කොමාන්ඩෝ අභියෝගය’ තරගාවලියයි. මෝටර් රථ රියැදුරන්ට ඉදිරියේදී පැවැත්වීමට නියමිත කටුකුරුන්ද ලයන්ස් ටොප් ස්පීඞ් තරගාවලියේදී සහ පන්නල රාත්‍රී මෝටර් රථ තරගාවලියේදීද සිය ලකුණු සංඛ්‍යාවන් ඉහළ නංවාගැනීමට අවස්ථාව හිමිවේ.
ඡායාරූප -ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.