Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලිය ඉරිදා

කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලිය ඉරිදා

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ බළකාය, ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව අටවැනි වරටත් සංවිධානය කරන ‘කැවල්රි සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ලබන ඉරිදා (8 වැනිදා) පෙරවරු 9.00 සිට කුරුණෑගල, පාන්ගොල්ල යුද හමුදා ධාවන පථයේදී පැවැත්වේ.

‘ශ්‍රී ලංකා සුපර් සීරීස් 2018’ තරගාවලි මාලාවේ තෙවැනි අදියර ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් 150 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය. එහිදී පැවැත්වීමට නියමිත තරග ඉසව් සංඛ්‍යාව 24 ක් වන අතර ඊට මෝටර් රථ තරග 12 ක් සහ යතුරුපැදි තරග 12 ක් ඇතුළත් වේ.

අවසන් වරට (2017 වසරේදී) පැවැති ‘කැවල්රි සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීමට අශාන් සිල්වා සමත් වූ අතර දක්ෂතම යතුරුපැදිධාවකයා බවට පත්වීමට ඉෂාන් දසනායක සමත් විය.
යුද්ධයේදී මියගිය පත්වූ සහ විවිධ ආබාධිත වූ සන්නහ සන්නද්ධ බළකායේ සෙබළුන්ගේ සුබසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම, තරගාවලිය සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණ බවට පත්ව තිබේ.

විජය පුවත්පත් සමාගම මෙම තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කටයුතු කරයි.

 

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලිය ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.