Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner කුෂාන් පීරිස්ට තරගයක් නැතිවෙයි

කුෂාන් පීරිස්ට තරගයක් නැතිවෙයි

ශනුක අරවින්ද - 2017 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ මෝටර් රථ අංශයෙන් වැඩි දස්කම් දැක්වීමට කුෂාන් පීරිස් සමත් විය. මෙම තරගාවලිය ඉකුත් ඉරිදා (23 වැනිදා) නුවරඑළිය නගර මධ්‍යයේදී පැවැත්විණ.

කුෂාන් පීරිස් මෝටර් රථ අංශයෙන් වැඩි දස්කම් දැක්වීමට සමත් වූයේ ‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය සහ එම කාණ්ඩයේම (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය ජයගනිමිනි.

සෙසු තරගකරුවන්ට වඩා මීටර් 300 ක පමණ පරතරයක් තබාගනිමින් පළමු තරගය (සි. ධා. 1300 දක්වා) ජයගත් කුෂාන්, දෙවැනි තරගය (සි. ධා. 1500 දක්වා) ජයගත්තේ ඊට සහභාගි වූ තරගකරුවන් 11 දෙනෙක් පසුපසට ඇද දමමිනි.

‘එස්. එල්. එච්.’ කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගසි මෝටර් රථ තරගය ජයගැනීමට හෂේන් පීරිස් සමත් වූ අතර ‘එස්. එන්. ඒ.’ කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය ජයගැනීමට ප්‍රවීණ ක්‍රීඩක කේ. පරමේෂ්වරන් සමත් විය.

ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සමාජය, නුවර එළිය මෝටර් රථ ක්‍රීඩා සමාජය සහ නුවර එළිය නගර සභාව සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියට මෝටර් රථ ඉසව් 7 ක් ඇතුළත් විය.

මෝටර් රථ තරග ප්‍රතිඵල

‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමීලියා 1300)
2 ආර්. එච්. එන්. සේනාධීර (ෆෝඞ් ලේසර් 1300)
3 ප්‍රසන්න ද අල්විස් (ෆෝඞ් ලේසර් 1300)

‘එස්. එල්. ඊ.’ කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය
1 දෙවින් සේරසිංහ (නිසාන් මාර්ච් 1000)
2 බිනුර පඬුවාවල (නිසාන් මාර්ච් 1000)
3 දිලූප පල්ලියගුරු (නිසාන් මාර්ච් 1000)

‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමීලියා 1300)
2 කාවින්ද්‍ර සෙනෙවිරත්න (ෆෝඞ් ලේසර් 1500)
3 අනුරාධ අමරසිංහ (ෆෝඞ් ලේසර් 1500)

‘එස්. එන්. ඒ.’ කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 කේ. පරමේෂ්වරන් (ඔස්ටින් මිනි 1000)
2 සමන්ත එම්. ගුණවර්ධන (ඔස්ටින් මිනි 1000)
3 ඩබ්ලිව්. එන්. තිසේරා (ඔස්ටින් මිනි 1000)

‘එස්. එන්. ඒ.’ කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) මෝටර් රථ තරගය
1 යෝගා පෙරේරා (කොස්මික් ස්පෙෂල් 1050)
2 මයිකල් විජේසූරිය (ටොයොටා විට්ස් 1050)
3 එස්. ඒ. දුමින්ද (නිසාන් මාර්ච් 1050)

‘එස්. එල්. ඊ.’ කාණ්ඩයේ (සි. ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ තරගය
1 චානක රත්නායක (ඔස්ටින් මිනි 1275)
2 තිරාන් පෙරේරා (ඔස්ටින් මිනි 1275)
3 නිෂාන්ත ද අල්විස් (ඔස්ටින් මිනි 1275)

‘එස්. එල්. එච්.’ කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගසි මෝටර් රථ තරගය
1 හෂේන් පීරිස් (සුබාරු ලෙගසි 2000)
2 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගසි 2000)
3 රුක්ලන්ත වීරකෝන් (සුබාරු ලෙගසි 2000)

 

 

ඡායාරූප - ශානුක අරවින්ද

 


අදහස් (0)

කුෂාන් පීරිස්ට තරගයක් නැතිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.