Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුව නිසාන් පෙට්‍රල් 4X4 සංගමය සමග එක්ව දෙවැනි වරට සංවිධානය කරන ‘කොමාන්ඩෝ’ සිව්සක (4X4) අභියෝගය සහ ගවේෂණ මෝටර් රථ රැළිය අගෝස්තු මස 3 වැනිදා සිට 8 වැනිදා දක්වා දින 6 ක් පුරා දිවයිනේ නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ පැවැත්වේ.
මෙම තරගාවලිය ප‍්‍රදර්ශන අදියරක් සහ තරගකාරී අදියරක් ලෙස අදියර 2 කින් සමන්විත වන අතර ඒ සඳහා දෙස් විදෙස් තරග කරුවන් රැසක් සහභාගීවීමට නියමිතය.
ප‍්‍රදර්ශන අදියරක් ලෙස පැවැත්වෙන මෙහි පළමු අදියර කොටස් 5 කින් සමන්විත වන වේ. ඊට සහභාගී වන්නන්ට එම කොටස් 5 නිමා කිරීම සඳහා පළමු දින 5 තුළදී පේදුරුතුඩුව, මනල්කාඩු, චලෙයි, පුදුමාතලන්, කොක්කුතුඩුවායි, කෝකිලායි, දෙහිවත්ත, වැලිකන්ද, මාදුරුඔය, දඹාන, මහඔය, මුල්ලේගම, ඉඟිනියාගල, දමන, ඉරක්කාමම්, ආරුගම්බේ, ලාහුගල, හුලංනුගේ, සියඹලාණ්ඩුව, ඔක්කම්පිටිය, ගල්ගේ කිතුල්කෝට්ටේ සහ ඌව කුඩා ඔය යන ප‍්‍රදේශ පසුකරමින් කිලෝ මීටර 775 ක පමණ දුරක් ධාවනයේ යෙදීමට සිදුවේ.
ඒ අනුව ඔවුන් පළමු දිනයේදී පේදුරුතුඩුවේ සිට නයාරු දක්වා (කි. මී. 147) ද, දෙවැනි දිනයේදී නයාරු සිට දෙහිවත්ත දක්වා (කි. මී. 146) ද, තෙවැනි දිනයේදී දෙහිවත්තේ සිට මාදුරුඔය දක්වා (කි. මී. 176) ද, සිව්වැනි දිනයේදී මාදුරුඔය සිට ආරුගම්බේ දක්වා (කි. මී. 165) ද, පස්වැනි දිනයේදී ආරුගම්බේ සිට ඌව කුඩා ඔය දක්වා (කි. මී. 140) ද ගමන් කළ යුතුය.
මෙම අදියරට සහභාගී වීම සඳහා මේ වන විට කණ්ඩායම් 50 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබේ. මෙහිදී කාල ගණනයක් නොකෙරෙන අතර එම කණ්ඩායම්, තමන්ට හමුවන බාධක ජය ගනිමින් ඉදිරියට ඇදෙන ආකාරය පමණක් නිරීක්ෂණය කෙරේ.
තරගකාරී අදියරක් ලෙස පැවැත්වෙන මෙහි දෙවැනි අදියර, අවසන් දිනයේදී කුඩා ඔය ප‍්‍රදේශයේ පිහිටි කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල තුළ ඉදිකෙරුණු ධාවන පථයක නවීකරණය නොකළ (ස්ටෑන්ඩඞ්) සහ අත්‍යන්ත (එක්ස්ටීම්) ලෙස කාණ්ඩ දෙකකින් තරග පැවැත්වේ.
වැලි තලා, ගල් වලවල්, මඩ වගුරු, කඳු, පල්ලම්, ජල බාධක සහ ඉංගී‍්‍රසි ‘V’ අක්ෂරයේ හැඩයට හාරන ලද මංතීරු වැනි විවිධාකාරයේ භූ විශමතා වලින් එම ධාවන පථය සමන්විත වේ.
මේ වන විට නවීකරණය නොකළ (ස්ටෑන්ඩඞ්) කාණ්ඩයේ තරග වැදීම සඳහා කණ්ඩායම් 15 ක්ද, අත්‍යන්ත (එක්ස්ටීම්) කාණ්ඩයේ තරග වැදීම සඳහා කණ්ඩායම් 17 ක්ද ලියාපදිංචි වී තිබේ.
ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව, බ‍්‍රැන්ඩෙක්ස් සමාගම සහ සිංගර් සමාගම මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයන් ලෙස කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.