Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner ගජබා සුපර් ක්‍රොස් 19 දා සාලියපුරදී

ගජබා සුපර් ක්‍රොස් 19 දා සාලියපුරදී

Nisanka Sandeepani - 2018 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය සමග එක්ව 17 වැනි වරටත් සංවිධානය කරන ‘ගජබා සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ මස 19 වැනිදා පෙරවරු 9.00 සිට අනුරාධපුර සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවැත්වේ. 

සියැට් - ස්ලාඩා ශූරතාවලියේ සිවුවැනි තරගාවලිය ලෙස මෙවර ගජබා සුපර් ක්‍රොස් තරගාවලිය පැවැත්වෙන අතර මේ වන විටත් මෙම තරගාවලිය සඳහා මෝටර් රථ රියැදුරන් 75 ක් සහ යතුරුපැදිකරුවන් 145 ක් ලියාපදිංචි වී සිටිති. ඊට ජපන් ජාතික යතුරුපැදිකරුවන් තිදෙනෙක්ද ඇතුළත්ව සිටින බව තරග සංවිධාකයෝ පවසති. 

දක්ෂතම මෝටර් රථ රියැදුරා තොරාගනු ලබන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ තරග 2 සහ දක්ෂතම යතුරුපැදිකරුවා තොරාගනු ලබන එම්. එක්ස්. කාණ්ඩයේ යතුරුපැදි තරග 2 ද ඇතුළත්ව ඉසව් 25 කින් මෙවර තරගාවලිය සමන්විත වේ. ඊට මෝටර් රථ තරග 12 ක් සහ යතුරුපැදි තරග 13 ක් ඇතුලත්ය. 

ඉකුත් වසරේ (2017) පැවැති ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දක්වමින් දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට අශාන් සිල්වා සමත් වූ අතර ඉතා තියුණු තරගයකින් අනතුරුව ජාක් ගුණවර්ධන එවර තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත්තේය. 

යුද්ධයේදී ජීවිතක්ෂයට පත්වූ, අතුරුදහන් වූ සහ විවිධ අබාධයන්ට ලක් වූ රණවිරුවන්ගේ පවුල්වල සහ දැනට සේවයේ නිරතව සිටින ගජබා රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම මෙම තරගාවලියේ ප්‍රධාන අරමුණ බව සංවිධායකයෝ පවසති. 

විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සොෆ්ලොජික් හෝල්ඩිංග්ස් සමාගම කටයුතු කරන අතර සියැට්, සිංගර්, මැලිබන්, ටී.වී.එස්. යන සමාගම් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එහි සම අනුග්‍රහකයන් ලෙස කටයුතු කරති. 

 

 

සියැට් සමාගම නියෝජනය කරමින් එහි අලෙවි සහ කළමානාකරණ සහකාර සාමාන්‍යාධිකාරී බ්‍රිෂ්රි ලතීෆ් මහතා, මේජර් ජනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාට අනුග්‍රහක චෙක්පත ප්‍රදානය කළ අයුරු.... 

ඡායාරූපය : ජයමාල් චන්ද්‍රසිරි

ඡායාරූප - ශානුක අරවින්ද


 


අදහස් (0)

ගජබා සුපර් ක්‍රොස් 19 දා සාලියපුරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.