Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner ජාතික සම්මාන ප්‍රදානය කටුනායකදී

ජාතික සම්මාන ප්‍රදානය කටුනායකදී

editorial - 2020 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගෙවීගිය වසර තුළදී කැපී පෙනෙන දස්කම් දැක්වූ යතුරුපැදි ක්‍රීඩකයන් ඇගයීම සඳහා ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනය සංවිධානය කරන ජාතික යතුරුපැදි සම්මාන උළෙල හෙට (14 වැනිදා) පස්වරු 7.30 සිට කටුනායක ඊගල් ලැගූන් හෝටලයේදී පැවැත්වේ.

ප්‍රවීණ යතුරුපැදි ධාවක ෆේරෝස් ඔමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන 8 ක් පිරිනැමෙන අතර ඊට අමතරව ජාත්‍යන්තර ජයග්‍රහණයක් වෙනුවෙන් විශේෂ පදක්කම් 4 ක්ද පිරිනැමීමට නියමිතය.

2019 වසරේ පැවැති ආසියානු කුසලාන මාර්ග යතුරපැදි තරගාවලියේදී ශ්‍රී ලංකාවට තෙවැනි ස්ථානය දිනාදීම වෙනුවෙන් හංසිකා අබේසිංහ, රිෂිත ප්‍රෂාන්, නිඛිල පතිරගේ සහ විනුල පතිරගේ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම පදක්කම් 4 හිමිකර ගැනීමට නියමිතය.

බොරලු සහිත ධාවන පථවලදී පැවැති තරග සඳහා පිරිනැමෙන සම්මාන
■ ජේ. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්ව (අවුරුදු 15 න් පහළ) - කේසර ගොඩගේ
■ එම්.එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්ව - මධුර පීරිස්
■ එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි ඉසව්ව (ස්ට්‍රීට් ට්‍රේල්) - ශානුක සඳරුවන්
■ එස්.එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 250 සිට 750 දක්වා) සුපර් මෝටාඩ් යතුරුපැදි ඉසව්ව - දේෂාන් සොලංකි
■ එම්.එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්ව - ජාක් ගුණවර්ධන

තාර ඇතිරූ ධාවන පථවලදී පැවැති තරග සඳහා පිරිනැමෙන සම්මාන
■ ඕ. කාණ්ඩයේ සාමාන්‍ය (සිලින්ඩර ධාරිතාව 125 සිට 160 දක්වා) යතුරුපැදි ඉසව්ව - හංසිකා අබේසිං
■ එම්. කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) යතුරුපැදි ඉසව්ව - නිපුන තිලංක
■ එස්.එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි ඉසව්ව - දුෂාන් මුදලිගේ

-036

 


අදහස් (0)

ජාතික සම්මාන ප්‍රදානය කටුනායකදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.