Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආජන්ටිනාවේදී සහ බොලීවියාවේදී පැවැත්වෙන 38 වැනි ඩකා රැලියේ ප‍්‍රාරම්භක දිනයේදීම මෝටර් රථයක් නියමිත ගමන් මාර්ගයෙන් ඉවතට විසිවී නරඹන්නන් හා ගැටීම නිසා පුද්ගලයෝ 12 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. ඒ අතුරින් 5 දෙනෙක්ම මේ වන විට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව අන්තර්ජාතික පුවත් සේවා වාර්තා කරයි.
මිනි මෝටර් රථයක් පැදවූ චීන ජාතික රියදුරු ගුවෝ මීලිං එලෙස අනතුරට ලක්වූ කී‍්‍රඩිකාව වන අතර කිලෝමීටර 11 ක දුරකින් සමන්විත වූ ප‍්‍රාරම්භක අදියරේ කිලෝ මීටර් 6.6 ක් අවසානයේදී මෙම අනතුර සිදුවිය.
ගෙවා නිම කර ආජන්ටිනාවේ අගනුවර වන බුවනෝර්ස් අයර්ස් නගරයට කිලෝ මීටර් 200 ක් පමණ දුරින් පිහිටි ඇරොසිෆස් නගරයට ආශි‍්‍රතව මෙවර ඩකා රැළියේ ප‍්‍රාරම්භක අදියර පැවැත්විණ. මෙම අනතුර නිසා මෝටර් රථ කාණ්ඩයේ ප‍්‍රාරම්භක අදියර අත්හිටුවීමට තරග සංවිධායකයෝ පියවර ගත්හ.
වහාම කි‍්‍රයාත්මක වූ තරග සංවිධායකයෝ සෞඛ්‍ය සේවා නිලධාරීගෙන් සමන්විත රෝගීන් රැගෙනයාම සඳහාම යොදා ගැනෙන හෙලිකොප්ටර 4 ක්, සියලූ වෛද්‍ය පහසුකම් සහිත මෝටර් රථ තුනක් සහ ගිලන්රථ අටක් අනතුර සිදුවූ ස්ථානයට පිටත්කර යැවීමට පියවර ගත්හ.
ඇරොසිෆස් නගරයේ සෞඛ්‍ය ලේකම් කාලෝස් මොන්ඩිනෝ එරට රූපවාහිනී සේවයකට පවසා ඇත්තේ නරඹන්නකු සහ ඔහුගේ 14 හැවිරිදි පුතා අනතුරකට ලක්වූවන් අතර අසාධ්‍ය තත්වයකින් පසුවන බවයි.
”අපි ගාව රෝගින් 10 දෙනෙක් ප‍්‍රතිකාර ලබනවා. ඒ අතරින් සිව් දෙනෙක් කුඩා දරුවන්. ගැබිණි මවකුත් එතන ඉන්නවා. නමුත් එයා මේ වන විට යහපත් තත්ත්වයක පසුවෙනවා.” යැයි ඇරොසිෆස් නාගරික රෝහලේ ප‍්‍රධානී ඩැනියෙල් මොඩෙස්ටෝ මහතා කියා සිටියේය.
මෙම අනතුර නිසා මීලිංගේ මිනි රථයේ බොනට්ටුව ගැලවී විසිවී ගොස් අසළ ලැහැබක පතිත වී තිබිණ.
තරග අධ්‍යක්ෂ එටීන් ලෙවින් මහතා විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා ඇත්තේ මෙම අනතුර නිසා රියදුරු ගුවෝ මීලිං ද සමගින් පුද්ගලයන් 12 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
තරගයේ ප‍්‍රාරම්භක අදියර නැරඹීම සඳහා නරඹන්නන් 50,000 ත්, 60,000 ත් අතර පිරිසක් ගමන් මාර්ගය දෙපස රැස්ව සිටි බව සංවිධායකයෝ පවසති.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.