Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සදර්න් එළියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී තරගකරුවෙක් වාර්තා කළ හොඳම තරග නිමි කාලයට හිමිකම් කියමින් ‘ප්‍රීති පල්ලියගුරු’ අභියෝග කුසලාන දිනාගැනීමට දිනේෂ් ජයවර්ධන සමත් විය.
මිට්ෂුබිෂී එවොලූෂන් වර්ගයේ මෝටර් රථයක් භාවිතා කරමින් එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 3500 දක්වා) තරගයට සහභාගි වූ දිනේෂ් ජයවර්ධනට එම තරගයේ එක් වටයක් නිමා කිරීම සඳහා ගත වූ අඩුම කාලය තත්පර 32.65 කි.
අඩුම කාලයකින් (තත්පර 34.58 කින්) තරගය නිමා කළ යතුරුපැදිකරුවා ලෙස සම්මාන හිමිකරගැනීමට සචිර රාජකරුණා සමත් විය. ඔහු එම සම්මානයට හිමිකම් කීවේ ‘එස්. එම්.’ කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය ජය ගනිමිනි.
සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 20 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේදී මෝටර් රථ ඉසව් 14 ක් සහ යතුරුපැදි ඉසව් 12 ක් පැවැති අතර ඒ සඳහා තරගකරුවෝ 200 ක් පමණ සහභාගී වූහ.
යතුරුපැදි තරග ප්‍රතිඵල
‘ඕ’ කාණ්ඩයේ සි. ධා. 100 සිට 125 දක්වා නවීකරණය නොකළ යතුරුපැදි
1 සංජීව උදයකුමාර - තත්ත්පර 42.51
2 චමින්ද සුභසිංහ - තත්ත්පර 42.65
3 සුපුන් ධනුෂ්ක - තත්ත්පර 43.56
‘ඕ’ කාණ්ඩයේ සි. ධා 125 සිට 160 දක්වා නවීකරණය නොකළ යතුරුපැදි
1 නිඛිල පතිරගේ - තත්ත්පර 39.62
2 මංගල පතිරගේ - තත්ත්පර 39.83
3 විනුල පතිරගේ - තත්ත්පර 41.00
‘එම්’ කාණ්ඩයේ සි. ධා. 100 සිට 125 දක්වා නවීකරණය කළ යතුරුපැදි
1 ෂේන් මාර්ක් ද සිල්වා - තත්ත්පර 40.55
2 මංගල පතිරගේ - තත්ත්පර 42.30
3 විනුල පතිරගේ - තත්ත්පර 42.68
‘එම්’ කාණ්ඩයේ සි. ධා. 175 සිට 250 දක්වා නවීකරණය කළ යතුරුපැදි
1 මධුර පීරිස් - තත්ත්පර 37.62
2 ජානක දිනේෂ් - තත්ත්පර 37.70
3 මංගල පතිරගේ - තත්ත්පර 38.27
‘එස්. එම්.’ කාණ්ඩයේ සි. ධා. 100 සිට 250 දක්වා සුපර් මෝටාඩ් යතුරුපැදි
1 සචිර රාජකරුණා - තත්ත්පර 34.58
2 කවිඳු දුෂාන් මුදලිගේ - තත්ත්පර 35.65
3 චමින්ද ද සිල්වා - තත්ත්පර 36.46
‘එම්’ කාණ්ඩයේ සි. ධා. 600 දක්වා නවීකරණය කළ යතුරුපැදි
1 මධුරංග කල්දේරා - තත්ත්පර 37.48
2 ප්‍රමුඛ සේසත් - තත්ත්පර 37.62
3 ළහිරු හංස - තත්ත්පර 37.64
‘එම්’ කාණ්ඩයේ සි. ධා. 175 සිට 250 දක්වා නවීකරණය නොකළ ස්ටීට් ට්‍රේරල් යතුරුපැදි
1 ඉෂාන් එදිරිසිංහ - තත්ත්පර 38.83
2 මහීල් පවිත්‍ර - තත්ත්පර 39.81
3 එම්. රිස්වි - තත්ත්පර 40.49
‘එස්. එම්.’ කාණ්ඩයේ සි. ධා. 125 සිට 750 දක්වා සුපර් මෝටාඩ් යතුරුපැදි
1 සචිර රාජකරුණා - තත්ත්පර 35.33
2 කවිඳු දුෂාන් මුදලිගේ - තත්ත්පර 37.49
3 අසංක උදය - තත්ත්පර 37.84
‘එම්’ කාණ්ඩයේ සි. ධා. 175 සිට 250 දක්වා නවීකරණය කළ ස්ටීට් ට්‍රේරල් යතුරුපැදි
1 එස්. වාසුදේවන් - තත්ත්පර 40.066
2 ෂේන් මාර්ක් ද සිල්වා - තත්ත්පර 40.069
3 නයන ප්‍රභාත් - තත්ත්පර 41.96
‘එම්’ කාණ්ඩයේ සි. ධා. 900 සිට 1000 දක්වා නවීකරණය කළ යතුරුපැදි
1 ප්‍රමුඛ සේසත් - තත්ත්පර 36.19
2 මධුරංග කල්දේරා - තත්ත්පර 36.49
3 දිමුතු ද සිල්වා - තත්ත්පර 40.18
සි. ධා. 700 දක්වා ස්පෝර්ට් ටුවරින් යතුරුපැදි
1 මංගල පතිරගේ - තත්ත්පර 39.44
2 අකලංක පෙරේරා - තත්ත්පර 40.97
3 එච්. ඒ. ඉලේපෙරුම - තත්ත්පර 42.10
වන් මේක් සීරිස් බුවෙල් යතුරුපැදි
1 එච්. ඒ. ඉලේපෙරුම - තත්ත්පර 41.78
2 ඩබ්ලිව්. පී. එස්. රණවීර - තත්ත්පර 43.01
3 ඬේමින් ඇන්ටියොනිස් - තත්ත්පර 45.06
මෝටර් රථ තරග ප්‍රතිඵල
‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ සි. ධා. 1300 දක්වා ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ
1 රජිත් උළුවිට - තත්ත්පර 39.77
2 සුසන්ත ගුණවර්ධන - තත්ත්පර 40.13
3 කුෂාන් පීරිස් - තත්ත්පර 40.39
‘එස්. එල්. ඊ.’ කාණ්ඩයේ සි. ධා. 1275 දක්වා මිනි සැලූන් මෝටර් රථ
1 චානක රත්නායක - තත්ත්පර 39.85
2 ලලින් අමරසිංහ - තත්ත්පර 41.59
3 දුලාන් දීගොඩ - තත්ත්පර 42.61
‘එස්. එල්. ඊ.’ කාණ්ඩයේ සි. ධා. 1000 දක්වා නිසාන් මාර්ච් මෝටර් රථ
1 චාමික රණතුංග - තත්ත්පර 41.54
2 ධම්මික පීරිස් - තත්ත්පර 41.77
3 ක්ලයිව් රොජර් - තත්ත්පර 42.13
‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා සි. ධා. 1500 දක්වා මෝටර් රථ
1 රජිත් උළුවිට - තත්ත්පර 40.26
2 ශෙනාල් ගුණවර්ධන - තත්ත්පර 41.04
3 සුසන්ත ගුණවර්ධන - තත්ත්පර 41.29
සි. ධා. 1665 දක්වා ෆෝමියුලා මැක්ලරන්ස් මෝටර් රථ
1 නදීර ජිනසේන - තත්ත්පර 36.13
2 රොහාන් ද සිල්වා - තත්ත්පර 37.72
‘එස්. එල්. ඒ.’ කාණ්ඩයේ සි. ධා. 1050 දක්වා නවීකරණය කළ මෝටර් රථ
1 යසිත් ගමගේ - තත්ත්පර 38.96
2 මහේන් මඩුගල්ල - තත්ත්පර 39.45
3 ශවාන් රොසයිරෝ - තත්ත්පර 41.57
‘එස්. එල්. ඒ.’ කාණ්ඩයේ සි ධා. 1000 දක්වා මිනි 7 මෝටර් රථ
1 කේ. පරමේෂ්වරන් - තත්ත්පර 42.48
2 නාමල් සිල්වා - තත්ත්පර 42.75
3 ඩබ්ලිව්. එන්. එස්. තිසේරා - තත්ත්පර 44.60
‘එස්. එල්. එස්.’ කාණ්ඩයේ සි ධා. 1500 දක්වා විශේෂ මෝටර් රථ
1 සකීර් වහබ් - තත්ත්පර 36.16
2 රියාස් රසික් - තත්ත්පර 39.30
3 මදිවාතන් සුබ්‍රමනියම් - තත්ත්පර 42.02
‘එස්. එල්. එස්.’ කාණ්ඩයේ සි ධා. 1350 දක්වා විශේෂ මෝටර් රථ
1 ප්‍රසන්න ද අල්විස් - තත්ත්පර 42.97
2 බිනුර පඬුවාවල - තත්ත්පර 44.20
3 ධනුෂ්ක සුරවීර - තත්ත්පර 44.54
‘එස්. එල්. එච්.’ කාණ්ඩයේ සි. ධා. 1618 දක්වා හොණ්ඩා මෝටර් රථ
1 කුෂාන් පීරිස් - තත්ත්පර 36.25
2 අයේෂ් බණ්ඩාර - තත්ත්පර 36.48
3 ධම්මික පීරිස් - තත්ත්පර 36.52
‘ඩී’ කාණ්ඩයේ සි. ධා. 2000 දක්වා ඩීසල් මෝටර් රථ
1 ප්‍රසන්න ද අල්විස් - තත්ත්පර 44.59
2 උදාර පල්ලියගුරු - තත්ත්පර 47.95
3 දිලුප පල්ලියගුරු - තත්ත්පර 49.81
‘එස්. එල්.’ කාණ්ඩයේ ට්‍රක් සහ ජීප් රථ
1 කාසිම් වහබ් - තත්ත්පර 47.95
සි. ධා. 1600 දක්වා ෆෝමියුලා මැක්ලරන්ස් මෝටර් රථ
1 දිනේෂ් ජයවර්ධන - තත්ත්පර 37.23
2 චන්දිම ගුණරත්න - තත්ත්පර 37.46
3 රොහාන් ද සිල්වා - තත්ත්පර 39.55
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ සි. ධා. 3500 දක්වා මෝටර් රථ
1 දිනේෂ් ජයවර්ධන - තත්ත්පර 32.65
2 ඩරින් වීරසිංහ - තත්ත්පර 32.80
3 උෂාන් පෙරේරා - තත්ත්පර 33.27
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.