Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැති ‘ලයන්ස් ටොප් ස්පීඩ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස සම්මාන දිනා ගැනීමට අෂාන් සිල්වා සමත් විය.
ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමය සහ ආසියානු මෝටර් රේසිං ක්‍රීඩා සමාජය එක්ව සංවිධානය කරන ‘ශ්‍රී ලංකා සුපර් සීරීස්’ ශූරතාවලියේ පළමු අදියර ලෙස පැවැති මෙම තරගාවලියට මෝටර් රථ තරග 13 ක් ඇතුළත් විය.
තරගකරුවන් 15 දෙනෙකු අභිබවා යමින් තරගාවලියේ ප්‍රධානම මෝටර් රථ ඉසව්ව වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ පළමු තරගය ජයගත් අෂාන් සිල්වා, දෙවැනි තරගයේදී උෂාන් පෙරේරාට පමණක් දෙවැනි වෙමින් දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනා ගත්තේය. ඉකුත් වසරේදී දේශීය මෝටර් රථ තරගවලට සහභාගි නොවී විදෙස් තරග සඳහා පමණක් සහභාගි වූ අෂාන්, මේ වසරේදී නැවතත් දේශීය තරග බිමට අවතීර්ණ වීමෙන් අනතුරුව සහභාගි වූ පළමු තරගාවලියේදීම දක්ෂතම රියැදුරා බවට පත්වීම සුවිශේෂී සිදුවීමක් විය.
පළමු තරගයේදී සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට අපොහොසත් වුවත්, අෂාන් සිල්වාද පසුපසට ඇද අදමින් ඉතා දක්ෂ ලෙස දෙවැනි තරගය ජය ගැනීමට ඉකුත් වසරේ ජාතික මෝටර් රථ ශූරයා වූ උෂාන් පෙරේරා සමත් විය. එම තරග දෙකේදීම සෙසු තරගකරුවන්ට තියුණු තරගයක් දුන් අබීත් දංගල්ල, පළමු තරගයේ දෙවැනි ස්ථානයටද, දෙවැනි තරගයේ තෙවැනි ස්ථානයටද පත්විය.
එම තරග ද්විත්වය සඳහා අරවින්ද ප්‍රේමදාස, පසිඳු පීරිස්, ජනක ඩයස්, සජා්ඞ් සුහේර්, දිනේෂ් ජයවර්ධන, කෞෂාල් සමරසිංහ වැනි ප්‍රබල ක්‍රීඩකයෝ සහභාගි වූවත් ඔවුහු එහිදී කැපී පෙනෙන දස්කම් නොදැක්වූහ. මෝටර් රථ ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට සැමියා (දිනේෂ් ජයවර්ධන) සහ බිරිද (ෂෙහාරා ජයවර්ධන) දෙදෙනාම එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ ඉසව්ව සඳහා සහභාගි වීමද දැකගත හැකි විය.
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය ජයගත් කුෂාන් පීරිස්, රජිත් උළුවිට සමග කළ කරට කර තරගයකින් පසු එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ තරගයද ජය ගත්තේ මෝටර් රථ අංශයේ ද්විත්ව ජයග්‍රහණයක් අත්කර ගනිමිනි.
තරගාවලියේ පෙරළිකාරම ජයග්‍රහණය වාර්තා කිරීමට කාවින්ද්‍ර සේනාරත්න සමත් වූයේ තරගකරුවන් 20 දෙනෙකු සහභාගි වූ එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1500 දක්වා) මෝටර් රථ තරගය ජයගනිමිනි. කාවින්ද්‍ර ප්‍රධාන පෙළේ මෝටර් රථ තරගාවලියකදී ෆෝඞ් ලේසර්/මැස්ඩා කාණ්ඩයේ තරගයක් ජයගත් පළමු අවස්ථාව මෙය වන අතර අවසන් මොහොතේදී රජිත උළුවිටට වඩා දශම කිහිපයක් ඉදිරියට යමින් ඔහු ජයග්‍රාහී සීමාව පසුකර ගියේය. එම තරගයේ අවසානය කෙතරම් තියුණද කිවහොත් විනිසුරුවන්ට ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා වීඩියෝ දර්ශන යොදාගනිමින් තරග අවසානයේ පුණුරූපන නැරඹීමට පවා සිදුවිය.
මෙම තරගාවලියේ මෝටර් රථ තරග සඳහාද ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගි වූ අතර ඒ අතරින් වඩාත් සාර්ථක ක්‍රීඩිකාව බවට පත් වූයේ එස්. ඒ. ලක්ෂිකාය. ඇය ධම්මික පීර්ස් සහ සප්න වීරසේකර සමග කළ කරට කර තරගයකින් අනතුරුව එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය ජයගැනීමට සමත් වූවාය. එසේ වුවත් ඉසව් තුනකට සහභාගි වූ ෂෙහාරා ජයවර්ධන දස්කම් අතරට පැමිණීමට අපොහොසත් වූවාය.
ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ (ඉන්දන විද්‍යුත් විසරණ) කාණ්ඩයේ තරගකරුවන් අතරින් වැඩි දෙනාගේ අවධාන දිනාගැනීමට ඇන්ඩෘ චොක්සි සමත් විය. චන්දිම ගුණරත්නට පමණක් දෙවැනි වෙමින් එම කාණ්ඩයේ පළමු තරගය අවසන් කළ ඇන්ඩෘ, සෙසු තරගකරුවන් පසුකර ඉදිරියට ඇදෙමින් දෙවැනි තරගයේ ජය තමන් සතුකර ගත්තේය.
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 කේ. පරමේෂ්වරන් (ඔස්ටින් මිනි 1000)
2 ඩබ්ලිව්. එන්. එස්. තිසේරා (ඔස්ටින් මිනි 1000)
3 සුරේෂ් කුමාර් (ඔස්ටින් මිනි 1000)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය
1 මාලින්ද ගුණසේකර (සුබාරු ලෙගාසි 2000)
2 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2000)
3 හෂේන් පීරිස් (සුබාරු ලෙගාසි 2000)
එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය
1 එස්. ඒ. ලක්ෂිකා (නිසාන් මාර්ච් 1000)
2 සප්න වීරසේකර (නිසාන් මාර්ච් 1000)
3 ධම්මික පීරිස් (නිසාන් මාර්ච් 1000)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් (හොණ්ඩා සිවික් 1600)
2 සකීර් වහබ් (හොණ්ඩා සිවික් 1600)
3 ඬේවිඞ් සියගුණ (හොණ්ඩා ඊ. ජී. ඪෂ 1600)
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය
1 සකීර් වහබ් (හොණ්ඩා සිවික් 1500)
2 ග්ලේන් ගුණසේකර (හොණ්ඩා සිවික් 1500)
3 මිස්සක නවීන් (හොණ්ඩා සිවික් 1500)
එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ තරගය
1 චානක රත්නායක (ඔස්ටින් මිනි 1275)
2 තිරාන් පෙරේරා (මිනි කූපර් 1275)
3 කුෂාන් ධනංජය (ඔස්ටින් මිනි 1275)
ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ පළමු තරගය (ඉන්දන විද්‍යුත් විසරණ)
1 චන්දිම ගුණරත්න (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ. එෆ්. අයි. 1300)
2 ඇන්ඩෘ චොක්සි (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ. එෆ්. අයි. 1300)
3 ලසිත නාඔටුන්න (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ. එෆ්. අයි. 1300)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ පළමු තරගය
1 අෂාන් සිල්වා (මිට්සුබිශී ලාන්සර් එවොලූෂන් 2000)
2 අබීත් දංගල්ල (මිට්සුබිශී ලාන්සර් එවොලූෂන් 2000)
3 දිනේෂ් ජයවර්ධන (මිට්සුබිශී ලාන්සර් 2000)
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) මෝටර් රථ තරගය
1 මයිකල් විජේසූරිය (ටොයොටා විට්ස් 1050)
2 අජිත් කීර්ති (ඔටෝබස්ක් 1028)
3 එස්. ඒ. දුමින්ද (නිසාන් මාර්ච් 1050 )
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1300)
2 රජිත උළුවිට (ෆෝඞ් ලේසර් 1300)
3 සුසන්ත ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1300)
ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය (ඉන්දන විද්‍යුත් විසරණ)
1 ඇන්ඩෘ චොක්සි (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ. එෆ්. අයි. 1300)
2 ලසිත නාඔටුන්න (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ. එෆ්. අයි. 1300)
3 රංජය දිසානායක (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ. එෆ්. අයි. 1300)
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා (සි ධා. 1500 දක්වා) මෝටර් රථ තරගය
1 කාවින්ද්‍ර සේනාරත්න (ෆෝඞ් ලේසර් 1500)
2 රජිත් උළුවිට (ෆෝඞ් ලේසර් 1500)
3 තරිඳු ධර්මරත්න (මැස්ඩා 1500)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය
1 උෂාන් පෙරේරා (මිට්සුබිශී ලාන්සර් එවොලූෂන් 2000)
2 අෂාන් සිල්වා (මිට්සුබිශී ලාන්සර් එවොලූෂන් 2000)
3 අබීත් දංගල්ල (මිට්සුබිශී ලාන්සර් එවොලූෂන් 2000)
![]() |
උෂාන් පෙරේරා |
|
අභීත් දංගල්ල |
|
කාවින්ද්‍ර සේනාරත්න |
|
එස්. ඒ. ලක්ෂිකා |
|
ඇන්ඩෘ චොක්සි |
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.