Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner නරියා කන්ද මෝටර් රථ තරග වැට උඩ

නරියා කන්ද මෝටර් රථ තරග වැට උඩ

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසරේ ප‍්‍රධානතම මෝටර් ක්‍රොස් තරගාවලියක් වන නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලිය මේ වසරේ මෝටර් රථ තරග දින දර්ශනයට ඇතුළත් නොවීම පිළිබඳව මෝටර් රථ සහ යතුරුපැදි කී‍්‍රඩකයෝ මෙන්ම කී‍්‍රඩා ලෝලීහුද දැඩි කණස්සල්ල පළ කර තිබේ.

වසර 22 ක් පුරා පැවත එන මෙම තරගාවලිය දියතලාව, ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය සහ ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය එක්ව සංවිධානය කරයි.

වාර්තා වන පරිදි ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය, නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලිය සඳහා වෙන්කළ දිනයට ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් එම තරගාවලිය මේ වසරේ මෝටර් රථ තරග දින දර්ශනයට ඇතුළත් වී නැත.  

මේ සම්බන්ධව මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමයේ ලේකම් ජාලිය ජයසේකර මහතාගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ඔහු කියා සිටියේ තරගාවලි දෙකක් එකම දින වලදී යොදා ගැනීමෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබෙන බවත්, එය කී‍්‍රඩකයන්ට මෙන්ම කී‍්‍රඩා ලෝලීන්ටද කරන අසාධාරණයක් බවත්ය.

ජයසේකර මහතා කියා සිටින්නේ මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය ලබන අපේ‍්‍රල් 17 සහ 18 දෙදින නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමයේ අනුමැතිය ඉල්ලා ඇති නමුත් ශ්‍රී ලංකා යතුරුපැදි සංගමයද අපේ‍්‍රල් 18 සහ 19 දෙදින නුවර එළිය මෝටර් රථ (මහා මාර්ගයේ) තරගාවලිය පැවැත්වීමට අනුමැතිය ඉල්ලා තිබීමෙන් එහි අර්බුදයක් උද්ගත වූ බවයි.  

කෙසේ වුවත් මෙම තරගාවලි දෙක එකම දින වලදී පැවැත්වීමට අනුමැති ලබා දුන්නොත්් ඊට සහභාගී වීම සම්බන්ධයෙන් තරගකරුවන් දැඩි අපහසුතාවයකට ලක්වන අතර තරග සංවිධායකයන්ද ඒ හා සමාන අපහසුතාවයකට පත්වනු ඇති බව මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමය විශ්වාස කරන බව ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඔහු පවසා සිටින්නේ තරගාවලි සඳහා යොදාගත් දිනයන් වෙනස්කර ගැනීමට අදාළ කී‍්‍රඩා සමාජ දෙකම එකග නොවූ බැවින් මෙම ගැළුලූව විසඳගැනීමට මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමය සිය විධායක සභිකයන් අතර ඡන්දයක් පැවැත්වීමට තීරණය කළ බවයි.

එහිදී වැඩි ඡන්ද ලබාගත් කී‍්‍රඩා සමාජයට පෙර යොදාගත් දින වලදීම තරගාවලිය පැවැත්වීමට අනුමැතිය ලබාදෙන බවත්, සෙසු කී‍්‍රඩා සමාජයට සිය තරගාවලිය සඳහා වෙනත් දිනයක් යොදාගැනීමට සිදුවන බවත් මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමය ඔවුන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව ඡන්ද විමසුමේදී ජයගත් ශ්‍රී ලංකා යතුරුපැදි සංගමයට අපේ‍්‍රල් 18 සහ 19 දින වලදී නුවර එළිය මහා මාර්ගයේ මෝටර් රථ තරගාවලිය පැවැත්වීම සඳහා මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමයේ අනුමැතිය හිමිවූ බව ලේකම් වරයා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වුවත් නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය වෙනත් දිනයක් යොදාගතහොත් එය මෝටර් රථ තරග දින දර්ශනයට ඇතුළත් කිරීමට මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමය සූදානමින් සිටින බවද ඔහු පැවසීය.


අදහස් (0)

නරියා කන්ද මෝටර් රථ තරග වැට උඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.