Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner නරියාකන්ද අර්බුදය නිමයි

නරියාකන්ද අර්බුදය නිමයි

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

නරියාකන්ද සුපර්ක්‍රොස් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දින වකවානු සම්බන්ධයෙන් පැවැති අර්බුදකාරී තත්ත්වය නිමාවට පත්කරමින් පෙර යොදාගෙන තිබූ දින වලදීම (අපේ‍්‍රල් 17 - 18) එම තරගාවලිය පවත්වන ලෙස කී‍්‍රඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා උපදෙස් දී ඇතැයි වාර්තාවේ.  

නරියාකන්ද තරගාවලිය පැවැත්වීම සඳහා මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමය දින ලබා නොදෙන බව සඳහන් කරමින් මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය කී‍්‍රඩා අමාත්‍ය වරයාට යොමු කළ පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් අමාත්‍ය වරයා මෙම උපදෙස් ලබාදී ඇත.  

ඒ අනුව අමාත්‍ය වරයාගේ උපදෙස් පරිදි කී‍්‍රඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මිය තරගාවලිය පෙර යොදාගෙන තිබූ දින වලදීම පැවැත්වීම සඳහා අනුමැතිය ලබාදෙන ලෙස මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමයට ලිපියක් මගින් දන්වා තිබේ.

කී‍්‍රඩා අධ්‍යක්ෂ ජෙනරාල් වරියගේ ලිපිය ලැබී දිනක් ඇතුළත මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමය වෙනුවෙන් එහි ලේකම් ජාලිය ජයසේකර මහතා විසින් අපේ‍්‍රල් මස 17 - 18 දෙදිනදී නරියාකන්ද තරගාවලිය පැවැත්වීම සඳහා අවසර ලබාදෙන බව මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමයේ ලේකම් රිස්වි ෆරුක් මහතා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය අපේ‍්‍රල් 17 සහ 18 දෙදින නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලිය පැවැත්වීමට මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමයේ අනුමැතිය ඉල්ලා තිබූ අතර ශ්‍රී ලංකා යතුරුපැදි සංගමයද ලබන අපේ‍්‍රල් 18 සහ 19 දෙදින නුවර එළිය මාර්ග මෝටර් රථ තරගාවලිය පැවැත්වීමට අනුමැතිය ඉල්ලා තිබීමෙන් මෙම අර්බුදකාරී තත්ත්වය උද්ගත විය.

එහිදී නුවර එළිය මාර්ග මෝටර් රථ තරගාවලිය පැවැත්වීමට මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමයේ අනුමැතිය මුලින් ලැබුණද, නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලිය පැවැත්වීමට අනුමැතිය නොලැබීමේ තත්ත්වයක් මත ඒ සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍ය වරයාට පැමිණිලි කිරීමට මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය කටයුතු කළේය.

 

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

නරියාකන්ද අර්බුදය නිමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.