Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලිය 18 දා

නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලිය 18 දා

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියක් වන ‘නරියාකන්ද සුපර්ක්‍රොස්’ තරගාවලියේ 23 වැනි අදියර මේ මස 18 වැනිදා උදෑසන 9.00 සිට දියතලාව, නරියා කන්ද ධාවන පථයේදී පැවැත්වේ.

මෙවර තරගාවලියට සහභාගී වන කී‍්‍රඩකයන් සංඛ්‍යාව 200 කට ආසන්න වන අතර ප‍්‍රධාන පෙළේ ඉන්දීය මෝටර් රථ රියදුරන් දෙදෙනෙක් සහ යතුරුපැදිකරුවන් තිදෙනක්ද තරගාවලියට සහභාගී වීමට නියමිතය.

දක්ෂතම මෝටර් රථ රියදුරා සහ යතුරුපැදි ධාවකයා තෝරාගැනීමේ තරගද ඇතුළත්ව මෝටර් රථ ඉසව් 14 කින් සහ යතුරුපැදි ඉසව් 11 කින් මෙම තරගාවලිය සමන්විත වේ.

ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වූ දිනේෂ් දෙහෙරගොඩ මෙවර තරගාවලියට සහභාගී නොවන බැවින් මෙවර මෝටර් රථ කිරුළ සඳහා අරවින්ද පේ‍්‍රමදාස, පසිඳු පීරිස්, ඉෂ්රාක් වහබ්, ජනක ඩයස් සහ මිස්සක නවීන් වැනි තරගකරුවන් අතර ඉතා තියුණු තරගයක් පවති.

ගියවර දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස සම්මාන දිනූ ඉන්දීය කී‍්‍රඩක කේ. පී. අරවින්ද්ට අභියෝගයක් එල්ල කිරීමට දිවයිනේ ප‍්‍රධානම සුපර්ක්‍රොස් යතුරුපැදිකරුවන් දෙදෙනා වන ගයාන් සඳරුවන් සහ ෂෙහාන් සී. අධිකාරි සූදානමින් සිටිති.

ඉන්දියාවේ පැවැති තරගාවලියකදී අබාධයකයට ලක්වීම නිසා තාවකාලිකව කී‍්‍රඩාවෙන් ඉවත්ව සිටි ඉෂාන් දසනායකද මෙවර තරගාවලියේදී යළි කී‍්‍රඩාවට අවතීර්ණ වීමට නියමිතය.

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් යුද හමුදා විද්‍යාපීඨය සහ ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය එක්ව මෙම තරගාවලිය සංවිධානය කරයි.

හුවාවි සමාගම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කරන අතර සියැට්, එක්සයිඞ්, ජෝන් කීල්ස්, කොකා කෝලා සහ එලිෆන්ට් හවුස් යන ආයතනය සම අනුග‍්‍රාහකයන් ලෙස කටයුතු කරයි.

 


අදහස් (0)

නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලිය 18 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.