Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිවයිනේ ප්‍රධානතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියක් වන ‘නරියාකන්ද සුපර්ක්‍රොස්’ තරගාවලිය 26 වැනි වරටත් ලබන අප්‍රේල් මස 21 වැනිදා උදෑසන 9.00 සිට දියතලාව, නරියාකන්ද ධාවන පථයේදී පැවැත්වේ.
දක්ෂතම මෝටර් රථ රියදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබන තරගද සමග මෝටර් රථ ඉසව් 12 කින් සහ යතුරුපැදි ඉසව් 12 කින් මෙවර තරගාවලිය සමන්විත වේ. මේ වන විටත් ක්‍රීඩකයන් 200 ක් පමණ තරගාවලිය සඳහා ලියාපදිංචි වී සිටින අතර ඉදිරියේදී එම සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.
ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට අශාන් සිල්වා සමත් වූ අතර ඉෂාන් දසනායක එවර දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන ලැබීය.
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් යුද හමුදා විද්‍යාපීඨය, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරායාගේ මූලිකත්වයෙන් යුත් කමිටුවක් සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කරයි. ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා මව් සංගමට අනුබද්ධිත සංගම් සහ ක්‍රීඩා සමාජවල නියෝජිතයින් මෙන්ම ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනයට අනුබද්ධිත සංගම් සහ ක්‍රීඩා සමාජවල නියොජිතයින්ගෙන්ද එම කමිටුව සමන්විත වේ.
මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ප්‍රීමා සමාගම කටයුතු කරන අතර එහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම වෙතිනි.
ප්‍රීමා සමාගමේ නියෝජිතයින් යුද හමුදා විද්‍යාපීඨ ආඥාපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න මහතාට අනුග්‍රාහක චෙක්පත ප්‍රධානය කළ අයුරු |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.