Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner නුවරඑළිය මෝටර් රථ - යතුරුපැදි තරග ඉරිදා

නුවරඑළිය මෝටර් රථ - යතුරුපැදි තරග ඉරිදා

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා යතුරුපැදි සංගමය සහ නුවරඑළිය මෝටර් රේසිං සංගමය එක්ව සංවිධානය කරන නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ලබන ඉරිදා (19 වැනිදා) නුවරඑළිය නගර මධ්‍යයේදී පැවැත්වේ.

මෙවර තරගාවලිය ඉසව් 17 කින් සමන්විත වන අතර ඊට මෝටර් රථ තරග 6 ක් සහ යතුරුපැදි තරග 11 ක් ඇතුළත් වේ. තරගාවලියට සහභාගී වීමට නියමිත තරගකරුවන් සංඛ්‍යාව 150 කට ආසන්නය.

මෙවර තරගාවලියේදී මෝටර් රථ අංශයෙන් කුෂාන් පීරිස්, දුමින්ද ජයසිංහ, ලක්මාල් විජේරත්න, ටිරෝන් හෙන්ඳාවිතාරණ, චවින්ද ධර්මවර්ධන සහ ධම්මික පීරිස් වැනි තරගකරුවන් ඉදිරියෙන් සිටින අතර යතුරුපැදි අංශයෙන් මධුරංග කල්දේරා, රේසා ඔඩයාර්, ආනන්ද සම්පත් වීරසිංහ, සුරාජ් පෙරේරා, ඉරන්ත තාරුක, සංජීව උදය කුමාර සහ කසුන් ධනුෂ්ක සුභසිංහ වැනි තරගකරුවෝ ඉදිරියෙන් සිටිති.

ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී මෝටර් රථ අංශයෙන් වැඩි දස්කම් දැක්වීමට කුෂාන් පීරිස් සමත් වූ අතර ඔහු ‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරග 2 ම ජයගනිමින් ද්විත්ව ජයග‍්‍රහණයකට හිමිකම් කීවේය.

එම තරගාවලියේ යතුරුපැදි අංශයේ ද්විත්ව ජයග‍්‍රහණයකට හිමිකම් කියමින් වැඩිදෙනාගේ අවධානය දිනාගත් යතුරුපැදිකරුවා වූ ශී‍්‍රයාන් සැමුවෙල් මෙවර තරගාවලියට සහභාගී නොවේ.

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු ‘ඞී‍්‍රම් කුසලාන’ යතුරුපැදි තරගාවලියේ පළමු අදියරට සහභාගී වීම නිසා ලාබාල කී‍්‍රඩක ජේඞ්න් ගුණවර්ධද තරගාවලියට සහභාගී නොවන අතර ප‍්‍රවීන කී‍්‍රඩක ආනන්ද වෙඩිසිංහගේ සහභාගීත්වයද අවිනිශ්චිත තත්වයක පවතින බව වාර්තා වේ.


අදහස් (0)

නුවරඑළිය මෝටර් රථ - යතුරුපැදි තරග ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.