Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ෆෝමියුලා I කාණ්ඩයේ ලෝක රියදුරු ශූරතාව සිව්වරක් දිනා සිටින සෙබස්තියන් වෙට්ල් හිටපු ලෝක ශූරයා වන මයිකල් ෂූමාකර්ගේ පුත් මික් ෂූමාකර් මහත් සාදරයෙන් ෆෝමියුලා තරග බිමට පිළිගනී. පසුගිය වසරේ ෆෝමියුලා III කාණ්ඩයේ ශූරතාව දිනාගත් 20 හැවිරිදි මික් ෂූමාකර් මෙම සති අන්තයේදී ෆෝමියුලා II කාණ්ඩයේ පළමු තරගයට සහභාගි වෙයි. ඉන් අනතුරුව අප්‍රේල් 2 වැනිදා බහරේන්හිදීම ෆෙරාරි කණ්ඩායම භාවිතා කරන ෆෝමියුලා I කාණ්ඩයේ රථයක් මික්ට දෙනු ලබන්නේ ඔහුගේ දස්කම් පරීක්‍ෂා කිරීම සඳහාය.
ලෝක රියදුරු ශූරතාව හත් වතාවක් දිනාගනිමින් ලෝක වාර්තාව හිමිකරගෙන සිටින ජර්මනියේ මයිකල් ෂූමාකර්ගේ පුත් මික් ෂූමාකර්ද තමන්ගේ කණ්ඩායමට ඈඳා ගැනීම ෆෙරාරි කණ්ඩායමේ අපේක්‍ෂාවයි. එහෙත් ඇල්ෆා රෝමියෝ කණ්ඩායමද පොඩි ෂූමාකර් කෙරෙහි උනන්දු වෙමින් සිටී.
ළමා කාලයේදී තමන්ගේ වීරයා වූ මයිකල් ෂූමාකර්ගේ පුත් මික්ට මෙම අවස්ථාව ලැබීම ගැන තමන් හදවතින්ම සතුටු වන බව වෙට්ල් පැවසීය. මයිකල් ලෝක ශූරතා හතෙන් ශූරතා 5 ක් දිනාගෙන ඇත්තේ ෆෙරාරි කණ්ඩායම නියෝජනය කරමිනි. සෙබස්තියන් වෙට්ල් නියෝජනය කරන්නේත් ෆෙරාරි කණ්ඩායමයි.
“ඇත්තටම නමත්, ඒ වගේම මයිකල් ෂූමාකර්ගේ පුතා වීමත් නිසා එයාගෙන් බලාපොරොත්තු වන දේ වැඩී. ඒත් ෆෝමියුලා I කාණ්ඩයට එන්න නම් වේගය තියෙනවා කියන එක ඔහු ඔප්පු කරන්න ඕනා” යයි වෙට්ල් පැවසීය. මික් ෂූමාකර් ළමා වියේ සිටම සෙබස්තියන් වෙට්ල් හොඳින් හඳුනයි.
“මෙතෙක් කාලයක් එයා එයාගේ වැඩ කොටස හොඳින්ම කරලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාව එයාට ලැබීම හොඳටම සුදුසුයි......දැන් අපි එයාට අවස්ථාව දෙන්න ඕනේ එයාගේ වැඩ කොටස කරන්න. මේක පහසු නැති වුණත් ඒක එයාට අලුත් දෙයක් නෙමෙයි. අපි බලමු” යයිද වෙට්ල් පැවසීය.
වසර 2013 දී හිම මත ලිස්සායාමේදී අනතුරකට පත්වූ මයිකල් ෂූමාකර් බරපතළ ලෙස තුවාල ලැබූ අතර තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවෙයි. ඔහු ප්‍රසිද්ධ ස්ථාන වලට නොපැමිණෙන අතර පවුලේ සාමාජිකයන් විසින් ඔහුව ලෝකයාගෙන් වසං කරගනු ලැබ සිටී.
කෙසේ වෙතත් මයිකල්ගේ බිරිඳ, කොරිනා ෂූමාකර් මහත්මිය සිය පුතණුවන් වන මික් ෂූමාකර් සහභාගි වන තරග නැරඹීමට යයි. බහරේන්හිදී පැවැති පුහුණුවීම් සඳහා මික් සහභාගිවූ ආකාරය දැකගැනීමට ද කොරින් ෂූමාකර් මහත්මිය පැමිණ සිටියාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.