Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner මහගස්තොට කඳු තරණය නුවර එළියේදී

මහගස්තොට කඳු තරණය නුවර එළියේදී

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

දිවයිනේ පැරණිතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ලෙස සැලකෙන මහගස්තොට කඳු තරණය හෙට (4 වැනිදා) පෙරවරු 9.00 සිට නුවර එළිය නගරයේදී පැවැත්වේ.

මෝටර් රථ ඉසව් 10 ක් සහ යතුරුපැදි ඉසව් 9 ක් මෙවර තරගාවලියට ඇතුළත් වන අතර මෝටර් රථ ධාවකයන් 40 ක් සහ යතුරුපැදිකරුවන් 100 ක් පමණ ඊට සහභාගී වීමට නියමිතය.

මෙම තරගාවලියේ මෝටර් රථ තරග වාර්තාවට එස්. එල්. ජී. ටී. (සිලින්ඩර් ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ කාණ්ඩයෙන් තරග වැදුණ ඩරින් වීරසිංහ හිමිකම් කියන අතර ඔහුට තරගය නිමා කිරීම සඳහා ගතවූ අවම කාලය තත්ත්පර 34.348 කි.

එස්. එම්. (සිලින්ඩර් ධාරිතාව 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි කාණ්ඩයෙන් තරග වැදුණ ආනන්ද සම්පත් එහි යතුරුපැදි වාර්තාවට හිමිකම් කියයි. ඔහුගේ අවම තරග නිමි කාලය තත්ත්පර 36.364 කි.

සිලෝන් මෝටර් රථ කී‍්‍රඩා සමාජය 81 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයන් ලෙස මොබිල් ලූබි‍්‍රකන්ට්ස් සහ මැක්ෆොයිල් සමාගම් කටයුතු කරති.

 


අදහස් (0)

මහගස්තොට කඳු තරණය නුවර එළියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.