Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner මහගස්තොටදී නිශාන්ගෙන් නව වාර්තාවක්

මහගස්තොටදී නිශාන්ගෙන් නව වාර්තාවක්

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

දිවයිනේ පැරණිතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ලෙස සැලකෙන ‘මහගස්තොට කඳු තරණයේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවමින් තරගකරුවෙකු දැක්වූ හොඳම තරග නිමි කාලය වාර්තා කිරීමට නිෂාන් වීරසූරිය සමත් විය.
 
තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙසද සම්මාන දිනාගත් නිෂාන් වීරසූරිය, මිට්සුබිෂී ලාන්සර් වර්ගයේ මෝටර් රථයක් භාවිතා කරමින් එස්. එල්. ජී. ටී. කාණ්ඩයෙන් (සිලින්ඩර් ධාරිතාව 3500 දක්වා) තරගාවලියට එක් විය. ඔහුට එක් නැග්මක් නිමා කිරීම සඳහා ගතවූ අවම කාලය තත්ත්පර 34.17 කි. නිෂාන් විසින් මෙවර තරගාවලියේදී බිඳ දමන ලද්දේ 2013 වසරේදී ඩරින් වීරසිංහ විසින් තත්ත්පර 34.35 කින් එක් නැග්මක් සඳහා පිහිටුවන ලද වාර්තාවයි.

මෙවර තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ආනන්ද සම්පත් සමත්වූ අතර ඔහුට නැග්මක් සඳහා ගතවූ අවම කාලය තත්ත්පර 34.84 කි.

2013 වසරේදී පිහිටුවනු ලැබූ තමන්ගේම වාර්තාව නැවත වරක් අලූත් කිරීමටද ආනන්ද සම්පත් මෙම තරගාවලියේදී සමත් විය. තත්ත්පර 36.36 කින් නැග්මක් අවසන් කරමින් ඔහු තමාගේ පැරණි වාර්තාව පිහිටුවා තිබිණ.

හොණ්ඩා සී. ආර්. එෆ්. 450 වර්ගයේ යතුරුපැදියක් භාවිතා කළ ආනන්ද සම්පත්, එස්. එම්. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 175 සිට 250 දක්වා) සුපිරි යතුරුපැදි ඉසව්වෙන් තරගාවලියට එක්ව සිටියේය. වැඩි දෙනාගේ අවධානයට ලක් වූ තවත් වේගවත් තරග ඉසව්වක් ලෙස හැදින්විය හැකි ෆෝමියුලා (සිලින්ඩර් ධාරිතාව 1600 දක්වා) මෝටර් රථ තරගය ජයගැනීමට රොහාන් ද සිල්වා සමත් විය.

මෙවර තරගාවලියට මෝටර් රථ ඉසව් 10 ක් සහ යතුරුපැදි ඉසව් 9 ක් ඇතුළත් වූ අතර මෝටර් රථ රියැදුරෝ 40 ක් සහ යතුරුපැදිකරුවෝ 100 ක් පමණ ඊට සහභාගී වූහ.

සිලෝන් මෝටර් රථ කී‍්‍රඩා සමාජය 81 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයන් ලෙස මොබිල් ලූබි‍්‍රකන්ට්ස් සහ මැක්ෆොයිල් සමාගම් කටයුතු කලහ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


මෝටර් රථ තරග ප‍්‍රතිඵල

එස්. එල්. එන්. කාණ්ඩයේ සි. ධා. 1300 දක්වා ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 ජනිත් කුමාරගේ (ෆෝඞ් ලේසර් 1300)
2 ඬේවිඞ් සියගුණ (මැස්ඩා ෆැමිලියා 1300)
3 තාරුක රත්නායක (මැස්ඩා ෆැමිලියා 1300)

 

එස්. එල්. එන්. කාණ්ඩයේ සි. ධා. 1500 දක්වා ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 තරිඳු ධර්මරත්න (මැස්ඩා ෆැමිලියා 1500)
2 කුමාර් සමරසිංහ (මැස්ඩා 323 ජී. එල්. එක්ස්. 1500)


සි. ධා. 1600 දක්වා ෆෝමියුලා මෝටර් රථ
1 රොහාන් ද සිල්වා (ෆෝමියුලා වැන්ඩයිමන් 1600)
2 දිනේෂ් ජයවර්ධන (ෆෝමියුලා වැන්ඩයිමන් 1600)
3 විරෙන් බොතේජු (ෆෝමියුලා රයිනාඞ් 1600)


එස්. එල්. ඒ. කාණ්ඩයේ සි. ධා. 1000 දක්වා මිනි 7 මෝටර් රථ
1 රවින් වන්නිතම්බි (ඔස්ටින් මිනි 1000)
2 නාමල් සිල්වා (ඔස්ටින් මිනි 1000)
3 ඩබ්ලිව්. එන්. එස්. තිසේරා (ඔස්ටින් මිනි 1000)


එස්. එල්. ඒ. කාණ්ඩයේ සි. ධා. 1050 දක්වා මෝටර් රථ
1 මහේන මඩුගල්ල (ඔස්ටින් මිනි 1050)
2 හෆීස් කේඩාර් (ඔස්ටින් මිනි 1050)
3 ඒ. එස්. පි‍්‍රයශාන්ත (ටොයොටා විට්ස් 1050)


ෆෝමියුලා මැක්ලරන්ස් සි. ධා. 1300 දක්වා මෝටර් රථ
1 චන්දිම ගුණරත්න (ෆෝමියුලා මැක්ලරන්ස් 1300)
2 විරෙන් බොතේජු (ෆෝමියුලා මැක්ලරන්ස් 1300)
3 අයේෂ් බණ්ඩාර (ෆෝමියුලා මැක්ලරන්ස් 1300)

    
එස්. එල්. එස්. කාණ්ඩයේ සි. ධා. 1500 දක්වා විශේෂ මෝටර් රථ
1 මධුෂාන් මාන්නප්පෙරුම (හොණ්ඩා සිවික් 1500)
2 දේවින්ද ද සිල්වා (හොණ්ඩා සිවික් 1500)
3 එස්. මාන්නප්පෙරුම (හොණ්ඩා සිවික් 1500)


එස්. එල්. එච්. කාණ්ඩයේ සි. ධා. 1600 දක්වා මෝටර් රථ
1 ෆහාම් නියුමාන් (හොණ්ඩා සිවික් 1600)
2 ශෙහාරා ජයවර්ධන (හොණ්ඩා සිවික් 1600)
3 කමිල් හුසේන් (හොණ්ඩා සිවික් 1600)

 
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ සි. ධා. 3500 දක්වා මෝටර් රථ

1 නිෂාන් වීරසූරිය (මිට්සුබිෂී ලාන්සර් 2000)
2 ඩරින් වීරසිංහ (සුබාරු එස්. ටී අයි. එක්ස් 2000)
3 දිනේෂ් ජයවර්ධන (මිට්සුබිෂී එවොලූෂන් VIII 2000)


යතුරුපැදි තරග ප‍්‍රතිඵල

සි. ධා. 100 සිට 125 දක්වා නවීකරණය නොකළ යතුරුපැදි

1 ඇන්ඩෘ ශිහාන් පෙරේරා (හොණ්ඩා ජේ. එක්ස්. 125)
2 ප‍්‍රභාත් පෙරේරා (හොණ්ඩා සී. බී. ජේ. එක්ස්. 125)  
3 විජිත පෙරේරා (හොණ්ඩා ජේ. එක්ස්. 125)

සි. ධා. 125 සිට 160 දක්වා නවීකරණය නොකළ යතුරුපැදි
1 ආනන්ද සම්පත් වීරසිංහ (බජාජ් පල්සර් 150)
2 ගනේෂ් විජේකුමාර් (බජාජ් පල්සර් 150)
3 ජී. විනෝත් (බජාජ් පල්සර් 150)

සි. ධා. 250 සිට 1000 දක්වා නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි
1 රේසා ඔඩයාර් (බී. එම්. ඩබ්ලිව්. එච්. පී. IV 1000)
2 හේෂාන් පසිඳු (හොණ්ඩා සී. බී. ආර්. 250)
3 නිපුන් දිලංක (හොණ්ඩා සී. බී. ආර්. 250)

සි. ධා. 100 සිට 125 දක්වා නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි
1 ශේන් සිල්වා (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
2 ගනේෂ් විජේකුමාර් (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
3 හේෂාන් පසිඳු (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)

සි. ධා. 125 සිට 250 දක්වා නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි
1 පී. රජගුරු (කවසාකි කේ. එල්. එක්ස්. 250)
2 එස්. වාසුදේවන් (සුසුකි ඞී. ආර්. 250)
3 සරත් කුමාරසිංහ (සුසුකි ඞී. ජේ. ඊ. බී. ඊ. එල් 250)
 
සුපර් මෝටාඞ් යතුරුපැදි විවෘත
1 ඉරන්ත තාරුක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 සචිර රාජකරුණා (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 දුෂාන් මුදලිගේ (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)

සි. ධා. 450 දක්වා සුපිරි යතුරුපැදි
1 ආනන්ද සම්පත් වීරසිංහ (හොණ්ඩා සී. ආර්. එෆ්. 450)
2 සරත් කුමාරසිංහ (හොණ්ඩා සී. ආර්. එෆ්. 450)
3 ජී. විනෝත් (සුසුකි ආර්. එම්. 250)

සි. ධා. 85 දක්වා නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි යතුරුපැදි
1 නිමේෂ් සඳරුවන් වීරසිංහ (යමහා වයි. ඉසෙඞ්. 85)
2 ගිහාන් සංජීව (යමහා සුපර් 80)
3 බුද්ධික සඳකැළුම් (හොණ්ඩා සී. ආර්. 85)

සි. ධා. 125 දක්වා රේසිං යතුරුපැදි
1 වී. ටී. ශන්තාරම් (හොණ්ඩා ආර්. එස්. 125)
2 සුදාර වීරසිංහ (හොණ්ඩා ආර්. එස්. 125)
3 විකුම් රංජිත් (හොණ්ඩා ආර්. එස්. 125)

 

මහගස්තොට කඳු තරණයේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

මහගස්තොටදී නිශාන්ගෙන් නව වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.