Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
උඩවලව, සෙවනගල යුද හමුදා ධාවන පථයේදී පැවති සිව්වැනි ‘වලව සුපර් ක්‍රොස්’ තරගාවලියේදී යතුරුපැදි අංශයෙන් ෂෙහාන් සී. අධිකාරිද, මෝටර් රථ අංශයෙන් මේජර් ජෙනරාල් රවී මායාදුනේද කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත්වූහ.
ඉකුත් වසරේ යතුරුපැදි ජාතික ශූරයා වූ ගයාන් සඳරුවන් සමග කළ කරට කර තරගයකින් අනතුරුව එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි තරග දෙකම ජයගැනීමට ෂෙහාන් සී. අධිකාරි සමත්වූයේ එම තරග දෙකේදීම ගයාන් සඳරුවන් දෙවැනි ස්ථානයට පත්කරමිනි.
තරග දෙකේම තෙවැනි ස්ථාන දිනාගැනීමට යුද හමුදා කී‍්‍රඩක සමීර පේ‍්‍රමරත්න සමත්වූ අතර තවත් ප‍්‍රබල යතුරුපැදි කරුවන් දෙදෙනකු වන ඉශාන් දසනායක සහ දේෂාන් සොලංකිට ධාවන පථය මැදදී මුහුණදීමට සිදුවූ අනතරු හේතුවෙන් පළමු තරගයේදීම ඉවත් වීමට සිදුවිය.
ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ පැවැති තරග 3 ම ඉතා විශිෂ්ට ලෙස ජය ගැනීමට රවී මායාදුන්නේ සමත්වූයේ සංජය සේදර සෙනරත්, දුමින්ද ජයසිංහ, ඉන්දු සමරකෝන් වැනි එම ඉසව්වේ තවත් ප‍්‍රබල කී‍්‍රඩකයන් පසුපසට ඇද දමමිනි. ඒ අනුව මෙවර තරගාවලියේ වැඩිම ජයග‍්‍රහණ ලාභියා බවට පත්වීමට රවී මායාදුන්නේ සමත්විය.
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ තරගය ජයගැනීමට ඉශ්රාක් වහබ් සමත් වුවද, එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරගය අතරතු-ර චරිත් පෙරේරාගේ සහ ලිනූෂ පෙරේරාගේ් මෝටර් රථ එකිනෙකට ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරක් නිසා එම තරගය අවලංගු කිරීමට සංවිධායකයන් පියවර ගැනීමත් සමග එය ජයගැනීමට තිබූ පහසු අවස්ථාවක් ඔහුගෙන් ගිළිහී ගියේය.
කෙසේ වෙතත් සුපිරි මෝටර් රථ ඉසව්ව නියෝජනය කරන තවත් ප‍්‍රබල කී‍්‍රඩකයන් වන අරවින්ද පේ‍්‍රමදාස, අශාන් සිල්වා, පසිඳු පීරිස් සහ දිනේෂ් දෙහෙරගොඩ මෙම තරගාවලියට සහභාගී නොවීම හේතුවෙන් මෝටර් රථ අංශයේ තරගකාරීත්වය තරමක් අඩුවූ බවක් දැකගත හැකිවිය.
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරග ඉසව් දෙකම (සි. ධා. 1300 දක්වා සහ සි. ධා. 1500 දක්වා) ජය ගැනීමට කුෂාන් පීරිස් සමත්විය. පළමු තරගයේ අවසන් මොහොතේදී රථයේ පාලනය ඔහුගේ අතින් ගිළිහීයෑම නිසා යම් විටෙක ඔහුට එහි ජයග‍්‍රහණය අහිමි වීමට පවා ඉඩ තිබිණ. එම තරග දෙකේම දෙවැනි ස්ථාන දිනාගැනීමට සුසන්ත ගුණවර්ධන සමත් වූ අතර ඔහුගේ පුත් ශෙනාල් ගුණවර්ධන දෙවැනි තරගයේ තෙවැනි ස්ථානයට පත්වූයේ තම පියා සමග කළ තියුණු තරගයකින් අනතුරුවය.
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපිරි යතුරු පැදි තරගයේදී මෙන්ම විවෘත සුපිරි යතුරුපැදි තරගයේදීද උදික ශී‍්‍රමාල් මලවිගේ සමග උරෙන් උර ගැටෙමින් ධාවනයේ යෙදුන නවක කී‍්‍රඩක ඉමාල් මංචනායක, එම තරග දෙකම ජයගැනීමට සමත්වූයේ තරගාවලියේ නැගී එන කී‍්‍රඩකයා ලෙස පේ‍්‍රක්ෂක ප‍්‍රසාදය දිනාගනිමිනි. ප‍්‍රවීණ කී‍්‍රඩක ආනන්ද වෙඩිසිංහ විවෘත තරගයේ තෙවැනි ස්ථානයට පත්විය.
යුද හමුදාව නියෝජනය කළ සමීර පේ‍්‍රමරත්න සහ එක්සයිඞ් කණ්ඩායම නියෝජනය කළ ලහිරු ජීවන්ත යන කී‍්‍රඩකයන්ද තමන් සහභාගී වූ තරග වලදී ප‍්‍රථම ස්ථාන දෙක බැගින් දිනාගැනීමට සමත්වූහ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි සහ යාන්ති‍්‍රක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සමග එක්ව සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියේ් ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ලෙස කොස්වේ පේන්ට්ස් ආයතනය කටයුතු කළේය.
තරග ප‍්‍රතිඵල
එම්. කාණ්ඩයේ සන්නද්ධ සේවා සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 නිහාල් විජේරත්න (කවසාකි කේ. ඞී. එකස්. 125)
2 කසුන් විජේසේකර (කවසාකි කේ. ඞී. එකස්. 125)
3 රංජිත් සමරවීර (කවසාකි කේ. ඞී. එකස්. 125)
එම්. එක්ස්. කාණ්ඩයේ සන්නද්ධ සේවා (සි. ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි තරගය
1 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
2 කසුන් ද සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
3 ඉන්දික බස්නායක (යමහා වයි. ඉසෙඞ්. 125)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමීලියර් 1300)
2 සුසන්ත ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1300)
3 ජනිත් කුමාරගේ (ෆෝඞ් ලේසර් 1300)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 250 දක්වා) සුපිරි යතුරුපැදි තරගය
1 ඉමාල් මංචනායක (හොණ්්ඩා සී. ආර්. එෆ්. 250)
2 උදික ශී‍්‍රමාල් මලවිගේ (යමහා වයි. ඉසෙඞ් 250)
3 ඉරන්ත තාරුක (හොණ්්ඩා සී. ආර්. එෆ්. 250)
ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ සන්නද්ධ සේවා මෝටර් රථ තරගය
1 රවී මායාදුන්නේ (ටොයොටා එල්. සී. බී. ජේ. 3000)
2 ඉන්දු සමරකෝන් (මිට්සුබිශී පෙජරෝ 2500)
3 රන්දි ජයසිංහ (ටොයොටා ලෑන්ඞ් කෘයිසර් 3000)
එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 ඊ. ඒ. එදිරිසිංහ (කවසාකි කේ. ඞී. එකස්. 125)
2 කසුන් විජේසේකර (කවසාකි කේ. ඞී. එකස්. 125)
3 රුවන් මධුරංග (කවසාකි කේ. ඞී. එකස්. 125)
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද මෝටර් රථ තරගය
මෙම තරගය පැවැත්වූයේ නැත.
ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 10 න් පහළ) තරගය
1 අබිෂේක් බණ්ඩාර (යමහා පී. ඩබ්. 50)
2 තාරුක රුමීෂ (යමහා පී. ඩබ්. 50)
3 දෙමිත ජයවර්ධන (යමහා පී. ඩබ්. 50)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය
1 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
2 ඉෂාන් දසනායක (යමහා වයි. ඉසෙඞ්. 125)
3 ඉන්දික බස්නායක (යමහා වයි. ඉසෙඞ්. 125)
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) මෝටර් රථ තරගය
1 ඉෂ්රාක් වහබ් (හොන්ඩා සිවික් 1500)
2 ග්ලේන් ජයසේකර (හොණ්ඩා සී. ආර්. එක්ස්. 1500)
3 එස්. ඒ. පි‍්‍රයශාන්ත (ෆෝඞ් ලේසර් 1500)
ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 13 න් පහළ) තරගය
1 වෙනුෂ්ක ටී. සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 85)
2 භානුක රත්නායක (කවසාකි කේ. ඞී. එකස්. 85)
3 නවික් බණ්ඩාර (යමහා වයි. ඉසෙඞ්. 85)
ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ (සි. ධා. 5500 දක්වා) ඞීසල් මෝටර් රථ තරගය
1 රවී මායාදුන්නේ (ටොයොටා එල්. සී. බී. ජේ. 3000)
2 මංජුල විජේසිංහ (මිට්සුබිශී පෙජරෝ 2500)
3 රන්දි ජයසිංහ (ටොයොටා ලෑන්ඞ් කෘයිසර් 3000)
එම් කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ලහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 සම්පත් කුමාර (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
3 හර්ෂණ ප‍්‍රභාත් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝ්ක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 16 න් පහළ) තරගය
1 කසුන් තාරක (කවසාකි කේ. එස්. 85)
2 බිනුල කිතලගම (හොණ්ඩා සී. ආර්. 85)
3 වෙනුෂ්ක ටී. සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 85)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියර් 1500)
2 සුසන්ත ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1500)
3 ශෙනාල් ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1500)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ තරගය
මෙම තරගය පැවැත්වූයේ නැත.
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝ්ක්‍රොස් යතුරුපැදි පළමු තරගය
1 ෂෙහාන් සී. අධිකාරි (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 ගයාන් සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 125)
එම් කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය
1 ලහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 හර්ෂණ ප‍්‍රභාත් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)
3 ආර් එම්. සෆ්රාස් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු මෝටර් රථ තරගය
1 චවින්ද ගුණවර්ධන (සුබාරු ලෙගාසි 2200)
2 යොහාන් විජේසිරිවර්ධන (සුබාරු ලෙගාසි 2200)
3 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2200)
එස්. එම්. කාණ්ඩයේ විවෘත සුපිරි යතුරුපැදි තරගය
1 ඉමාල් මංචනායක (හොණ්්ඩා සී. ආර්. එෆ්. 250)
2 උදික ශී‍්‍රමාල් මලවිගේ (යමහා වයි. ඉසෙඞ් 250)
3 ආනන්ද වෙඩිසිංහ (හොණ්්ඩා සී. ආර්. එෆ්. 250)
එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මොටර් රථ තරගය
සිදුවූ අනතුරක් හේතුවෙන් මෙම තරගය අත්හිටුවන ලදී.
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය
1 ෂෙහාන් සී. අධිකාරි (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 ගයාන් සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 125)
ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගය
1 රවී මායාදුන්නේ (ටොයොටා එල්. සී. බී. ජේ. 3000)
2 සංජය සේදර සෙනරත් (මිට්සුබිශී පෙජරෝ 3000)
3 ඉන්දු සමරකෝන් (මිට්සුබිශී පෙජරෝ 2800)
වලව සුපර් ක්‍රොස් තරගාවලියේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.