Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner මෝටර් රථ ක්‍රීඩා නව ව්‍යවස්ථාව සම්මත නොවෙයි

මෝටර් රථ ක්‍රීඩා නව ව්‍යවස්ථාව සම්මත නොවෙයි

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා මව් සංගමයේ නව ව්‍යවස්ථාව සම්මත කරගැනීම සඳහා පසුගියදා විශේෂ මහ සභා රැස්වීමක් පැවැත්වූ නමුත් ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බහුතරයක් හිමි නොවීමෙන් නව ව්‍යවස්ථාව සම්මත කරගත නොහැකි වී තිබේ. නව ව්‍යවස්ථාව සම්මත කරගැනීම සඳහා පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී නව ව්‍යවස්ථාවට පක්ෂව ඡන්ද 24 ක්ද, විපක්ෂව ඡන්ද 19 ක්ද ලැබී තිබේ.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා මව් සංගමයේ නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම සඳහා ඡන්ද හිමි සාමාජිකයන්ගේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බව එහි සාමාජිකයෝ කියති.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ අනුබද්ධ සංගම් 9 අතුරින් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය (ස්ලඩා), සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය, මෝටර් රේසිං සංගමය, සදර්න් මෝටර් රථ සමාජය සහ මීගමුව මෝටර් රථ සමාජය නව ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය භාවිතා කර තිබේ.

ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය (ස්ලාඩාර්), ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සමාජය, කොළඹ මෝටර් රථ ක්‍රීඩා සමාජය සහ ආසියානු මෝටර් රථ ක්‍රීඩා සංගමය නව ව්‍යවස්ථාවට එරෙහිව ඡන්දය භාවිතා කර තිබේ. එම ක්‍රීඩා සමාජ සහ සංගම් නව ව්‍යවස්ථාවට එරෙහිව ඡන්දය භාවිතා කිරීමට හේතුවී ඇත්තේ ව්‍යවස්ථාව සඳහා ඔවුන් ඉදිරිපත් කළ සංශෝධන ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා මව් සංගමයේ නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙනි.

දැනට මෝටර් රථ තරග වල නිරත වන පුද්ගලයන් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා මව් සංගමයේ තනතුරුවලට පත්වීම වලක්වාලීම, මෝටර් රථ ක්‍රීඩාවේ නිරත වන පුද්ගලයන්ගේ ළඟම ඥාතීන් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා මව් සංගමයේ තනතුරුවලට පත්වීම වලක්වාලීම, නව ක්‍රීඩා සමාජයක් ලියාපදිංචි කිරීමේදි අය කරන මුදල රුපියල් ලක්ෂ 5 සිට රුපියල් 50,000 ක් දක්වා අඩු කිරීම වැනි සංශෝධන කිහිපයක් නව ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලෙස ක්‍රීඩා සමාජ සහ සංගම් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා මව් සංගමයෙන් ඉල්ලා තිබිණ.

එහෙත් එම සංශෝධන ව්‍යවස්ථාවට ඇතුළත් නොකර නව ව්‍යවස්ථාව සකස් කිරීමට ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා මව් සංගමය පියවර ගැනීම නිසා ව්‍යවස්ථාවට විපක්ෂව ඡන්දය භාවිතා කිරීමට එම යෝජනා ඉදිරිපත් කළ ක්‍රීඩා සමාජ සහ සංගම් කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

මෝටර් රථ ක්‍රීඩා නව ව්‍යවස්ථාව සම්මත නොවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.