Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමය විසින් නව වසර (2015) සඳහා සකස්කරන ලද මෝටර් රථ තරග දින දර්ශකයෙන් තරගාවලි 10 ක් ඉවත් කර තිබෙන අතර අලූතින් එක් තරගාවලියක් ඊට එක් කර තිබේ. සංශෝධනයට පෙර පැවැති 2015 මෝටර් රථ තරග දින දර්ශකයට අනුව මේ වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලි ගණන 29 කි.
ආසියානු මෝටර් රථ සංගමය සංවිධානය කරන කටුකුරුන්ද කළාප මෝටර් රථ තරගාවලිය, නව මෝටර් රථ කී‍්‍රඩා දින දර්ශකයට අලූතින් එක්වූ තරගාවලියයි.
කළින් සකස් කරන ලද දින දර්ශකයට අනුව මේ වසරේදී සුපර්ක්‍රොස් තරගාවලි 9 ක්, මාර්ග මෝටර් රථ තරගාවලි 8 ක්, මෝටර් රථ රැලි 6 ක්, කඳු තරණ තරගාවලි 4 ක් සහ රාතී‍්‍ර මෝටර් රථ තරගාවලි 2 ක් පැවැත්වීමට නියමිතව තිබිණ.
කෙසේ වුවත් රට තුළ සිදුවී ඇති දේශපාලන වෙසන්වීම් සහ වෙනත් කරුණු කිහිපයක් හේතුවෙන් සිදුවී ඇති සංශෝධනයන්ගෙන් පසුව මෝටර් රථ තරග දින දර්ශකයෙන් සුපර්ක්‍රොස් තරගාවලි 2 ක්, මාර්ග මෝටර් රථ තරගාවලි 2 ක්, මෝටර් රථ රැලි 3 ක් සහ කඳු තරණ තරගාවලියක් ඉවත් කර තිබේ. එමෙන්ම බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ රාතී‍්‍ර මෝටර් රථ තරගාවලි දෙකද අවලංගු වී තිබේ.
කටුකුරුන්ද රාතී‍්‍ර මෝටර් රථ තරගාවලිය සහ මහනුවර රාතී‍්‍ර මෝටර් රථ තරගාවලිය එලෙස අවලංගු වූ රාතී‍්‍ර තරගාවලි වේ. සීතාවක කඳු තරණය, ලෝටස් රැලිය, වව්නියාව කළාප මෝටර් රථ තරගාවලිය, මීගමුව මාර්ග මෝටර් රථ තරගාවලිය, තිස්ස සුපර්ක්‍රොස් තරගාවලිය, නේවි සුපර්ක්‍රොස් තරගාවලියේ එක් අදියරක් සහ එම්. ආර්. ඒ. රැලි ශූරතාවලියේ අදියර 2 ක්ද මෙවර අවලංගු වූ තරගාවලි අතරට ඇතුළත්වේ.
මෙහි තවත් සුවිශේෂි කරුණක් වන්නේ දිවයිනේ පැරණිතම සුපර්ක්‍රොස් තරගාවලිය වන නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලිය, සංශෝධිත නව මෝටර් රථ තරග දින දර්ශකයට ඇතුළත් නොවීමයි. වසර 22 ක් පුරා පැවැති මෙම තරගාවලිය ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය සහ ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය සමග එක්ව එය සංවිධානය කරනු ලබන්නකි.
වාර්තා වන පරිදි තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබූ දින වකවානු සම්බන්ධයෙන් ඇතුවූ ගැටළුවක් හේතුවෙන් එම තරගාවලිය නව මෝටර් රථ තරග දින දර්ශකයට ඇතුළත්වී නොමැත. කෙසේ වුවත් තරග සංවිධායකයන් එම ගැටළුව විසඳාගත් සැනින් නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලිය මෙවර මෝටර් රථ තරග දින දර්ශකයට නිල වශයෙන් ඇතුළත් කරන බව මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමය පවසයි.
2015 වසරට නියමිත මෝටර් රථ තරග දින දර්ශකය
පෙබරවාරි 22 - එළියකන්ද කඳු තරණය - මාතරදී
මාර්තු 21/22 - කරඳුපන කඳු තරණය - කරඳුපනදී
අපේ‍්‍රල් 05 - මාගස්තොට කඳු තරණය - මාගස්තොටදී
අපේ‍්‍රල් 18/19 - නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලිය - නුවරඑළියේදී
මැයි 16/17 - සීගිරිය රැලික්‍රොස් තරගාවලිය - සීගිරියේදී
මැයි 30/31 - පළමු කටුකුරුන්ද කළාප මෝටර් රථ තරගාවලිය - කටුකුරුන්දේදී
ජූනි 06/07 - වලව සුපර්ක්‍රොස් තරගාවලිය - උඩවලවේදී
ජූනි 13/14 - කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලිය - පාන්ගොල්ලේදී
ජූනි 27/28 - දෙවැනි කටුකුරුන්ද කළාප මෝටර් රථ තරගාවලිය - කටුකුරුන්දේදී
ජූලි 04/05 - ගනර් සුපර්ක්‍රොස් තරගාවලිය - මින්නේරියේදී
අගෝස්තු 29/30 - ගජබා සුපර්ක්‍රොස් තරගාවලිය - සාලියපුරදී
සැප්තැම්බර් 05/06 - කාන්වේ ඔටෝ ඩ්‍රෝම් කළාප මෝටර් රථ තරගාවලිය
සැප්තැම්බර් 12/13 - මීගමුව රැලිය
සැප්තැම්බර් 19/20 - රොදර්හැම් කළාප මෝටර් රථ තරගාවලිය - කටුකුරුන්දේදී
සැප්තැම්බර් 26/27 - දකුණු කළාප මෝටර් රථ තරගාවලිය
ඔක්තෝම්බර් 10/11 - පන්නල කළාප මෝටර් රථ තරගාවලිය - පන්නලදී
ඔක්තෝම්බර් 24/25 - ස්ලාඩා රාතී‍්‍ර මෝටර් රථ රැලිය
නොවැම්බර් 07/08 - නේවි සුපර්ක්‍රොස් තරගාවලිය - වැලිසරදී
නොවැම්බර් 14/15 - එම්. ආර්. ඒ. රැලි ශූරතාවලිය
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.