Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner මෝටර් රථ තරගකරුවන්ට කාර්යබහුල වසරක්

මෝටර් රථ තරගකරුවන්ට කාර්යබහුල වසරක්

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

මේ වසරේ (2016) මෝටර් රථ කී‍්‍රඩා දින දර්ශනය තරගාවලි 23 කින් සමන්විත වන අතර ඊට සුපර්ක්‍රොස් තරගාවලි 8 ක්, මාර්ග මෝටර් රථ තරගාවලි 7 ක්, මෝටර් රථ රැලි 6 ක් සහ කඳු තරණ 2 ක් ඇතුළත් වේ.

පෙබරවාරි මස 19, 20 සහ 21 යන දින වලදී පැවැත්වීමට නියමිත ස්ලාඩා 1000 මෝටර් රථ රැළියෙන් ආරම්භ වන මෙම තරගාවලි මාලාව නොවැම්බර් මස 26 සහ 27 යන දින වලදී පැවැත්වීමට නියමිත ට‍්‍රැක් රේස් තරගාවලියේ දෙවැනි අදියරින් නිමාවට පත්වේ.

මෙතෙක් කලක් වසරකට එක් වරක් පමණක් පැවැති වලව සුපර්ක්‍රොස් තරගාවලිය මෙම වසරේදී අදියර දෙකකින් පැවැත්වීමට එහි සංවිධායකයන් තීරණය කර තිබේ. එහි පළමු අදියර මාර්තු මස 05 සහ 06 යන දින වලදීද, දෙවැනි අදියර මැයි මස 14 සහ 15 යන දින වලදීද පැවැත්වීමට නියමිතය.

වසර ගණනාවක් තිස්සේ අපේ‍්‍රල් මාසයේ එක ලඟ යෙදෙන සෙනසුරාදා දිනයක සහ ඉරිදා දිනයක පැවැත් වූ නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලිය සහ නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලිය මේ වසරේදී සති අන්ත දෙකකදී පැවැත්වීමට දින යොදා තිබේ. ඊට හේතු වී ඇත්තේ එම තරගාවලි දෙක එක ලඟ යෙදෙන දින දෙකකදී පැවැත්වීමෙන් තරග සංවිධායකයන්ට සහ තරගකරුවන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනිමයි.

ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා දින දර්ශනයට මේ වසරේදී අලූතින් එක්වන තරගාවලියක් ලෙස චැම්පියන්ස් සුපර්ක්‍රොස් තරගාවලිය හැදින්විය හැකි අතර ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය සංවිධානය කරන එම තරගාවලිය සැප්තැම්බර් මස 24 සහ 25 යන දින වලදී පැවැත්වීමට නියමිතය.

 


2016 වසරේ මෝටර් රථ කී‍්‍රඩා දින දර්ශකය

 

පෙබරවාරි 19/20/21    - ස්ලාඩා 1000 රැළිය     
පෙබරවාරි 22     - එළියකන්ද කඳු තරණය     - මාතර
මාර්තු 05/06     - වලව සුපර්ක්‍රොස් තරගාවලිය 1    - උඩවලව
මාර්තු 12/13    - එම්. ආර්. ඒ. රැළිය      
මාර්තු 19/20    - සීගිරිය රැළික්‍රොස් තරගාවලිය    - සීගිරිය
අපේ‍්‍රල් 09/10     - මාගස්තොට කඳු තරණය     - මාගස්තොට
අපේ‍්‍රල් 16/17     - නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලිය    - නුවරඑළිය
අපේ‍්‍රල් 23/24      - නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලිය    - දියතලාව
මැයි 07/08    - ට‍්‍රැක් රේස් තරගාවලිය 1    
මැයි 14/15    - වලව සුපර්ක්‍රොස් තරගාවලිය 2    - උඩවලව
මැයි 28/29    - කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලිය    - පාන්ගොල්ල
ජුනි 04/05    - කටුකුරුන්ද කළාප මෝටර් රථ තරගාවලිය    - කටුකුරුන්ද
ජුනි 18/19    - කොළඹ අභියෝගතා රැළිය 1    
ජූලි 09/10     - ගනර් සුපර්ක්‍රොස් තරගාවලිය    - මින්නේරිය
ජූලි 23/24     - සදර්න් මොන්සූන් රැළිය
අගෝස්තු 05/06/07    - ලෝටස් රැළිය
අගෝස්තු 27/28     - ගජබා සුපර්ක්‍රොස් තරගාවලිය    - සාලියපුර
සැප්තැම්බර් 10/11     - පන්නල කළාප මෝටර් රථ තරගාවලිය 1    - පන්නල
සැප්තැම්බර් 24/25     - චැම්පියන්ස් සුපර්ක්‍රොස් තරගාවලිය
ඔක්තෝම්බර් 08/09     - කොළඹ අභියෝගතා රැළිය 2
ඔක්තෝම්බර් 22/23     - රොදර්හැම් කළාප මෝටර් රථ තරගාවලිය - කටුකුරුන්ද
නොවැම්බර් 12/13     - පන්නල කළාප මෝටර් රථ තරගාවලිය 2    - පන්නල
නොවැම්බර් 26/27    - ට‍්‍රැක් රේස් තරගාවලිය 2

 

ඡායාරූපය - ශානුක අරවින්ද


අදහස් (0)

මෝටර් රථ තරගකරුවන්ට කාර්යබහුල වසරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.