Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහයෙන් ‘නරියාකන්ද සුපර් ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය දියතලාව යුද හමුදා අභ්‍යාස ආයතනයට අයත් නරියා කන්දේදී හෙට (18 වැනිදා) පැවැත්වේ.
ඉකුත් වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස ශූරතා දිනාගත් දිනේෂ් දෙහෙරගොඩ, මේ වසරේ තරගාවලියට සහභාගී නොවන බැවින් මෙවර මෝටර් රථ කාණ්ඩයේ ශූරතාව කී‍්‍රඩකයන් කිහිප දෙනෙකුටම විවෘතව පවතී.
එම කී‍්‍රඩකයන් අතර අරවින්ද පේ‍්‍රමදාස, පසිඳු පීරිස් සහ අශාන් සිල්වා ඉදිරියෙන්ම සිටින අතර ඉෂ්රක් වහබ්, ජනක ඩයස්, මිස්සක නවීන් සහ දමිත් වීරසිංහ වැනි කී‍්‍රඩකයන්ටද මෝටර් රථ ශූරතාව දිනාගැනීම සඳහා අවස්ථාව තිබේ.
නරියාකන්ද තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස වැඩිම වාර ගණනක් සම්මාන දිනා ඇත්තේ අරවින්ද පේ‍්‍රමදාස වන අතර අවසන් වරට (2013 වසරේදී) එම ශූරතාවට හිමිකම් කියා ඇත්තේ අශාන් සිල්වායි.
මේ වසරේදී පැවැත්වෙන පළමු සුපර් ක්‍රොස් තරගාවලිය නරියාකන්ද තරගාවලිය වන බැවින්ද, දක්ෂතම මෝටර් රථ රියැදුරා තොරාගනු ලබන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ තරග සඳහා වැඩිම තරගකරුවන් පිරිසක් සහභාගී වන්නේ මෙම තරගාවලියේදී බැවින්ද නරඹන්නන්ට වඩාත් උණුසුම් තරගයක් බලාපොරොත්තු විය හැකිය.
ඉකුත් වසරේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත් ඉන්දීය කී‍්‍රඩක කේ. පී. අරවින්ද් මෙවර තරගාවලියටද සහභාගී වන අතර ඔහුට අභියෝගයක් එල්ල කළ හැකි කී‍්‍රඩකයන් අතර ගයාන් සඳරුවන් සහ ෂෙහාන් සී. අධිකාරි පෙරමුණේ පසුවෙති.
තවද ඉෂාන් දසනායක, සමීර පේ‍්‍රමරත්න, දේෂාන් සොලංකි, ජැක් ගුණවර්ධන සහ ඉන්දීය ක‍්‍රීඩක හරිත් නෝවා වැනි කී‍්‍රඩකයන්ටද යත-ුරුපැදි ශූරතාව දිනාගැනීම සඳහා අවස්ථාවක් පවතී.
නරියාකන්දේදී යතුරුපැදි ශූරතාව වැඩිම වාර ගණනක් දිනාගෙන ඇත්තේ ගයාන් සඳරුවන් වන අතර අවසන් වරට (2013 වසරේදී) ඊට හිමිකම් කීවේ ඇත්තේ ෂෙහාන් සී. අධිකාරිය.
දක්ෂතම යතුරුපැදිකරුවා තොරාගනු ලබන එම්. එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) යතුරුපැදි තරග 2 සඳහා මෙවර යුද හමුදාව, හොණ්ඩා, එක්සයිඞ්, සියැට් සහ ටී. වී. එස්. යන කණ්ඩායම් නියෝජනය කරමින් තරගකරුවන් 14 දෙනක් පමණ සහභාගීවීම එහි තරගකාරීත්වය තවත් වැඩි වීමට හේතුවනු ඇත.
තරගාවලියේ ප‍්‍රධානම ඉසව් වන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ තරග 2 සහ එම්. එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) යතුරුපැදි තරග 2 ද සමගින් ඉසව් 24 කින් මෙවර තරගාවලිය සමන්විත වන අතර ඊට මෝටර් රථ තරග 13 ක් සහ යතුරුපැදි තරග 11 ක් අන්තර්ගත වේ. තරගාවලියට සහභාගීවීමට නියමිත තරගකරුවන් සංඛ්‍යාව 200 කට අධිකය.
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය සහ ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) එක්ව 23 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස හුවාවි සමාගම කටයුතු කරන අතර සියැට්, එක්සයිඞ්, ජෝන් කීල්ස්, කොකා කෝලා සහ එලිෆන්ට් හවුස් යන ආයතනය එහි සම අනුග‍්‍රාහකයෝ ලෙස කටයුතු කරති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.