Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රෙඩ් බුල් සමාගම සංවිධානය කරන ‘ප‍්‍රාථමික මෝටර් රථ’ තරගාවලිය මේ මස 28 සහ 29 යන දින වලදී මීරිගම ‘කැන්වේ ඔටෝඩ්‍රෝම්’ ධාවන පථයේදී පැවැත්වේ. මෙම තරගාවලිය ‘රෙඩ් බුල් කාට් ෆයිට්’ යනුවෙන් නම්කර තිබේ.
මෙම තරගාවලියේ ජයග‍්‍රාහකයාට එංගලන්තයේ මිල්ටන් කේන්ස්හි පිහිටා ඇති රෙඞ්බුල් රේසිං ගරාජය නැරඹීමේ අවස්ථාවක් හිමිවන අතර, සිල්වර්ස්ටෝන් ගෝන් පී‍්‍ර ධාවන පථයේ තමන් කැමති මෝටර් රථයක් ධාවනය කිරීමේ අවස්ථාවක්ද හිමිවනු ඇත.
තරගාවලිය පැවැත්වෙන මීරිගම කැන්වේ ඔටෝඩ්‍රෝම් ධාවන පථය කෙළින් තීරු, වංගු සහ විවිධ ආනති යන තුන් ආරයෙන්ම සමන්විත වන අතර එහි දුර ප‍්‍රමාණය මීටර් 1500 කි.
ඉන්දියාවේ රේස් ක‍්‍රාෆ්ට් සමාගම සහ මීගමුව මෝටර් රථ කී‍්‍රඩා සංගමය මෙම තරගාවලිය මෙහෙයවයි.
www.redbull.com/kartfight.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තරගාවලිය පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට සහ තරගාවලියට අයැදුම් කිරීමට හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.