Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික කී‍්‍රඩා විද්‍යායතනයේදී අද (27 වැනිදා) පැවැති ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමට සමගාමීව පැවැති නිලවරණයේදී නව සභාපතිවරයා ලෙස රොඞ්නි මේසන් මහතා තේරී පත්විය. රොඞ්නි මේසන් මහතා ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපතිවරායාද වේ.
කාල්ටන් මෝටර් රථ සංගමයේ ලේකම් වරයා ලෙස කටයුතු කරන ජාලිය ජයසේකර මහතා ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා සංගමයේ ලේකම් තනතුර සඳහා තේරී පත්විය. සභාපති තනතුර සඳහා රොඞ්නි මේසන් මහතා සමග අමීන් ඞීන් මහතා තරග වැදුන අතර ලේකම් තනතුර සඳහා ජාලිය ජයසේකර මහතා සමගින් නමාස් ෆවුසි මහතා තරග වැදුණේය.
ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා සංගමය සඳහා වසර දෙකකට ආසන්න කායලක් අතුරු කමිටුවක් කි‍්‍රයාත්මක වූ අතර අතර අතුරු කමිටු පරිපාලනය නිමා කරමින් මෙම නිලවරණය පැවැත්විණ.
ආසියානු මෝටර් රේසිං කී‍්‍රඩා සංගමය, මීගමුව මෝටර් රථ කී‍්‍රඩා සංගමය, මෝටර් රේසිං කී‍්‍රඩා සංගමය, ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා යතුරුපැදි කී‍්‍රඩා සංගමය, සිලෝන් මෝටර් රථ කී‍්‍රඩා සංගමය, සදර්න් මෝටර් රථ කී‍්‍රඩා සංගමය, ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය සහ කාල්ටන් මෝටර් රථ සංගමය යන කී‍්‍රඩා සංගම් වල නියෝජිතයන් පිරිසක් මෙම නිලවරණයේදී ඡන්දය භාවිතා කළහ.
එහිදී කී‍්‍රඩා සංගම් 2 කට ඡුන්ද අයිතිය ලබාදීම පිළිබඳව විරෝධතා ඉදිරිපත් වුවද කී‍්‍රඩා අධ්‍යක්ෂක රංජනී ජයකොඩි මහත්මිය සහ කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා මැදිහත්ව එම විරෝධතාවය නිශ්ප‍්‍රභා කරමින් ඔවුන්ටද ඡන්ද අයිතිය ලබාදීමට කටයුතු කළහ.
ඉකුත් වසර තුළදී එක් තරගාවලියක් පමණක් සංවිධානය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය ඡන්ද භාවිතා කිරීමට එරෙහිව විරෝධතාවක් ඉදිරිපත්වී තිබූ අතර මෝටර් රථ කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ රැදී සිටි කාලසීමාව අඩුවීම හේතුවෙන් ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය ඡන්ද භාවිතා කිරීමට එරෙහිව විරෝධතාවක් ඉදිරිපත්වී තිබිණ.
නිලධාරී මණ්ඩලය
සභාපති -: රොඞ්නි මේසන් (ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය)
ලේකම් -: ජාලිය ජයසේකර (කාල්ටන් මෝටර් රථ සංගමය)
උප සභාපතිවරු :- ආනන්ද ජයසේකර (ශ්‍රී ලංකා යතුරුපැදි කී‍්‍රඩා සංගමය) සහ අශ්හර් අමීන් (සදර්න් මෝටර් රථ කී‍්‍රඩා සංගමය)
උප ලේකම් :- ෂෙහාන් තිසේරා (ආසියානු මෝටර් රේසිං කී‍්‍රඩා සංගමය)
භාණ්ඩාගාරික -: තිලක් පීරිස් (ශ්‍රී ලංකා යතුරුපැදි කී‍්‍රඩා සංගමය)
උප භාණ්ඩාගාරික -: ඩිෂාන් ගුණසේකර (සදර්න් මෝටර් රථ කී‍්‍රඩා සංගමය)
කමිටු සාමාජිකයෝ :- ටී. ජී. ගාමිණි සහ සුනන්ද පියල් (මීගමුව මෝටර් රථ කී‍්‍රඩා සංගමය), මහේෂ් ගම්මන්පිල සහ එස්. ඞී. විජේසිරි (ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය), පුබුදු වික‍්‍රම සහ ගාමිණී කවිකාර (ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය), ඬේවිඞ් ටොඞ් සහ රයන් ගේ‍්‍ර (මෝටර් රේසිං කී‍්‍රඩා සංගමය), එම්. එච්. හේරත් සහ පී. එස්. ජිනසේන (සිලෝන් මෝටර් රථ කී‍්‍රඩා සංගමය), ඇන්ඩෘ සිල්වා සහ දක්ෂීණ අමරසිංහ (සදර්න් මෝටර් රථ කී‍්‍රඩා සංගමය), අජිත් හේමචත්ද්‍ර සහ අනිල් ජයකොඩි (ශ්‍රී ලංකා යතුරුපැදි කී‍්‍රඩා සංගමය), සංජීව පියසේන සහ ශිරන් සැමුවෙල් (කාල්ටන් මෝටර් රථ සංගමය), ආර්. හල්පිට සහ බි‍්‍ර පොන්නම්බලම් (ආසියානු මෝටර් රේසිං කී‍්‍රඩා සංගමය)
ඡායාරූපය - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.