Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner වලව සුපර් ක්‍රොස් 13 වැනිදා

වලව සුපර් ක්‍රොස් 13 වැනිදා

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ති‍්‍රක ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සමග එක්ව පස්වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘වලව සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ මස 13 වැනිදා පෙරවරු 9.00 සිට උඩවලව ජාතික වන උද්‍යනය අසල පිහිටි සෙවනගල යුද හමුදා ධාවන පථයේදී පැවැත්වේ.


ඉසව් 25 කින් සමන්විත වන මෙම තරගාවලියට මෝටර් රථ තරග ඉසව් 11 ක් සහ යතුරුපැදි ඉසව් 14 ක් ඇතුළත්වේ. දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ මෝටර රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන්ද සමගින් තරගකරුවන් 200 කට ආසන්න සංඛ්‍යාවන් මෙම තරගාවලියට සහභාගී වීමට නියමිතය.


යුද්ධයේදී ජීවිත අහිමි වූ සහ ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ගේ පවුල් වල සහ  විදුලි හා යාන්ති‍්‍රක ඉංජිනේරු රෙජිමේන්තුවේ දැනට සේවය කරන රණවිරුවන්ගේ සුභසාධන කටයුතු සඳහා ප‍්‍රතිපාදන එක්රැුස් කිරීම මෙම තරගාවලිය සංවිධානය කිරීමේ ප‍්‍රධාන අරමුණයි.


ඉකුත් වසරේ පැවති ‘වලව සුපර් ක්‍රොස්’ තරගාවලියේදී යතුරුපැදි අංශයෙන් වැඩි දස්කම් දැක්වීමට ෂෙහාන් සී. අධිකාරිද, මෝටර් රථ අංශයෙන් වැඩි දස්කම් දැක්වීමට රවී මායාදුන්නේද සමත්වූහ. එහිදී සමීර පේ‍්‍රමරත්න, ඉමාල් මංචනායක සහ ළහිරු ජීවන්ත යතුරුපැදි අංශයේ ද්විත්ව ජයග‍්‍රහණ වාර්තා කිරීමට සමත් වූ අතර කුෂාන් පීරිස් මෝටර් රථ අංශයේ ද්විත්ව ජයග‍්‍රහණයක් අත්කර ගැනීමට සමත් විය.


මෙම තරගාවලියට සමගාමීව මෝටර් රථ ධාවන පථයේදීම මවුන්ටන් පාපැදි තරග 2 ක්ද පැවැත්වීමට සංවිධායකයන් කටයුතු සූදානම් කර ඇත. එහිදී විවෘත (පිරිමි) මවුන්ටන් පාපැදි තරගයක් සහ වයස 19 න් පහළ (පිරිමි) මවුන්ටන් පාපැදි තරගයක් පැවැත්වේ.


එම පාපැදි තරග දෙකට සහභාගී වීමට අවශ්‍ය තරගකරුවන් මේ මස 10 වැනිදාට පෙර යුද හමුදා පාපැදි කමිටුව, රෙජිමේන්තු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ති‍්‍රක ඉංජිනේරු රෙජිමේන්තුව, තැ.පෙ. 553, කොළඹ’ යන ලිපිනයට හෝ 011x2433924 යන ෆැක්ස් අංකයට සිය අයැදුම් පත් යොමුකළ යුතුය.


පාපැදි තරග සම්බන්ධව වැඩි දුර විස්තර 071x8204242 යන දුරකතන අංකය ඔස්සේ මේජර් ඞී. එම්. එස්. බණ්ඩාර මහතා ඇමතීමෙන් දැනගත හැකිය.


තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස කෝස්වේ පේන්ට්ස් සමාගම කටයුතු කරන අතර  අතර සම අනුග‍්‍රහකයන් ලෙස සියැට්, ඞීමෝ සහ සිලොන් කෝල්ඞ් ස්ටෝර්ස් යන ආයතන සහ සමාගම් කටයුතු කරති.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කෝස්වේ පේන්ට්ස් සමාගමේ සාමාන්‍ය අධිකාරී වී. කිරිදරන් මහතා විසින් බිගේඩියර් එල්. රාජකරුණා මහතාට අනුග‍්‍රාහක චෙක්පත පිරිනැමූ අයුරු....

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

තරගාවලියේ සම අනුග‍්‍රාහක සියැට් සමාගම නියෝජනය කරමින් එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ශිවාන් ජයසූරිය මහතා, බිගේඩියර් එල්. රාජකරුණා මහතාට අනුග‍්‍රාහක චෙක්පත පිරිනැමූ අයුරු....

ඡායාරූප : - ශානුක අරවින්ද

 


අදහස් (0)

වලව සුපර් ක්‍රොස් 13 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.