Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සියැට් - ස්ලාඩා ශූරතාවලියේ මෝටර් ක්‍රොස් අවසන් අදියර වන ‘ගජබා සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය හෙට (31 වැනිදා) පෙරවරු 9.00 සිට අනුරාධපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය විසින් මෙතෙක් පවත්වනු ලැබූ තරගාවලි හතර (සීගිරිය රැලික්‍රොස්, ෆොක්ස්හිල් සුපර් ක්‍රොස්, කැවල්රි සුපර් ක්‍රොස් සහ ගනර්ස් සුපර් ක්‍රොස්) අවසානයේ ෂෙහාන් සී. අධිකාරි ප‍්‍රසාද ලකුණු 67 ක් ලබාගෙන යතුරුපැදි අංශයෙන්ද, අරවින්ද පේ‍්‍රමදාස ප‍්‍රසාද ලකුණු 58 ක් ලබාගෙන මෝටර් රථ අංශයෙන්ද පෙරමුණේ පසුවෙති.
ගයාන් සඳරුවන් (ලකුණු 60) සහ අශාන් සිල්වා (ලකුණු 41) ලබාගෙන පිළිවෙළින් යතුරුපැදි සහ මෝටර් රථ අංශ වල ෂෙහාන්ට සහ අරවින්දට පසුපසින් රැදීසිටිති.
අවසන් වරට මින්නේරියේ පැවති ගනර් සුපර්ක්‍රොස් තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියදුරා බවට පත්වීමටද අරවින්ද පේ‍්‍රමදාස සමත්විය. අශාන් සහ අරවින්ද අතර පවතින පරතරය ලකුණු 17 ක් වුවත්, අශාන්ට එරෙහිව පවතින තරග තහනම නිසා ඔහුට මෙම තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමිවී තිබේ. ඒ හේතුවෙන් මේ වසරේ ස්ලාඩා - සියැට් මෝටර් රථ ශූරතාව දිනාගැනීමට අරවින්ද පේ‍්‍රමාදාසට ඇති ඉඩකඩ ඉතා ඉහළ මට්ටමක පවතී.
මොවුන් දෙදෙනාට අමතරව උෂාන් පෙරේරා සහ ඉශ්රාක් වහබ් පිළිවෙළින් ලකුණු 38 ක් සහ 37 ක් බැගින් ලබා ප‍්‍රසද ලකුණු සටහනේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන වල රැදීසිටිති.
ගනර් සුපර්ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදි ධාවකයා බවට පත්වූ ෂෙහාන් සී. අධිකාරිට මෙම තරගාවලියේදීද දක්ෂතම යතුරුපැදි ධාවකයා බවට පත්වීමට වැඩි ඉඩක් තිබුණද, එහිදී ඔහුට වඩා අත්දැකීම බහුළ ගයාන් සඳරුවන්ගෙන් ඔහුට එල්ල විය හැකි පීඩනය සුළු පටු නොවේ.
ගජබා සුපර්ක්‍රොස් තරගාවලියේදී පරාජය වුවහොත් ෂෙහාන්ට මේ වසරේ ස්ලාඩා - සියැට් ශූරතාව අහිමිවීමටද ඉඩ කඩ තිබේ. එය රැකගැනීමට නම් අවම වශයෙන් ඔහු, මෙම තරගාවලියේදී සහභාගී වන තරග දෙකේදී එක් දෙවැනි ස්ථානයක් සහ එක් තෙවැනි ස්ථානයක්වත් ලබාගත යුතුව ඇත.
ෂෙහාන්ගේ තවත් ප‍්‍රබල ප‍්‍රතිවාදියකු වන ඉශාන් දසනායකද මෙවර තරගාවලියට සහභාගීවන අතර සමීර පේ‍්‍රමරත්න, ජැක් ගුණවර්ධන, ළහිරු ජීවන්ත, දේශාන් සෝලංකි සහ මිතුන් ජයසංක සිගේරා යන ප‍්‍රමුඛ පෙලේ යතුරුපැදි ධාවකයෝද තරගාවලියට එක්ව සිටිති.
දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරා ගැනීම සඳහා වන තරගද ඇතුළත්ව තරග ඉසව් 22 කින් සමන්විත වන මෙවර තරගාවලියට මෝටර් රථ ඉසව් 10 ක් සහ යතුරුපැදි ඉසව් 12 ක් ඇතුලත්වේ.
තරගාවලියට සහභාගීවීමට නියමිත තරගකරුවන් සංඛ්‍යාව 200 කට ආසන්න වන අතර ටී. වී. එස්. කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය යතුරුපැදි ධාවකයෝ දෙදෙනෙක්ද ඊට ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙසත්, විජය පුවත්පත් ආයතනය තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රාහකයා ලෙසත් කටයුතු කරයි.
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.