Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දහස් සංඛ්‍යාත නරඹන්නන්ගේ ඔල්වරසන් මැදින් අවසන් මෝටර් ක්‍රොස් තරගය ජයගැනීමට ගයාන් සඳරුවන් නරඹන්නන්ගේ මනදොළ පිරවීමට සමත් වූ නමුත් සියැට් - ස්ලාඩා ශූරතාවලියේ අවසන් අදියර වන ‘ගජබා සුපර් ක්‍රොස්’ 2014 තරගාවලියේදී දක්‍ෂතම යතුරුපැදිකරු ලෙසින් සම්මාන දිනාගැනීමට ෂෙහාන් සී. අධිකාරී සමත් විය. මෝටර් රථ රියැදුරන් අතරේ අති විශිෂ්ට දස්කම් පෙන්වූ ජනක ඩයස් දක්‍ෂතම රියැදුරාට හිමි ගජබා සුපර් ක්‍රොස් ශූරතාව දිනාගත්තේය.
ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය විසින් මෙතෙක් පවත්වනු ලැබූ තරගාවලි හතර (සීගිරිය රැලික්‍රොස්, ෆොක්ස්හිල් සුපර් ක්‍රොස්, කැවල්රි සුපර් ක්‍රොස් සහ ගනර්ස් සුපර් ක්‍රොස්) අවසානයේ ප‍්‍රසාද ලකුණු 67 ක් ලබාගෙන යතුරුපැදි අංශයෙන් පෙරමුණ ගෙන සිටි ෂෙහාන් සී. අධිකාරි සාලියපුරදීත් දක්‍ෂතම යතුරු පැදි තරගකරුවා ලෙසින් සම්මාන දිනාගත්තේය.
අතීතයේදී මෝටර් රථ ධාවන පථයේ පෙරළි පිට පෙරළි කළ තරගකරුවකු වූ අරවින්ද පේ‍්‍රමදාස නොසිතූ අයුරින් පසුසට ඇද දමමින් ධාවන පථයට අලූතින් එක්වූ තරගකරුවන් වඩාත් කැපී පෙනෙන දස්කම් දක්වමින් ධාවන පථයේ දිගු ගමනක් යාමට සැරසෙන බවක් දක්නට තිබිණ. තවමත් යන්තම් 18 වැනි විය සපුරා සිටින දමිත් වීරසිංහ සහ දිනෙන් දින හිස ඔසවමින් සිටින ජනක ඩයස් එවන් එක් තරගකරුවෝ දෙදෙනෙකි.
මිට්ෂුබිෂි එවොලූෂන් සහ හොණ්ඩා ඊ.ජී. 06 වර්ගයේ මෝටර් රථ දෙකකින් ගජබා ධාවන පථයට පිවිසි දමිත් වීරසිංහ ඉසව් කිහිපයකදීම ජයග‍්‍රාහකයන්ගේ පුවරුවට නැගීමට සමත් විය. තරගාවලියේ වඩාත්ම තියුණු මෝටර් රථ ඉසව්ව වන සිලින්ඩර් ධාරිතාව 3500 ක් දක්වා වියහැකි වේගවත්ම මෝටර් රථ ඉසව්වේදී පළපුරුදු තරගකරුවකු වන අරවින්ද පේ‍්‍රමදාස පසුපසට ඇද දමමින් දමිත් වීරසිංහ දැක්වූ දස්කම් ඔහුගේ අනාගතය පිළිබඳ කදිම පූර්විකාවක් විය.
සිලින්ඩර ධාරිතාව 1050 දක්වා වූ නවීකරණය කරන ලද මෝටර් රථ ඉසව්වේ කාලය මැනීම අනුව ස්ථානගත අංක 1 හිමිකරගත් දමිත් වීරසිංහ කිසිදු අපහසුවකින් තොරවම එම ඉසව්ව ජයගත් අතර එහිම වඩාත් බලසම්පන්න මෝටර් රථ තරග වලදී සජාඞ් සුහේර් අති විශිෂ්ඨ ධාවනයක නිරත වෙමින් තරග කිිහිපයකම ජයග‍්‍රාහකයාද විය.
සිලින්ඩර් ධාරිතාව 1300 දක්වා වන ෆෝඞ් ලේසර්/මැස්ඩා කාණ්ඩයේ මෝටර් රථ අතරේ කවදත් ශූරයා වන උපුල්වන් සේරසිංහ මෙවරත් එම ඉසව්වේ ශූරයා විය. උපුල්වන් සමගින් සියැට් කණ්ඩායම නියෝජනය කරන ජනක ඩයස්, ලලින් කිරින්දේ, ප‍්‍රසන්න ද අල්විස්, උෂාන් පෙරේරා, කර්නල් දුමින්ද ජයසිංහ සහ කර්නල් ඉන්දු සමරකෝන් වැනි රියැදුරන්ගේ දස්කම් හේතුවෙන් 2014 ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේ දක්‍ෂතම කණ්ඩායම ලෙස සියැට් කණ්ඩායම සම්මාන දිනාගත්තේය.
‘යමහා වයි. ඉසෙඞ්’ වර්ගයේ යතුරු පැදියක නැගී, සිලින්ඩර් ධාරිතාව 100 සිට 125 දක්වා වූ (ද්වි පහර) මෝටර් ක්‍රොස් තරගයේදී සාර්ථක ආරම්භයක් ලබාගත් සමීර පේ‍්‍රමරත්න කිසිදු අපහසුවකින් තොරවම තරගය ජයගනිමින් තමන් විසින් තරගයට පෙරදා දක්වා රැුකගෙන ආ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ආරක්‍ෂා කරගත්තේය. එම ඉසව්වේම දෙවැනි තරගයේදී හොඳ ආරම්භයක් ලබාගත් ඉෂාන් දසනායකට අමතක නොවන පාඩමක් ඉගැන්වූ සමීර තරගය ජයගත්තේ තරගය නිමා වීමට මීටර 30 ක් පමණ තිබියදී පෙරමුණේ සිටි දසනායකගේ දශමයක පමාවකින් ප‍්‍රයෝජන ගනිමිනි.
තරග වට 4 කින් සමන්විත මෙම තරගයේදී ඉතාමත් සාර්ථක ආරම්භයක් ලබාගත් ඉෂාන් දසනායක අවසන් වටයේ අවසන් මීටර 50 දක්වා පෙරමුණ රැකගැනීමට සමත් වූයේ සමීර පේ‍්‍රමරත්න දෙවැනි තැනටත් ෂෙහාන් සී. අධිකාරී තුන්වැනි තැනටත් සීමා කරමිනි. එහෙත් තරගය නිමා වීමට මීටර 30 ක් පමණ තිබියදී වම් උරහිසට ඉහළින් පසුපස බැලූ ඉෂාන් ඇසිපිය හෙළන පමාවෙන් දකුණු පසින් ඔහු පසුකර ගිය සමීර පේ‍්‍රමරත්න තරගය ජයගත්තේය.
”මට පාරෙ බැහැල යන්න තිබුණ එකත් මේකා නැතිකළා” යයි තරගයෙන් පසුව ඉෂාන් දසනායක කීවේ තම ප‍්‍රතිවාදියාගේ දස්කම හදවතින්ම අගය කරමිනි.
ෂෙහාන් සී. අධිකාරී එම තරගයේදී තුන්වැනි ස්ථානයට පත්වූ නමුත් සෙසු තරග වලදී පෙන්වූ දස්කම් මෙන්ම ඉසව් දෙකක්ම ජයගනිමින් ළහිරු ජීවන්ත දැක්වූ විශිෂ්ට දස්කම් නිසා එක්සයිඞ් කණ්ඩායම විසින් යතුරු පැදි කණ්ඩායම් ශූරතාව දිනාගන්නා ලදි.
සිලින්ඩර ධාරිතාව 100 ත් 125 ත් අතර නවීකරණය කරන ලද යතුරු පැදි ඉසව්වේදී ද්විත්ව පැන්නුමකින් යතුරු පැදි මෙහෙයවද්දී ඩැරන් ගෝමස් සහ නිෂාන්ත වික‍්‍රමගේ ගුවනේදීම එකිනෙකා ගැටුණු නමුත් දෙදෙනාම බරපතළ තුවාල නොලබා ගැලවුණහ.
වයස අවුරුදු 7 ත් 10 ත් අතර දරුවන් වෙනුවෙන් පැවැති මෝටර් ක්‍රොස් තරගයේදී පහසු ජයක් අත්කරගත් තාරුක රුමේෂ් ද සිල්වා කුඩාම තරගකරුවන් අතරේ දක්‍ෂතම මෝටර් ක්‍රොස් තරගකරුවා ලෙසින් ගජබා සුපර් ක්‍රොස් සම්මානය දිනාගත්තේය.
මෙම තරගාවලිය අනුරාධපුර, සාලිය පුර, යුද හමුදා කඳවුරේදී පසුගිය ඉරිදා (31 වැනිදා) පැවැත්විණ. ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කරන ලදි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙසත්, විජය පුවත්පත් ආයතනය තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රාහකයා ලෙසත් කටයුතු කළේය.
ගජබා සුපර් ක්‍රොස් තරග ප‍්‍රතිඵල
ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය (වයස 13 න් පහළ)
1 භානුක රත්නායක
2 ලක්දිනු ගුණසේකර
3 සිවිඳු තෙනෙහාල්
ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය (වයස 10 න් පහළ)
1 තාරුක රුමේෂ්
2 කේසර ගොඩගේ
3 ජේ. එම්. එන්. ඒ. බණ්ඩාර
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගය
1 උපුල්වන් සේරසිංහ
2 කසුන් පෙරේරා
3 ප‍්‍රසන්න ද අල්විස්
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදිතරගය (වයස 16 න් පහළ)
1 බිනුල කිතලගම
2 කසුන් තාරක
3 කවිඳු කෙවිටියාගල
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රයල්)
1 නිහාල් විජේරත්න
2 ඊ. ඒ. පී. එන්. එදිරිසිංහ
3 ජී. ආර්. කේ. විජේසේකර
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 සජාඞ් සුහේර්
2 ජනක ඩයස්
3 දමිත් වීරසිංහ
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සන්නද්ධ සේවා රේසිං යතුරුපැදි තරගය
1 සමීර පේ‍්‍රමරත්න
2 නිහාල් විජේරත්න
3 ඊ. ඒ.පී. එන්. එදිරිසිංහ
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රයල්)
1 ළහිරු ජීවන්ත
2 සම්පත් කුමාර
3 ආර්. එම්. සෆ්රාස්
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 ඉෂ්රාක් වහාබ්
2 ඩිලාන් සෙනෙවිරත්න
3 ජනක ඩයස්
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය
1 සමීර පේ‍්‍රමරත්න
2 ඉෂාන් දසනායක
3 ෂෙහාන් සී. අධිකාරි
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීකරණය කරන ලද මෝටර් රථ
1 දමිත් වීරසිංහ
2 බිනර පඬුවාවල
3 කේ. පරමේශ්වරන්
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය
1 සජාඞ් සුහායිර්
2 මිස්සක නවීන්
3 ඉන්දු සමරකෝන්
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රයල්)
1 ලහිරු ජීවන්ත
2 සම්පත් කුමාර
3 දිනේෂ් අනුරාධ
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගය
1 උපුල්වන් සේරසිංහ
2 කෞෂාල් සමරසිංහ
3 චමින්ද වීරසූරිය
ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ මෝටර් රථ තරගය
1 ඉෂ්රාක් වහාබ්
2 දිනේෂ් සේනානායක
3 රවී මායාදුන්නේ
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් පළමු යතුරුපැදි තරගය
1 ඉෂාන් දසනායක
2 ෂෙහාන් සී. අධිකාරි
3 ජැක්ස් ගුණවර්ධන
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය
1 සජාඞ් සුහායීර්
2 ජනක ඩයස්
3 දමිත් වීරසිංහ
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපිරි යතුරුපැදි
1 උදික ශ්‍රීමාල් මලවිගේ
2 ආනන්ද වෙඩිසිංහ
3 සුරාජ් පෙරේරා
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය
1 ජනක ඩයස්
2 කමල් ප‍්‍රසන්න
3 දමිත් වීරසිංහ
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් දෙවැනි යතුරුපැදි තරගය
1 ගයාන් සඳරුවන්
2 ෂෙහාන් සී. අධිකාරී
3 ජැක්ස් ගුණවර්ධන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.