Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner සියැට් - ස්ලාඩා සම්මාන රාති‍්‍රය 15 දා

සියැට් - ස්ලාඩා සම්මාන රාති‍්‍රය 15 දා

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

සියැට් -ස්ලාඩා කුසලාන මෝටර් රථ තරගාවලි මාලාවේ දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා ඇගයෙන සම්මාන රාති‍්‍රය මේ මස 15 වැනිදා බොරලැස්ගමුව ගෝල්ඩන් රොස් උත්සව ශාලාවේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සහ සියැට් කැලණි සමාගම එක්ව සංවිධානය කරන ෆොක්ස්හිල් සුපර්ක්‍රොස්, සීගිරි රැළික්‍රොස්, කැවල්රි සුපර්ක්‍රොස්, ගනර්ස් සුපර්ක්‍රොස්, ගජබා සුපර්ක්‍රොස් සහ කටුකුරුන්ද රොදර්හැම් තරගාවලි 6 අවසානයේ කී‍්‍රඩකයන් ලබාගත් ලකුණු සංඛ්‍යාවන්ගේ එකතුව අනුව මේ වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරා ගැනීමට නියමිතය.

එහිදී දක්ෂතම මෝටර් රථ රියැදුරාට හිමි සම්මානය දිනාගැනීම සඳහා ප‍්‍රමුඛ පෙළේ තරගකරුවන් වන අරවින්ද පේ‍්‍රමදාස, ජනක ඩයස්, උෂාන් පෙරේරා සහ ඉෂ්රාක් වහබ් තරග වැදී සිටිති.

ගනර් සුපර්ක්‍රොස් තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගත් අරවින්ද පේ‍්‍රමදාස සහ ගජබා සුපර්ක්‍රොස් තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගත් ජනක ඩයස්, ඔවුන් අතර ඉදිරියෙන්ම සිටිති.

දක්ෂතම යතුරුපැදිකරුවාට හිමි සම්මානය තමන් සතුකර ගැනීම සඳහා ඉකුත් වසරේ එම සම්මානය දිනාගත් ගයාන් සඳරුවන් සමගින් ෂෙහාන් සී අධිකාරි සහ ඉන්දීය කී‍්‍රඩක කේ. පී. අරවින්ද් තරග වදිති.

ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් සහ සීගිරි රැළික්‍රොස් තරගාවලි වලදී දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත් ඉන්දීය කී‍්‍රඩක කේ. පී. අරවින්ද් සහ කැවල්රි සුපර්ක්‍රොස්, ගනර් සුපර්ක්‍රොස් සහ ගජබා සුපර්ක්‍රොස් තරගාවලි වලදී දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත් ෂෙහාන් සී අධිකාරි එහි පෙරමුණේ පසුවෙති  

දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා සම්මාන වලට අමතරව මෝටර් රථ අංශයේ කාණ්ඩ 5 ක දක්‍ෂතම රියැදුරන්ට සහ යතුරුපැදි අංශයේ කාණ්ඩ 5 ක යතුරුපැදිකරුවන් සඳහාද මෙහිදී සම්මාන පිරිනැමීමට නියමිතය.

 


අදහස් (0)

සියැට් - ස්ලාඩා සම්මාන රාති‍්‍රය 15 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.