Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner සමින් - රහල් රාත්‍රී රැළියේ ශූරයෝ වෙති

සමින් - රහල් රාත්‍රී රැළියේ ශූරයෝ වෙති

රොෂාන් ගුණරත්න - 2015 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සදර්න්

මෝටර් රථ සංගමය සංවිධානය කළ 19 වැනි ‘ජීප් රැුන්ග්ලර්’ රාතී‍්‍ර මෝටර් රථ රැුළියේ සමස්ත ශූරතාව දිනාගැනීමට සමින් අත්තනායක (රියැදුරු) සහ රහල් උළුවිට (සහායක රියැදුරු) සමත් වූහ.


තරගය අවසන් කරන විට ඔවුන් දෙදෙනා ලකුණු 153 ක් අහිමිකරගෙන සිටි අතර ඉන් 59 ක් පළමු අදියරේදීද, 94 ක් දෙවැනි අදියරේදීද අහිමිවිය.


ලකුණු 1222 ක් අහිමිකරගත් සෆ්රාස් ජුනෙයිඞ් (රියැදුරු) සහ ලසිත් රාජපක්ෂ (සහායක රියැදුරු) සමස්ත තරගයේ අනු ශූරතාව හිමිකරගත් අතර ලකුණු 1247 ක් අහිමිකරගත් අසංක රණවන (රියැදුරු) සහ සචිර සමරසිංහ (සහායක රියැදුරු) එහි තෙවැනි ස්ථානයට පත්වූහ.


ඉකුත් වසරේ රාත‍්‍රී මෝටර් රථ රැුළිය ජයගත් නලින් පේ‍්‍රමරත්නට (රියැදුරු) සහ රජිත් උළුවිටට (සහයක රියැදුරු) මෙවර තරගාවලියේදී පස්වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.


තරගාවලියේ පළමු අදියර මාතර සිට තිහගොඩ, යටියන, වැල්ලෙතොට, මාම්බඩ, වැලිගම, කනංකේ, යක්කලමුල්ල, උඩුගම, නියාගම, නාගොඩ සහ හියාරේ යන ප‍්‍රදේශ හරහා ගාල්ල දක්වා පැවැත්විණි.


ගාල්ලේ සිට ඉමදූව, යක්කලමුල්ල, උඩුගම, තවලම, නෙළුව, මොරවක, පිටබැද්දර, අකුරැුස්ස සහ තෙලිජ්ජවිල යන ප‍්‍රදේශ පසුකරමින් මාතර සනත් ජයසූරිය කී‍්‍රඩාංගණයට යාබඳව ඇති වෙරළ තීරයේ සුනාමි ස්මාරකය අසලින් දෙවැනි අදියර අවසන් විය.


ගාල්ලේ සිට මාතර දක්වා ගමන් කිරීමේදී මෙන්ම මාතර සිට ගාල්ල දක්වා නැවත පැමිණීමේදී නිවැරදි ගමන් මාර්ගය සොයා ගනිමින්, කාලය කළමනාකරණය කර ගනිමින් සහ අභියෝග රැුසකට මුහුණ දෙමින් තම මෝටර් රථය පැදවීමට තරගකරුවන්ට සිදුවිණි.


එහිදී ඔවුන් අතින් සිදුවන වැරදි සඳහාද, නියමිතය වේලාවට පෙර හෝ නියමිත වේලාවට පසු පැමිණීම වෙනුවෙන් ලකුණු අහිමිවූ අතර තරගය අවසානයේ අඩුම ලකුණු අහිමිකරගත් රියැදුරු සහ සහායක රියැදුරු සමස්ත තරගයේ ජයග‍්‍රාහකයන් ලෙස නම් කෙරේ.


සමස්ත තරගාවලියේ ජයග‍්‍රාහකයන්ට අමතරව පළමු හා දෙවැනි අදියර ජයග‍්‍රාහකයන් සඳහාද, ආධුනිකයන් සඳහාද, මෝටර් රථ සඳහාද, රැුළිය සඳහා වෙනස්කම් නොකරන ලද මෝටර් රථ සඳහාද, කුසලාන පිරිනැමිණ.


සමස්ථ තරගය

1 සමින් අත්තනායක (රියැදුරු) සහ රහල් උළුවිට (සහායක රියැදුරු) - අහිමි ලකුණු 153
2 සෆ්රාස් ජුනේඞ් (රියැදුරු) සහ ලසිත් රාජපක්ෂ (සහායක රියැදුරු) - අහිමි ලකුණු 1222
3 අසංක රණවන (රියැදුරු) සහ සචිර සමරසිංහ (සහායක රියැදුරු) - අහිමි ලකුණු 1247

පළමු අදියර

1 සමින් අත්තනායක (රියැදුරු) සහ රහල් උළුවිට (සහායක රියැදුරු) - අහිමි ලකුණු 59
2 සෆ්රාස් ජුනේඞ් (රියැදුරු) සහ ලසිත් රාජපක්ෂ (සහායක රියැදුරු) - අහිමි ලකුණු 76
3 එම්. ටී. ද අල්විස් (රියැදුරු) සහ කෝසල පීරිස් (සහායක රියැදුරු) - අහිමි ලකුණු 186

දෙවැනි අදියර

1 සමින් අත්තනායක (රියැදුරු) සහ රහල් උළුවිට (සහායක රියැදුරු) - අහිමි ලකුණු 94
2 සෑම් චන්ද්‍රමෝම (රියැදුරු) සහ එස්. කේ. මෙතුන්සංක (සහායක රියැදුරු) - අහිමි ලකුණු 269
3 යකූබ් අරීෆ් (රියැදුරු) සහ අස්ලම් සලම් (සහායක රියැදුරු) - අහිමි ලකුණු 426

ආධුනිකයෝ

1 ප‍්‍රනීත් මනම්පේරි (රියැදුරු) සහ ඉසුරු අබේසේකර (සහායක රියැදුරු) - අහිමි ලකුණු 2080
2 අනිල් ලොකුගමගේ (රියැදුරු) සහ ලාල් අවෙල්ලක්කගේ (සහායක රියැදුරු) - අහිමි ලකුණු 2378
3 කපිල මහේෂ් (රියැදුරු) සහ දමිඳු තිලකරත්න (සහායක රියැදුරු) - අහිමි ලකුණු 3167

මෝටර් රථ

1 අනිල් ලොකුගමගේ (රියැදුරු) සහ ලාල් අවෙල්ලක්කගේ (සහායක රියැදුරු) - අහිමි ලකුණු 2378
2 එම්. සී. පෙරේරා (රියැදුරු) සහ ජානක රත්නායක (සහායක රියැදුරු) - අහිමි ලකුණු 2496
3 ජානකී අලහප්පෙරුම (රියැදුරු) සහ එස්. කේ. අමන්දා (සහායක රියැදුරු) - අහිමි ලකුණු 2651

වෙනස්කම් නොකරන ලද මෝටර් රථ

1 කසුන් පෙරේරා (රියැදුරු) සහ රමේෂ් මාලංගගේ (සහායක රියැදුරු) - අහිමි ලකුණු 2290
2 කපිල මහේෂ් (රියැදුරු) සහ දමිඳු තිලකරත්න (සහායක රියැදුරු) - අහිමි ලකුණු 3167
3 ජේ. එම්. රාමවික‍්‍රම (රියැදුරු) සහ ටචිත් ඒෂාන් (සහායක රියැදුරු) - අහිමි ලකුණු 3272

 


අදහස් (0)

සමින් - රහල් රාත්‍රී රැළියේ ශූරයෝ වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.