Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner සැපර්ස් 4x4 ජිම්පෝ තරග ඉරිදා

සැපර්ස් 4x4 ජිම්පෝ තරග ඉරිදා

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


යුද හමුදා ඉංජිනේරු බලකාය සහ සිවුසක (ෆෝ වීල්) රියදුරු සංගමය එක්ව සිව්වැනි වරටත් සංවිධානය කරන සැපර්ස් 4x4 ජිම්පෝ’ තරගාවලිය ලබන ඉරිදා (7 වැනිදා) ඇඹිලිපිටිය, තුංකම, යුද හමුදා ඉංජිනේරු පාසල් භූමියේදී පැවැත්වේ.

මෙවර තරගාවලියේදී සාමාන්‍යය, සාමාන්‍ය-නවීරකණය කරන ලද, සිලින්ඩර ධාරිතාව 3000 ට අඩු, සිලින්ඩර ධාරිතාව 3000 ට වැඩි සහ අත්‍යන්ත (එක්ස්ටී‍්‍රම්) යන කාණ්ඩ 5 යටතේ තරග පැවැත්වෙන අතර ඒ සඳහා දෙස් විදෙස් කණ්ඩායම් 18 ක් සහභාගීවීමට නියමිතය. දේශීය කණ්ඩායම් 14 ක්ද, ඉන්දියාව, ඕස්ටේ‍්‍රලියාව සහ මැලේසියාව නියෝජනය කරමින් විදේශීය කණ්ඩායම් 4 ක්ද මෙම තරගාවලියට සහභාගි වෙති.

මෙහි සුදුසුකම් ලබාගැනීමේ මූලික අදියර සහ කාල ගණනය ලබන සෙනසුරාදා (6 වැනිදා) පැවැත්වීමට නියමිතය.

ස්වභාවික පරිසරයක විවිධ රළු ස්වභාවයන්ට සරිලන ආකාරයෙන් බාධක සහිතව යුද හමුදා ඉංජිනේරු පාසලේ මෝටර් රථ ධාවන පථය ඉදිකර ඇත. මෙහි ප‍්‍රධානතම ලක්ෂණය වනුයේ ධාවන ප‍ථයේ කොටසක් අටේ (8) ඉලක්කමේ හැඩයට, ඉහළින් සහ පහළින් ගමන් කරන ආකාරයට දිස්වන අයුරින් තනා තිබීමයි.

මෙම අටේ ඉලක්කමේ හැඩය ගත් ධාවන පථය මධ්‍යයේ හමුදා පාලමකට සමාන ‘කම්පැක්ට් 200’ පාලමක්ද ඉදිකර ඇත.

ඒ ඔස්සේ ධාවනයේ යෙදෙන ධාවකයන්ට එහිදී විවිධ බාධක හමුවන අතර,  අසම භූමියේ සංධි ඇතිවන අයුරින් එම බාධක තනා තිබේ. එහිදී කී‍්‍රඩකයන් ගුරුත්වාකර්ෂණ බලයෙන් එල්ල වන අභියෝග මැඩපවත්වා ගන්නා අයුරුද පරික්‍ෂාවට ලක් කෙරේ. ඉන්පසුව ධාවකයිනට හමුවන්නේ ඪ හැඩයට හාරන ලද මංතීරුවයි, වැලි වලවල් කදු නැංවීම් හා ජල තරණය, මෙහි අනෙකුත් බාධක වේ.


තිස් වසරකට ආසන්න යුද්ධයේදී මියගිය සහ විවිධ ආබාධයන්ට ලක්වූ රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සුභසාධන කටයුතු සඳහා මුදල් රැස්කිරීම මෙම තරගාවලියේ ප‍්‍රධාන අරමුණ බව සංවිධායකයෝ පවසති.  

 

 

 

 

 

 

 

 

 

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


අදහස් (1)

සැපර්ස් 4x4 ජිම්පෝ තරග ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.