Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner සැපර්ස් මොටෝක්‍රොස් ශූරයා ඉෂාන්

සැපර්ස් මොටෝක්‍රොස් ශූරයා ඉෂාන්

ශනුක අරවින්ද - 2015 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇඹිලිපිටිය, තුංකම යුද හමුදා ඉංජිනේරු පාසල් භූමියේදී පැවති ‘සැපර්ස් මොටෝක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනිමට ඉෂාන් දසනායක සමත් විය.

පස්වැනි ‘සැපර්ස් 4x4 ජිම්පෝ’ සිවු සක (ෆෝ වීල්) අභියෝග මෝටර් රථ තරගාවලියට සමගාමීව 4x4 ධාවන පථයද සම්බන්ධවන සේ අලූතින් ඉදිකරන ලද මොටෝක්‍රොස් ධාවන පථයක මෙම තරගාවලිය පැවැත්විණ.

එහිදී ප‍්‍රධානම ඉසව්ව වූ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝ්ක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පැවැති තරග දෙකෙන්ම ජයගනිමින් ඉෂාන් දසනායක තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්විය.

ඉෂාන්ට හොඳ තරගයක් දුන් ජැක් ගුණවර්ධන එම තරග දෙකේම දෙවැනි ස්ථාන හිමිකරගත් අතර බුද්ධික සිල්වා පළමු තරගයේ තෙවැනි ස්ථානයටත්, ඉවෝන් බී. ගුරුසිංහ දෙවැනි තරගයේ තෙවැනි ස්ථානයටත් පත්වූහ.

එහිදී රුග්විද් බාබුජි එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) මොටෝ්ක්‍රොස් (අවුරුදු 16 න් පහළ) යතුරුපැදි ඉසව්වෙන්ද, බුද්ධික සිල්වා එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වෙන්ද, ඉවෝන් බී. ගුරුසිංහ එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) යතුරුපැදි ඉසව්වෙන්ද ද්විත්ව ජයග‍්‍රහණ වාර්තා කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වූහ.

යුද හමුදාවේ ඉංජිනේරු බළකාය, ශී‍්‍ර ලංකා රේසිං යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ අනුග‍්‍රාහකයන් ලෙස වී. වී. කරුණාරත්න මැෂිනරි ඇන්ඞ් ඉක්විප්මන්ට්ස්, සෙනොක් ටේ‍්‍රඞ් කම්බයින්ඞ්, ස්විඩිෂ් ටේ‍්‍රඩිං, සියැට් කැලණි ටයර්, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යන සමාගම් කටයුතු කළේය.  

තරග ප‍්‍රතිඵල

ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි  (අවුරුදු 10 න් පහළ) පළමු තරගය
1 නිම්න අභිෂේක්
2 ගඟන ප‍්‍රනාන්දු
3 සදීප  ඕෂද

ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි  (අවුරුදු 10 න් පහළ) දෙවැනි තරගය
1 දේමිත ජයවර්ධන
1 නිම්න අභිෂේක්
2 ගඟන ප‍්‍රනාන්දු

ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 13 න් පහළ) තරගය
1 බුද්ධික ශී‍්‍ර සඳකැළුම්
2 ඉනුක අමේන්ද්‍ර
3 තාරුක රුමීෂ  

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) මොටෝ්ක්‍රොස් යතුරුපැදි (අවුරුදු 16 න් පහළ) පළමු තරගය
1 රුග්විද් බාබුජී
2 ඞී. එම්. ඞී. කල්හාර
3 බුද්ධික ශී‍්‍ර සඳකැළුම්

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) මොටෝ්ක්‍රොස් යතුරුපැදි (අවුරුදු 16 න් පහළ) දෙවැනි තරගය
1 රුග්විද් බාබුජී
2 ඞී. එම්. ඞී. කල්හාර
3 බුද්ධික ශී‍්‍ර සඳකැළුම්

එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 සමීර පේ‍්‍රමරත්න
2 බුද්ධික ද සිල්වා
3 මධුර පීරිස්

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය
1 බුද්ධික ද සිල්වා  
2 සමීර පේ‍්‍රමරත්න
3 උෂාන් රජිත් සිල්වා

එම්. එක්ස්. කාණ්ඩයේ සන්නද්ධ සේවා (සි. ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි තරගය
1 බුද්ධික ද සිල්වා  
2 සමීර පේ‍්‍රමරත්න
3 උෂාන් රජිත් සිල්වා

එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ
2 සමීර පේ‍්‍රමරත්න
3 අකිල සම්පත්

එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ
2 සමීර පේ‍්‍රමරත්න
3 මධුර පීරිස්

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝ්ක්‍රොස් යතුරුපැදි පළමු තරගය
1 ඉෂාන් දසනායක
2 ජේක්ස් ගුණවර්ධන
3 බුද්ධික ද සිල්වා  

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝ්ක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය
1 ඉෂාන් දසනායක
2 ජේක්ස් ගුණවර්ධන
3 ඉවෝන් බී. ගුරුසිංහ

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

සැපර්ස් මොටෝක්‍රොස් ශූරයා ඉෂාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.