Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner සැපර්ස් මෝටර් රථ ශූරතාව සුරේෂ්ට - රවින්ද්‍රට

සැපර්ස් මෝටර් රථ ශූරතාව සුරේෂ්ට - රවින්ද්‍රට

ශනුක අරවින්ද - 2015 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇඹිලිපිටිය, තුංකම යුද හමුදා ඉංජිනේරු පාසල් භූමියේදී පැවති පස්වැනි ‘සැපර්ස් 4x4 ජිම්පෝ’ සිවු සක (ෆෝ වීල්) අභියෝග මෝටර් රථ තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට සුරේෂ් චතුරංග සහ ඔහුගේ සහායක රියැදුරු රවින්ද්‍ර සංජීව සමත් වූහ.

තරගාවලිය පුරාම සුරේෂ්ට සහ රවින්ද්‍රට ඉතා තියුණු තරගයක් ලබාදුන් චමින්ද දරිජු සහ ඔහුගේ සහායක රියැදුරු දිමුතු ප‍්‍රනාන්දු, සමස්ත අනුශූරතාවට හිමිකරගත්හ. සමස්ථ තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකරගත්තේ මැලේෂියානු ජාතික රියැදුරු ෆ‍්‍රැන්සිස් කෝ සහ ඔහුගේ සහායක රියදුරු අමල් වික‍්‍රමආරච්චිය.

සමස්ත ශූරතාවට අමතරව සිලින්ඩර ධාරිතාව 3000 ට අඩු මෝටර් රථ කාණ්ඩයේ ශූරතාවද සුරේෂ් චතුරංග සහ රවින්ද්‍ර සංජීව සතු වූ අතර එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය මැලේසියානු ජාතික රියැදුරු ෆ‍්‍රැන්සිස් කෝ සහ ඔහුගේ සහායක රියැදුරු අමල් වික‍්‍රමආරච්චි විසින්ද, තෙවැනි ස්ථානය ඉකුත් වසරේ සමස්ථ ශූරතාවට හිමිකම් කී ඉන්දික සංජය (රියැදුරු) සහ නවීන් මාරපන (සහායක රියැදුරු) විසින්ද හිමිකරගන්නා ලදහ.

සිලින්ඩර ධාරිතාව 3000 ට වැඩි මෝටර් රථ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමටද සමස්ත අනුශූරතාව දිනාගත් චමින්ද දරිජු සහ දිමුතු ප‍්‍රනාන්දු සමත් වූ අතර සෑම් සමරසිංහ (රියැදුරු) සහ ධනුෂ්ක සුරවීර (සහායක රියැදුරු) එහි දෙවැනි ස්ථානයට පත්වූහ.  ඕස්ටේ‍්‍රලියාව නියෝජනය කළ රසල් බි‍්‍රන්ස්මීඞ් (රියැදුරු) සහ වෝනර්  ඕර්ලෝෆ්ට (සහායක රියැදුරු) හිමිවූයේ එහි තෙවැනි ස්ථානයයි.  

මෙවර තරගාවලියේ ‘අත්‍යන්ත’ අංශයේ තරග සඳහා කණ්ඩායම් 16 ක් සහභාගී වූ අතර ඊට මැලේසියාව නියෝජනය කළ කණ්ඩායම් 2 ක්, ඉන්දීය කණ්ඩායමක් සහ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් ඇතුළත් විය.

යුද හමුදාවේ ඉංජිනේරු බළකාය, ෆෝ වීල් රියැදුරන්ගේ සංගමය සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ අනුග‍්‍රාහකයන් ලෙස වී. වී. කරුණාරත්න මැෂිනරි ඇන්ඞ් ඉක්විප්මන්ට්ස්, සෙනොක් ටේ‍්‍රඞ් කම්බයින්ඞ්, ස්විඩිෂ් ටේ‍්‍රඩිං, සියැට් කැලණි ටයර්, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යන සමාගම්  කටයුතු කළේය.

තරග ප‍්‍රතිඵල

සමස්ත ශූරතාව
1 සුරේෂ් චතුරංග (රියැදුරු) සහ රවින්ද්‍ර සංජීව (සහයක රියැදුරු)
2 චමින්ද දරිජු (රියැදුරු) සහ දිමුතු ප‍්‍රනාන්දු (සහයක රියැදුරු)
3 ෆ‍්‍රැන්සිස් කෝ (රියැදුරු) සහ අමල් වික‍්‍රමආරච්චි (සහයක රියැදුරු)

සිලින්ඩර ධාරිතාව 3000 ට වැඩි
1 චමින්ද දරිජු (රියැදුරු) සහ දිමුතු ප‍්‍රනාන්දු (සහයක රියැදුරු)
2 සෑම් සමරසිංහ (රියැදුරු) සහ ධනුෂ්ක සුරවීර (සහයක රියැදුරු)
3 රසල් බි‍්‍රන්ස්මීඞ් (රියැදුරු) සහ වෝනර්  ඕර්ලෝෆ් (සහයක රියැදුරු) -  ඕස්ටේ‍්‍රලියාව

සිලින්ඩර ධාරිතාව 3000 ට අඩු
1 සුරේෂ් චතුරංග (රියැදුරු) සහ රවින්ද්‍ර සංජීව (සහයක රියැදුරු)
2 ෆ‍්‍රැන්සිස් කෝ (රියැදුරු) සහ අමල් වික‍්‍රමආරච්චි (සහයක රියැදුරු)
3 ඉන්දික සංජය (රියැදුරු) සහ නවීන් මාරපන (සහයක රියැදුරු)

ඡායාරූප - ශානුක අරවින්ද

 


අදහස් (0)

සැපර්ස් මෝටර් රථ ශූරතාව සුරේෂ්ට - රවින්ද්‍රට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.